ඕස්ට්‍රේලියාව අපේ ඩොලර් මිලියන 39 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි

0
1

ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීම අද  (27) සිදුවිය.

මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපද
ඩොලර් මිලියන 39 ක් පමණ වන බව මුදල් අමාත්‍යංශය  පවසයි.

ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එහි ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාව දරන
අඛණ්ඩ උත්සාහයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කාලෝචිත අයුරින් අවසන් කිරීම සඳහා, ශ්‍රී ලංකා රජයේ දැඩි කැපවීම මෙම ගිවිසුම් මඟින් පිළිබිඹු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here