ඕනම සිරුරකට ගැලපෙන ඔබේ සුන්දරත්වය තවත් වැඩිකරන Empire waist ගවුම් විලාසිතා

0
10


Empire waist dresses කියන්නේ කොයි කාටත් හැඩට පේන්න අඳින්න පුලුවන් ඇඳුමක්. විවාහ උත්සවයකට , වෙනත් උත්සවයකට වගේම එදිනෙදා ගමනටත් සුදුසු ලෙස මේ ගවුම් තෝරාගන්න පුලුවන්. ඒ වගේ අවස්තා ගොඩකට අඳින්න පුලුවන් මේ විලාසිතාවේත් එක් එක් ආකාර තියනවනේ. ඒ අතරින් ස්මාර්ට් ඔබට ගැලපෙනම මෝස්තරය තෝරාගන්න නම් දිගටම කියවන්නකෝ.

ඔබේ ලැමට හරියටම පහලින් ඉණ පිහිටන සේ ගවුම් නිර්මාණය කරනවිට එම පිහිටීම empire waist කියනවා. මෙහිදී කඳ කොටස අවසන් වෙන්නේ බ්‍රා එකේ පිහිටීම මතම වන අතර ස්වභාවික ඉණට ඉහලින් මේ ඇඳුමේ ඉණ පිහිටයි. මෙම විලාසිතාව මගින් කාන්තාවන්ගේ ශරීරයේ සිහින්ම තැන් වලින් එකක් හැඩ කර පෙන්වයි. ඇඳුමේ කඳ කොටස ඇඟට ඇලෙන සේ මසන අතර ඉතිරි කොටස කඩා හැලෙන සේ මහයි.

මේ වර්ග දෙකෙන්ම අඳින කෙනා ප්‍රමාණයෙන් කුඩා කරලා පෙන්වනවා. නමුත් A line ගවුමෙන් ඔබේ ස්වභාවික ඉණ හැඩය පෙන්වන අතර empire waist එකෙන් අවදානය ඉණෙන් ඉහලට ගෙන යනවා. Empire waist එකේදී ස්වභාවික ඉණ මත හැඩය රඳා පවතින්නෙ නැති නිසා ලැම ප්‍රමාණයෙන් වැඩි අයට වඩාත් ගැලපේ. ඒ වගේම A line ගවුමේදී flared සාය ඉණේ සිට පටන් ගෙන විසාල ප්‍රමාණයක විහිදෙනවා. ඒ නිසා ඔබේ උකුල් පෙදෙසෙ පලල් කර පෙන්වනවා. ඒත් empire waist එකේදී ඇඳුමේ හැඩය ලැම මට්ටමින් පටන් ගන්න නිසා ඔබේ ස්වභාවික හැඩය වටා කඩා හැලෙමින් දිගැටි බවක් ලැබේ.

Pear shape body එකක් තියන (උකුල පෙදෙස වඩාත් පලල්) අයට , උසින් අඩු අයට උස වැඩි කරලා පෙන්වන නිසාත් මේ විලාසිතාව හොඳින්ම ගැලපෙනවා. ගැබිනි අයටත් අපහසුවක් නැතුවම පුලුවන්. ඒ අයට වගේම අනික් හැමෝටමත් ගැලපෙන empire waist dress වර්ග ඔබත් ඇඳලා හැඩ බලන්නකෝ.

කර(neckline ) මසා තියෙන ආකාරය අනුව Empire waist dress වර්ග කීපයක් තියනවා

V හැඩයේ කරට කැමති ඔබට තෝරාගැනීම් දෙකක් තියනවා.එකක් වඩාත් ගැඹුරු කර හෝ සාමාන්‍ය ගැඹුරු කර. ඔබේ පෙනුම වඩාත් කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කරන්න කැමතිනම් වඩාත් ගැඹුරු කර සහිත (deep V neck) empire waist dress එක ඔබව රැජිනක් වගේ හැඩට පෙන්වයි.

පසුගිය කාලයේ ඉතා ජනප්‍රිය වුන මේ විලාසිතාව නවීන පන්නයේ විලාසිතාවන්ට ප්‍රිය කරන ඔබව තවත් හැඩ කරලා පෙන්වනවා. ඇඳුමේ අසමමිතික බව නිසා එක උරහිසක් නිරාවරණය වුනත් එයින් ඔබට අපහසුවක් නොදැනෙයි. මේ විලාසිතාව සාමාන්‍ය උත්සව අවස්තාවකට අඳින්න තෝරාගන්න පුලුවන්.

