ඉන්දියාවේ දී , එක්දින කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ලිංගික හිංසනයක ට ලක්ව ඇතැයි වාර්තා වේ .
එම ක්‍රීඩිකාවන් දෙදෙනා ඉන්දෝර් හි පිහිටි අවන්හලකට ගොස් ඔවුන් නැවතී සිටින හෝටලයට ආපසු යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ . එහිදී
කිසියම් පුද්ගලයෙකු විසින් ඔවුන්ව ලුහුබැඳගොස් මෙය සිදුකර ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් ඔවුන් දෙදෙනාව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයාට භාරතීය නියා සංහිතා (BNS) හි , 74 වන වගන්තිය (කාන්තාවකගේ නිහතමානීභාවයට අපහාස කිරීම සඳහා සාපරාධී බලය යෙදවීම) සහ 78 වන වගන්තිය (ලුහුබැඳීම) පැමිණිලි ගොනු කර තිබේ . උප පොලිස් පරීක්ෂක නිධි රඝුවන්ෂි පවසන පරිදි, අසල සිටි අයෙකු විත්තිකරුගේ යතුරුපැදි අංකය සටහන් කර ගැනීමට සමත් වී ඇත . එමඟින් ඔහු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ . ” අකීල් ඛාන් ” ලෙස හඳුනාගෙන ඇති විත්තිකරුට එරෙහිව මීට පෙර ද අපරාධ චෝදනා ඇති බව වාර්තා වේ .
කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට ඉන්දියාවේ රැඩිසන් බ්ලූ හෝටලයේ නවාතැන් ගෙන සිටී.
එහෙත් , මධ්‍ය ප්‍රදේශ් ක්‍රිකට් සංගමය (MPCA) ප්‍රකාශ කර ඇත්තේ සිදුවීම අවාසනාවන්ත දෙයක් නමුත් , අදාළ ක්‍රීඩිකාවන් ආරක්ෂක වළල්ලෙන් පිටතට ගමන් කළේ කෙසේද යන්න ගැටළු සහගත බවය . කෙසේ වුවත් , ඒ පිළිබඳ මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දීය පොලිසිය නිකුත් කර ඇති සැකකරු ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පසු පස හඹා යන ජායාරූපය
Saru FM Media











