ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉන්දියාවේ දී ලිංගික හිංසනයට ලක්වෙයි

0
1

එක්දින කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉන්දියාවේ ලිංගික හිංසනයට ලක්ව තිබේ.

අදාළ ක්‍රීඩිකාවන් දෙදෙනා ඉන්දෝර්හි පිහිටි අවන්හලකට ගොස් ඔවුන් නැවතී සිටින හෝටලයට ආපසු යමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් ඔවුන්ව ලුහුබැඳගොස් මෙය සිදුකර ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනාව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු මේ වනවිට  අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය දුටු අයෙකු විසින් සැකකරුගේ යතුරුපැදි‍යෙහි අංකය සටහන් කර ගෙන ඇති අතර, ඒ අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

කාන්තා ලෝක කුසලානයට සහභාගි වී සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට ඉන්දියාවේ රැඩිසන් බ්ලූ හෝටලයේ නවාතැන් ගෙන සිටී.

කෙසේවෙතත් මධ්‍ය ප්‍රදේශ් ක්‍රිකට් සංගමය (MPCA) පැවසුවේ සිද්ධිය අවාසනාවන්ත වුවද, ක්‍රීඩිකාවන් ආරක්ෂක වළල්ලෙන් පිටතට ගමන් කළේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here