ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අමෙරිකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.
නිව්යොක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම සඳහා සහභාගීවීමේ මූලික අරමුණින් මෙම සංචාරය සිදුකරන ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, සංචාරය අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ නිල හමුවකට ද සහභාගී වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව ලබන අඟහරුවාදා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර නිල හමුව පැවැත්වෙනු ඇති.
මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය නිල ප්‍රකාශයක් සිදුකර නොමැති වුවද ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා හමුවීමේ අපේක්ෂාවෙන් පසුවන බවය.
Saru FM Media