ඖෂධ ජාවාරම්කාරයෝත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ – Saru News | සිංහල

0
5

මෙරටට ඖෂධ ආනයනය කිරීමේ දී විශාල මහජන මුදලක් කොල්ල කා රටින් පළා ගොස් මේ වනවිට රතු වරෙන්තු ලබා සිටින වෛද්‍ය ජයනාත් බුත්පිටිය සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබලයන් ගණනාවක් සමීප සම්බන්ධතා පවත්වන බව අනාවරණය වේ.

වෛද්‍යවරුන්ගේ මාෆියාවක් පවත්වා ගෙන යාම සඳහා ස්ථාන මාරුවීම් ලබා නොදී අඛණ්ඩව එක් රෝහලක රඳවා ගැනීමට සහ එන්නත් වෙනුවට ජලය ලබා දීම වෙනුවෙන් වූ චෝදනා ගණනාවක් එල්ල වී ඇති වෛද්‍යවරු දිගින් දිගටම ආරක්ෂා කිරීමට කෙහෙළිය රඹුක්වැල්ල සමඟ එක්වී ජයනාත් බුත්පිටිය කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබේ. එමෙන් ම, කොළඹ මහාධිකරණය විසින් ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රුපියල් කෝටි 5 බැගින් දඩ නියම කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නිලධාරීන් සමඟ ද සමීප සම්බන්ධතාවක් පවත්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබලයන් පිළිබඳව කරුණු හෙළි වෙමින් පවතී.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here