දැන් ඉතිං අපි මැරීගෙන ඉගෙන ගත්තෙ මොකටද? රස්සාවක් හොයගන්න. රස්සාවක් හොයාගන්නෙ මොකටද? සල්ලි හම්බුකරන්න. සල්ලි හම්බුකරන්නෙ මොකටද? හොඳට කාලා ඇඳලා ඉන්න. අන්න ඒ මුලින්ම කියන කන්න කියන කතාවට අදාල දෙයක් තමයි දැන් කියන්න යන්නෙ. තමාට පෙර බඩ කියල හිතන සෙට් එකක්ම ඉන්න නිසා අපි හිතුවා අද කටට කෙළ උණන කෑම ජාති හදන වීඩියෝ ටිකක් පෙන්නලා කෙළ ගිලෙන ප්‍රමාණය වැඩි කරවන්න. මේ යූටියුබ්වල තියෙන නියමම කුකින් චැනල්ස් ටිකක්. පුද්ගල බද්ධ ඒවා වගේම කණ්ඩායම් වැඩත් මේ අතරෙ තියෙනවා. බලන්නකො එහෙනං.
1. ටේස්ට්මේඩ්

Source – tastemade.com
මේ චැනල් එකට ඉන්නවා නියම කෑම කාරයො සෙට් එකක්. පත ෆයිවු කෝස් මෙනූ පන්නයේ කෑම මේකෙ නැහැ. මේකෙ තියෙන්නෙ කෙටි කෑම. කෑම හදන විදිය, ගුණාගුණ, චැලේන්ජස්, ලේසිම විදිය, හොඳම විදිය, ගණං අඩුවෙන්, ටක් ගාලා, ස්ට්‍රීට් ෆුඩ් වගේ විශේෂාංග ගොඩක් අතරෙ ඇඟිල්ලක් ගහන්නත් අමාරු ටයිනි කිචන් වගේ සෙග්මන්ට්ස් දන මන ඇදගන්න විදියට සෙට් කරලා තියෙනවා. මේ චැනල් එකෙන් උයන්න ඉගෙනගන්න වගේම කෑම ගැන දැනගන්නත් හොඳටම ඉවහල් කරගන්න පුළුවන්.
2. ෆැබියුලස් බේකර් බ්‍රදර්ස්

Source – youtube.com
නමේම තියෙනවනෙ කතාව. මෙයාලා ඔය හොදි මාලු ජාති හදන්නෙ නැහැ. මෙයාලා කෙලින්ම දෙන්නෙ බේකරි නිෂ්පාදන. නිකං නෙමෙයි කටට කෙළ උණන රසම රස පරණ තාලෙ ගිනි උඳුනෙ පිලිස්සුන රසම රස බනිස් පාන් වර්ග හදනවා ඇඟට පතට නොදැනි. අයියගෙයි මල්ලිගෙයි පොඩි චැලේන්ජ් එකකුත් යනව. ඉදිරිපත් කිරීම උපරිමයි. බේකරි කතා අතරෙ ඉවීම ගැනත් ඔත්තු ඕන තරං තියෙනවා.
3. ගෝඩන් රැම්සේ

Source – tbivision.com
මේ අර හැමෝටම බනින කෑම ගුරාගෙ චැනල් එක. පොරගෙ චැනල් එකේ සෙග්මන්ට්ස් ගොඩක් තියෙනවා. උයන්න උගන්නනවා, ටිප්ස් උගන්නනවා, හොටේල් හෙල් කියන පුරුදු සෙග්මන්ට් එක තියෙනවා, ගෙදර උයන රස කෑම, කුකරි කෝස් වගේ ගොඩක් දේ තියෙනවා. කට්ටියට බැන්නට මොකද පොර උයන පිහන විදිය බලං ඉන්න ආසයි. ඒ තරමට පිළිවෙලක් සහ නිර්මාණශීලී බවක් ඒ ඉවීමේ තියෙනවා. මේ දේවල් ඇමරිකන් කුස්සියකට විතරක් නෙමෙයි කියන එකත් මතක තියාගන්න. හදිස්සියකට වේලක් උයාගන්න කොල්ලෙක් දැනගෙන හිටියට පාඩු නැහැ.
4. බොන් ඇපටීට්

