ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට අපහාසකළ ඉන්දීය ඇමතිට විරෝධය

0
1

එක්දින කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින අතරතුර දී ලිංගික හිංසනයට ලක් වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනාව විවේචනය කළ ඉන්දීය ප්‍රාන්ත අමාත්‍යවරයෙකුට එරෙහිව ලොව පුරා මේ වනවිට දැවැන්ත විරෝධයක් ඇතිව තිබේ.

මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා ඉන්දෝර්හි පිහිටි අවන්හලකට ගොස් ඔවුන් නැවතී සිටින හෝටලයට ආපසු යමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් ඔවුන්ව ලුහුබැඳගොස් ‘නුසුදුසු ලෙස ස්පර්ශ’ කර තිබේ.

කෙසේ නමුත් මෙම සිදුවීමට කනගාටුව පළකරන අතර, අදාළ අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනාටත් චෝදනාකර ඇත.

“බලධාරීන්ට මෙන්ම ක්‍රීඩකයින්ටද පාඩමක්” යැයි පවසමින් හෝටලයෙන් පිටව යාමට පෙර ආරක්ෂක අංශයට හෝ බලධාරීන්ට දැනුම්දිය යුතුව තිබූ බවට පවසා තිබුණි.

එම ප්‍රකාශය වින්දිතයින්ට දොස් පැවරීමක් බව පවසමින් කිසියම් පිරිසක් මෙම විරෝධය ආරම්භ කර ඇත.

ඔවුන් පවසන්නේ ක්‍රීඩිකාවන්ට ආරක්ෂාව සහතික කරගැනීමේ වගකීමත් ඔවුන් මතම පටවා ඇති බවය.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනා ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෝදි රජයේ ප්‍රාන්ත රාජ්‍ය අමාත්‍යවරයෙකු වන කයිලාෂ් විජේවර්ජියා නම් අයෙක් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

මෙම ලැජ්ජා සහගත සිදුවීම හේතුවෙන් ඉන්දියාවේ ප්‍රතිරූපයට දැවැන්ත පහරක් වැදී ඇති අවස්ථාවක, මහජන නියෝජිතයෙකු වින්දිතයාට එලෙස දොස් පැවරීම ලැජ්ජාව තවත් වැඩි කරන බව රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙලාදකින පිරිස් පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here