බොහෝ දෙනෙක් ප්‍රිය කරන අලංකාර විලාසිතාවක් තමයි මේක. ඔබේ උරහිස් වල අලංකාර බව ඉස්මතු කරයි. ප්‍රමාණයෙන් කුඩා ලැමක් සහිත කෙනෙක්ට වඩාත් සුදුසුයි. සාදයකට යන්න ඇඳුම් තෝරන ඔබට ගැලපෙනවා.

V කරට පසුව තරුණියන් අතර වඩාත් ඉල්ලුමක් සහිත විලාසිතාව වන්නේ මේ පටි රහිත ගවුමයි. මේ වර්ගය අඳිනා විට ඔබේ කොණ්ඩය සහ ආභරණ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. මොකද මේ ගවුම මගින් සියල්ලන්ගේම අවධානය ඔබේ ශරීරයේ ඉහළ කොටසට ඇද ගන්නා නිසා.

සාමාන්‍ය එදිනෙදා ගමනකට empire waist dress එකක් තෝරගන්න ඔබට මේ වර්ගය තෝරා ගන්න පුළුවන්. වඩාත් දිග හෝ කොට නොවන, ලැම නිරාවරණය නොවන මේ වර්ගය හොඳ පෙනුමක් සමඟ සාමාන්‍ය ගමනක් යන කොට තෝරාගන්න.

Empire dress සඳහා ගැලපෙන සාය විලාසිතා කීපයක් තියනවා.

තරුණ ඔබට වඩාත් ගැලපෙන ඉදිරි පසින් කොට පිටුපසින් දිග මේ විලාසිතාව ඔබ හොඳින්ම දන්නවනේ. මේ වර්ගයේ සාය ඔබට කැමති ලෙස උස අඩු වැඩි කර මහගන්න පුලුවන්.

ඔබෙ හැඩකාර දෙපා කැපිලා පේන මිනි සාය සහිත ගවුම කොක්ටේල් පාර්ටි එකක්ට වඩාත් ගැලපෙනවා. අලංකාර ආභරණ සහ සපත්තු සමඟ ඔබ කැමතිම පෙනුම ඔබට ලැබේවි.

එදිනෙදා අනට ගැලපෙන විලාසිතාවයි. සමහර අවස්තා තියනවා අපිට කැපී පේන්න අඳින්න අවශ්‍ය නැති, ඒත් හොඳ පෙනුමක් අවශ්‍යයි. ඒ වගේ වෙලාවකට තෝරගන්න පුලුවන් මේ විලාසිතාවේ සායක් සහිත ගවුමක්.

දෙපතුල දක්වා විහිදෙන maxi dress එක මේ විලාසිතාවට වඩාත් ගැලපෙනවා. ඔබේ උස තවත් වැඩිකර පෙන්වයි. ඝ නකම් රෙදි වලට වඩා සැහැල්ලු කඩා හැලෙන රෙදි වඩාත් ලස්සනයි. එහෙම රෙදි තමයි වැලන්ටිනා, ජෝර්ජට්, සිල්ක් කියන්නේ.

Empire waist dress සඳහා ගැලපෙන sleeves වර්ග කීපයක් තියනවා.

පටි රහිත හෝ halter neckline සහිතව ඔබට අඳින්න පුලුවන්.පුලුල් උරහිස් තිබේ නම් තවත් ලස්සන වෙයි.

V neck එකක් සමඟ මේ අත ඔබට ලස්සන ඒ වගේම වැදගත් පෙනුමක් දෙනවා. යම් අවස්තාවක් පුරා ඔබේ ආදිපත්‍ය පැතිරවීමට කැමති ඔබට ගැලපෙනම තේරීම තමයි මේ.

ගැඹුරු V කරක් සමඟ අත් දිග ගවුමක් අලංකාර සංයෝජනයක්. V කර ඔබට සරාගී බවකුත්, දිග අත් ඔබට වැදගත් බවකුත් එකතු කර අමුතුම අලංකාරයක් එකතු කරයි.

ඔබ ගැබිනි නම් ඔබට උත්සව අවස්ථාවකට හෝ එදිනෙදා ගමනට වඩාත් ගැලපෙන විලාසිතාවක් තමයි මේක. ඔබේ ලැම පෙදෙසට හරියටම පහලින් ඇඳුමේ රැලි හෝ ඇඳුමේ හැඩය පටන් ගන්න නිසා ඔබේ කුසට මැහුම් දාර දැන්නේ නෑ. ඒ වගේම හිර වෙන්නෙත් නෑ. ඔබේ කුස නිසා ඔබේ උස අඩුවී පෙනෙන බවද මේ ඇඳුමෙන් අවම කරලා හුරුබුහුටි පෙනුමක් ලබා දෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here