Source – churncraft.com
ආහාර රුචිය වැඩි වේවා කියන අදහසින්ම බලන්න හොඳ චැනල් එකක් තමයි මේ. අලුත් රෙස්ටුරන්ට් සංස්කෘති, ආහාර රුචිය ඉහළ දාන කෑම, අමුතු කෑම, ලේසි කෑම වගේ ගොඩක් දේ මේ චැනල් එකෙත් තියෙනවා. කවදාවත් ගෙදරදි හදන්න නොහිතපු විදියෙ කෑම බීම වර්ග හදන්න මෙතනදි කියලා දෙනවා වගේම මහා වියදං නැති ලේසි ක්‍රමවලට ඒවා ගෙනෙන්නත් ඔවුන් වගබලාගන්නවා.
5. ජේමී ඔලිවර්

Source – youtube.com
කැලරි ගාණට කෑම උයන්න, ජාති තුනෙන් කෑම උයන්න, පැය බාගෙන් කෑම උයන්න, කලින් දවසෙ ඉතුරු වෙච්ච ඒවයින් කෑම උයන්න, ෆ්‍රිජ් එකේ තියෙන දේකින් උයාගන්න වගේ සිම්පල් ඒත් යූස්ෆුල් කෑම කතා ගොන්නක් තියෙන තැනක් තමයි ජේමිගෙ කුකින් පොට් එක. කල්තියාගන්න පුළුවන් විදියට උයන්නත් කියල දෙනවා. උදේ කෑමකට හදාගන්න දෙයක්. සති අන්තෙ දවල් වෙලා නැගිටලා බඩ පැලෙන්න දෙවේලටම ගන්න “බ්‍රන්ච්” එකට හොඳ ඔප්ෂන්ස් ටිකකුත් පොර ගාව තියෙනවා.
6. ජස්ට් ඊට් ලයිෆ්

Source – youtube.com
ඔයාලටත් ඉන්නවද ඔන්නොහේ කාලා දාපං බං කියන ජාතියෙ යාළුවො. අන්න ඒවගේ අයව මේ චැනල් එකට සෙට් කරන්න. වෙනස් කෑම, ලේසි කෑම වගේම නොයෙක් විදියෙ දිව පිච්චෙන, බඩ පැලෙන කෑම තරගත් මේ චැනල් එකේ පිරිලා. රස්නෙ කාලෙට බොන්න බීම, කට්ටිය සෙට් වෙද්දි හදාගන්න බයිට් එකක්, ප්‍රධාන ආහාරෙට ලේසි කෑමක්, සීතල හවසකට හොට් චොකලට් එකක් වගේ හැම දේම මේ චැනල් එකේ තියෙනවා. හැබැයි ඉතිං බලං හිටියත් බඩ පිරෙනවා කියලා හිතාගෙන ගියාට දැක්කත් කන්න හිතෙන ජාතියෙ වැඩක් තමයි මේ චැනල් එක බැලුවම සිද්ධ වෙන්නෙ.
7. බාබකිවු පිට් බෝයිස්

Source – bbqpitboys.com
ඔක්කොමත් කියලා මේක නොකිවුවොත් හරි නැහැ. බාබකියු පාරක් දාන්න කවුද අකමැති. හැබැයි හරි මෙතඩ් එකට වැඩේ කරලා, රස වැඩි කරගන්න වගේම, යන්න පුළුවන් ඔප්ෂන්ස් ගොන්න ගැන හොඳ අදහසක් ගන්නත් මේ චැනල් එක බලලා තියෙන එක වටිනවා. බර්ගර් රෙසිපී, ස්ටේක්ස්, චිකන්, බීෆ්, පෝක්, ෆිෂ්වලට වෙන වෙනම විදික්‍රම එක්ක රෙසිපි ගොඩක් මෙයාලා ගාව තියෙනවා. ඒ වගේම බාබකියු සෝස් එකක් හදාගන්න විදිය, මැරිනේට් කරන විදිය, ළූණු කැරමල් එකක් දාගන්න, සෝස් ගාන්න වගේ දේවලුත් කියලා දෙනවා.
Cover Image Source – ninjaschoolhack.info
The post කටට කෙළ උණන සුපිරිම යූටියුබ් කුකින් චැනල්ස් 7ක් appeared first on Lifie.LK.
Saru FM Media