ඕමානයේ සිට ගුවන් යානයක් දිවයිනට

0
2

අද (02) අලුයම ඕමානයේ SalamAir ගුවන් සේවයේ තීරණයක් මත ගුවන් යානයක් දිවයිනට පැමිණ නැවත ඕමානය දක්වා පියාසර කර තිබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ, අධ්‍යක්ෂ ජනරාල්, කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පවසා සිටියේ, ඕමාන සහ සෞදි ගුවන් කලාප මේ වනවිට විවෘතව පවතින බවය.

කෙසේ වෙතත් සෙසු ගල්ෆ් කලාපීය රටවල ගුවන් කලාප යම් සීමාවන්ට යටත්ව විවෘත කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර සියල්ලම අද දිනයේද අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

 📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here