ඔෆිස් යන්න විනාඩි 05න් මේකප් එකක්

0
10


රැකියාවක් කරන කාන්තාවකට උදෑසන කාලය කියන්නේ බොහොම කාර්යබහුල කාල සීමාවක්. ඒ කාලසීමාව ඇතුළත ඉටුකරගත යුතු බොහොමයක් දේවල් කාන්තාවකට තියෙනවා. මේ සියලුම වැඩ කටයුතු අතරතුර රැකියාවට යන්න පෙර කාලය කළමනාකරණය කරගෙන විනාඩි පහක් ඇතුළත මේකප් එකක් දාගන්නේ කොහොමද ? ඒ ගැනයි අද අපි ඔබට කියන්නේ. 

ඔබ මේකප් කලත් නොකලත් අනිවාර්යයෙන්ම කළ යුතුම පියවර තමයි මේක. මෙමගින් ඔබේ සම හොඳින් පවත්වාගෙන යාමේ හැකියාව ඔබට ලැබෙනවා. සෑම උදෑසනකම සම ඉතා හොඳින් පිරිසිදු කරගෙන හොඳ තෙතමන කාරකයක් සහිත මොයිස්චරයිසින් ක්‍රීම් එකක් සම මත ආලේප කළ යුතුයි.ඒ වගේම ඊට පසුව ඔබට sun cream එකක් ආලේප කරන්නත් පුළුවන්.

රැකියාවකට යන කාන්තා ඔබ Full coverage එකක් සහිත foundation තට්ටු කිහිපයක් ආලේප කිරීම ඒ තරම් සුදුසු නැහැ. සාමාන්‍යයෙන් කාර්යාල ගමනකට සුදුසු වන්නේ ඉතාම සරල මේකප් එකක්. ඒ නිසා ඉතා සැහැල්ලු foundation එකක් හෝ BB ක්‍රීම් එකක් භාවිතා කරන්නට පුළුවන්. ඔබේ සමේ වර්ගය අනුව මේ නිෂ්පාදන තෝරා ගැනීමත් කළ යුතුයි. ඔබේ ඇස් වටා අඳුරු පැහැ වී තිබෙනවා නම් හෝ කුරුලෑ කැලැල් සම මත තිබෙනවා නම් ඒවා මතත් ඔබේ foundation එක හොඳින් ආලේප කරන්න අමතක කරන්න එපා 

ඔබේ සම හොඳ තත්වයක තිබෙනවා නම් ඔබට foundation එකක් ආලේප කිරීමෙ පියවර මගහැර මේ පියවර තෝරා ගන්නට පුළුවන්. කොහොම වුණත් foundation එකක් ආලේප කළ පසුව එය සීල් කර ගැනීම සඳහා powder කර ගැනීම අනිවාර්යයි. එය සඳහාත් ඔබේ සමට ගැළපෙන පවුඩර් වර්ගයක් ඔබ තෝරාගත යුතුයි. 

ඔබේ ඇහි බැමි නිසියාකාරව සකසා තිබුනත් ඔබේ මුහුණට ඉතා හොඳ පෙනුමක් ගන්නට අයිබ්‍රෝ පෙන්සිල් එකක් මගින් පුළුවන්. නමුත් මෙය ඉතා තද පැහැයෙන් ඇඳිය යුතු නැහැ. ඔබේ ඇහි බැමි වල හැඩය ඔප් නැංවෙන ආකාරයට පමණක් ඉතා සරලව එය අඳින්න.

මේ පියවර ඔබේ රැකියාවේ ස්වභාවය අනුව වෙනස් කරගන්න ඔබට පුළුවන්. මෙය අත්‍යවශ්‍යම පියවරක් නොවෙන නිසා අවශ්‍ය නම් ඔබට මස්කාරා පමණක් භාවිතා කර ඔබේ ඇස් වල පෙනුම වැඩි කරගන්නට හැකියාව තියෙනවා. එසේත් නැත්නම් ඉතාම සරල eyeliner එකක් සහ ඔබේ ඇඳුමේ පැහැයට ගැලපෙන Eye shadow එකක් ආලේප කරන්නත් ඔබට පුළුවන්

ඕනෑම වර්ගයේ මේකප් එකක පෙනුම අඩු හෝ වැඩි කරන්නට සමත් වෙන පියවර තමයි මේක. ඔබ භාවිතා කරන lipstick එක අනුව ඔබේ මේකප් එකේ පෙනුම වෙනස් වෙනවා. රැකියාවකට යන ඔබට ඉතා තද පැහැයෙන් යුතු ලිප්ස්ටික් වර්ණයන් එතරම් සුදුසු වන්නේ නැහැ. ලා පැහැයකින් යුතු , මැට් වර්ගයේ ලිප්ස්ටික් එකක් භාවිතා කරන එක ඔබට ඉතාම වාසිදායක වනවා. විශේෂයෙන්ම මැට් වර්ගයේ lipstick වැඩි කාලයක් පුරා රඳා පවතින නිසා ඔබට වරින් වර ලිප්ස්ටික් ගල්වන්න අවශ්‍ය වන්නේ නැහැ. 

මෙය අත්‍යවශ්‍යම පියවරක් නොවුනත් ඔබේ මේකප් එක වැඩි කාලයක් තියාගන්න පුළුවන් පියවරක්. ඒ තමයි setting spray එක. ඕනෑම මේකප් එකක් අවසානයේ setting spray එකක් භාවිතා කලොත් මේකප් එක දිගු කාලයක් තියා ගන්න පුළුවන්. නමුත් රැකියා ස්ථානයේ දී ඔබට පවුඩර් ටිකක් ආලේප කරලා මේකප් එක අලුත් කරගන්න පුලුවන් නිසා මේ පියවර අත්‍යවශ්‍යම වෙන එකක් නැහැ. 

මේ ලිපියෙන් ඔබට කිව්වේ රැකියාවට යන්න කලින් විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ ඉතාම සරලව ඔබට කරගන්න පුලුවන් මේකප් එකක් ගැනයි. සාමාන්‍යයෙන් මේකප් එකකට highlight කිරීම, බ්ලශර් කිරීම , contour කිරීම ආදි තවත් පියවරයන් කිහිපයක් එකතු වෙනවා උනත් රැකියා ගමනකට එවැනි පියවරයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය ම වන්නේ නැහැ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here