කටට රහට මික්ස් රයිස් හදමු.

0
13


සීෆුඩ්ස් කන්න අපි හරිම කැමතියි. රසවත්ව සහ ඉක්මනින් හදා ගන්න පුලුවන්. එග් ඇන්ඩ් සී ෆුඩ්ස් මික්ස් රයිස් එකක රෙසිපි එක තමයි මේ. ඔබේ කෑම මේසය රසවත්කමින් පුරවන්න මේ රයිස් එකට පුලුවන් වේවි.

අවශ්‍ය දේවල්

  • බාස්මති හාල් ග්‍රෑම් 500 යි
  • දැල්ලෝ ග්‍රෑම් 250 යි
  • පොත්ත ඉවත් කළ ඉස්සන් ග්‍රෑම් 200
  • කුඩා කැබලි වලට කැපූ  හතු ග්‍රෑම් 100
  • චොප් කරගත් ලූණු ගෙඩි එකයි
  • තෙල් මේස හැඳි දෙකයි
  • සෝයා සෝස් මේස හැඳි දෙකයි
  • බීට් කරගත් බිත්තර 3
  • චොප්කල සැල්දරි මේස හැඳි එකයි
  • ලුණු ගම්මිරිස් රස පදමට

සාදන ක්‍රමය.

  • මුලින්ම බාස්මතී හාල් දෙවරක් සෝදා වතුර පෙරා ගන්න.
  • දැන් වතුර ලොකු ප්‍රමාණයක් ඇති භාජනයක් ලිප තබා ලිප තබා උතුරන විට එයට හාල් එක්කර මිනිත්තු පහළොවක් පමණ තබන්න.
  • සහල් ඇට වටේ ඉදී මැද තරමක් අමු ගතිය තිබියදී ලිපෙන් බා පෙරා ගෙන බඳුනකට දමා ගන්න.
  • එවිට බාස්මතී හාල් ඇට වෙන් වන්නට පිස ගන්නට පුළුවන්.
  • දැන් පෑන් එකක් ලිප තබා තෙල් එකතු කර රත් වූ පසු එයට සැල්දරි, ලූනු, හතු එකතු කර බාගෙට බැදගන්න.
  • ඉන්පසු එයට බීට් කළ බිත්තර එකක් ද මිශ්‍රකර එයටම දැල්ලන් සහ ඉස්සන් එකතු කර ටික වේලාවක් බැද ගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here