කච්චතීව් ගැන යාපනය රදගුරු පදවිය අදහස කියයි

0
10

කච්චතීව් දූපත ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ රජයේ යෝජනාවට යාපනය රදගුරු පදවිය ඊයේ (03 දා) සිය අකැමැත්ත පලකොට තිබේ.

යාපනය රදගුරු පදවියේ ප්‍රධාන පූජක ජෝෂප්දාස් ජෙබරත්නම් පියතුමා මේ පිළිබදව යාපනයේ තිරුවල්ලු‍වර් සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පලකොට ඇත.

කච්චතිව් පූජනීය ස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලබන බැවින්, එයට බලපාන කිසිදු නව පියවරක් නොගත යුතු බව අවධාරණය කරණ පියතුමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යාපනය රදගුරු පදවිය සමඟ සාකච්ඡා කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කොට තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here