ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනත් ගනියි
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය
2025 කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ 9 වැනි තරගය ලෙස පැවැත්වූ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 107ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි විය.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණේ ඔස්ට්‍රේලියාව මුලින්ම පන්දුවට පහරදීම අරඹමිනි. ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 76 වැනි අඩු ලකුණු පුවරුවක් පෙන්නුම් කළ අවස්ථාවේ ඉතාමත් කැපවීමෙන් සහ වගකීමෙන් ක්‍රීඩාපිටියේ ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවේ බෙන් ලුනි සහ අලානා කිංග්ගේ වික්‍රමය හමුවේ තරග අවසානය දක්වා රැගෙන ගොස් ලකුණු 221ක් තරම් විශාල ලකුණු සංඛ්‍යාවක් එකතු කරගත්හ.
අවාසනාවකට පාකිස්තාන පන්දු යවන්නියන්ට ඔස්ට්‍රේලියාව හමුවේ එල්ල කළ පීඩනය දිගින් දිගටම තබාගැනීමට නොහැකි වීම මත ජයග්‍රහණයක් ලබාගත හැකිව තිබූ තරගයක් අවසානයේදී පරාජය උරුම කරගත්තේ ඉතා අවාසනාවන්ත ලෙසයි.
ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50ක් තුළදී කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 221ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ඇරඹූ පාකිස්තාන කාන්තාවෝ කිසිම අවස්ථාවක තරගය ජයග්‍රහණය කිරීමේ සේයාවක් පෙන්නුම් නොකළ අතර පාකිස්තාන කණ්ඩායමේ පන්දුවාර විස්ස පසුවනවාත් සමගම කඩුලු 8ක් ඔස්ට්‍රේලියාව උදුරා ගත්තේ ජයග්‍රහණය ඉස්මතු කරමිනි.
පාකිස්තානයේ සිද්රා අමීන් පමණක් ලකුණු 35ක් ලබාගත් අතර අනිකුත් ක්‍රීඩිකාවන්ට ලකුණු 15 සීමාවෙන් ඔබ්බට යෑමට නොහැකි විය.
ඒ අනුව තරගයේ 36 වැනි පන්දු වාරයේ 3 වැනි පන්දුවේදී පාකිස්තානයේ සියලු පිතිකාරිනියන් දැවී ගිය අතර ලකුණු 114ක් පමණක් ඔවුන්ගේ ලකුණු පුවරුවේ සටහන් විය. ඒ අනුව ඔස්ට්‍රේලියාව දැවැන්ත ලකුණු 107ක ජයක් ලබාගත්තාය.
ඔස්ට්‍රේලියාව ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන රැඳෙන්නට සමත් වූයේ තරග දෙකක් ජයග්‍රහණය කර සහ වර්ෂාව නිසා අතහැර දැමූ තරගයේ එක් ලකුණක් සමග ප්‍රසාද ලකුණු 5ක් ලබාගෙනය. ඔස්ට්‍රේලියාවේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය NRR 1.960ක් ලෙස දැක්වේ.
සුසිල් ජයකොඩි
Saru FM Media