ඕනෑම අභියෝගයකට සූදානම් – විස්සයි 20 නායක දසුන් ශානක

0
9

එක්දින හා විස්සයි 20 තරග රටා දෙකක් බවත්, එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිප දෙනකුම ශ්‍රී ලංකා පිලට එක්ව සිටින බවත් ශ්‍රී ලංකා විස්සයි 20 නායක දසුන් ශානක පැවැසීය. කෙසේ වුවද විස්සයි 20 තුන්කොන් තරගාවලියේ මතුවන ඕනෑම අභියෝගයකට තම කණ්ඩායම සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවැසීය.

පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා – පාකිස්තාන – සිම්බාබ්වේ තුන්කොන් එක්දින තරගාවලියට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා එසේ පැවැසීය. හෙට (20) ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගය පැවැත්වේ.

“විස්සයි 20 තරග රටාව වේගවත්. එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ අපේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් වෙනස් වෙනවා. කුසල් ජනිත්, භානුක, නුවන් තුෂාර කණ්ඩායමට එක්ව සිටිනවා. එක්දින තරගාවලිය අවාසනාවන්ත ලෙස පරාජය වුණා. හැබැයි විස්සයි 20 තරග රටාව ගොඩක් වෙනස්. අපි ඒ අභියෝගයට හොඳින් සූදානම්“ දසුන් ශානක පැවැසීය.

කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකුටම සෞඛ්‍ය ගැටලු කිහපයක් මතුවී තිබෙනවා. බලාපොරොත්තු වෙනවා ඒ සියල්ල විසඳෙයි කියලා. අපිට අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් උපරිම දෙයක් ලබා ගන්න අවශ්‍යයි. ඒ වගේම අපේ තරුණ ක්‍රිඩකයන්ටත් අවස්ථාවක් තියෙන්න ඕනේ. අපි ආසියානු කුසලානයේ හොඳින් ක්‍රීඩා කළේ නෑ. හැබැයි අපි හොඳ තරග කිහිපයක් ක්‍රීඩා කළා. අපි තරග දෙකක් දින්නානම් අවසන් තරගයට යන්න තිබුණා. අවාසනාවකට අපිට ඒක කරන්න බැරි වුණා. අපි මෙහි පැමිණියේ ජයග්‍රහණය කරන්නයි” යැයි පවසන දසුන්, “අපේ අඩුපාඩු හදාගෙන විස්සයි 20 තරගාවලිය හොඳින් කරනවා. විශේෂයෙන්ම පිතිකරුවන් ලකුණු අතරට පැමිණිය යුතුයි. අපේ ආරම්භක පිතිකරුවන් ඉතා හොඳයි. ඒ වුණත් ලකුණු 20ක් 30ක් ගහලා එක්දින තරගයක ජයග්‍රහණයකට බලපෑමක් කරන්න බෑ. මම කැමැතියි කවුරු හරි ඉහළ ලකුණු ලබා ගන්නවානම්. ඒක තරගයක් දිනන්න අවශ්‍ය දෙයක්” දසුන් ශානකගේ අදහස විය.

“විස්සයි 20 තරගවලදී පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම යන අංශ තුනම ඉතාම වැදගත් වෙනවා. එක්දින තරගාවලියේදී මේක තරමක් ගිලිහුණා. ඒ වගේම මෙවැනි තණතිලිවල විශාල ලකුණු

ගණනක් අවශ්‍යයි. අපි දන්නවා මේ රටවල් දෙකේ කාලගුණික තත්ත්වය හා ඒකේ වෙනස. මෙහි සීතල කාලගුණය අපිට එතරම් හිතකර නෑ. නමුත් වෘත්තීය ක්‍රීඩකයන් විදිහට විවිධ රටවල ක්‍රීඩා කරද්දී මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා“

ශ්‍රී ලංකා නායකයා පැවැසීය.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය:

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දුෂාන් හේමන්ත, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, පවන් රත්නායක, ඒෂාන් මාලිංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, විජයකාන්ත් වියස්කාන්ත්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here