කාන්තාවන් විදියට අපි කාටත් තියෙන පොදු ගැටලුවක් තමයි ඔසප් සමයේ අපහසුතා. මවක් වන ඔබට වගේම ඔබට තරුණ දියණියන් සිටී නම් ඔවුන්ටත් එකම විදිහේ අපහසුතාවයන් ඇති වෙනවා විය හැකියි. ඒ නිසාම ඔසප් සමයේ දියණියන් මවගෙන් තම අපහසුතා සඟවා ගෙන සිටින්නට උත්සාහ කළත් ඒ වෙනුවෙන් අවශ්‍ය පිළියම් යොදන්න අම්මා කෙනෙක්ට හැකියාව ලැබෙනවා. නමුත් ඔබට හෝ ඔබේ දියණියට ඔසප් සමයේ සමේ ඇති වන ආසත්මිකතාවයන් නිසා සිදුවන අපහසුතා පිළිබඳව ඔබ කොතරම් දැනුවත්ද? ඔබේ දියණියට පමණක් නොවෙයි සෑම කාන්තාවකටම ඔසප් සමයේදී මුහුණ දීමට සිදු වන මේ සමේ අසාත්මිකතා වලට මූලිකම හේතුව විදියට ඔබ සිතුවේ කුමක්ද?
ඉතාම සංවේදී යෝනි පෙදෙස ඔසප් සමයේදී තවත් සංවේදී වනවා වගේම තෙත් බවින් වැඩි වීම නිසා බොහොමයක් අපහසුතාවයන්ට ඔබට වගේම ඔබේ දියණියට මුහුණ දීමට සිදු විය හැකියි. මේ අතරින් ආසාත්මිකතා විශේෂයි.
ඔසප් සමයේ යෝනි පෙදෙසේ ඇති වන අසාත්මිකතාවලට මූලිකම හේතුවක් වන්නේ ඔබ, ඔබත් දියණියත් වෙනුවෙන් තෝරාගන්නා සනීපාරක්ෂක තුවා වර්ගය විය හැකියි.
එසේ නම් ඔබට වගේම ඔබේ දියණියටත් සමට හිතකර සනීපාරක්ෂක තුවා වර්ගයක් තෝරා ගැනීමට මවක් ලෙස ඔබ සැලකිලිමත් විය යුතුයි නේද?
දිනකට සනීපාරක්ෂක තුවා 4ක් පමණ භාවිත වන ඔසප් සමයේ දින කිහිපය තුළ සාමාන්‍යයෙන් කාන්තාවන් දස දෙනෙකු ගත්තොත් දස දෙනාම සමේ ආසාත්මිකතාවයන් නිසා අපහසුතාවයට පත්වෙනවා.
දැනට පවත්වා ඇති සමීක්ෂණ වලින් සොයා ගෙන ඇති කරුණු අනුව මේ ඔසප් සමයේ යෝනි පෙදෙසේ ඇති වන සමේ අසාත්මිකතාවන්ට මුලික හේතුවක් බවට හෙළි වී ඇත්තේ තමන් භාවිතා කරන නැප්කිනයේ නිෂ්පාදන ගුණාත්මක බවයි. එනම් ප්ලාස්ටික් වැනි මතුපිට රළු ස්වභාවය, උරා ගැනීමේ හැකියාව, දහදිය සහ අහිතකර ලෙස තෙතමනය රැඳීම වැනි කරුණු නිසා තමන්ට ඔසප් දිනවල යෝනි පෙදෙසේ දිලීර/බැක්ටීරියා ඇති වීමෙන් කැසීම්, බිබිලි, සම ගොරෝසු වීම් මෙන්ම තුවාල පවා ඇති වී ඇති බව කාන්තාවන් බොහෝ දෙනා පිළිගෙන ඇත. මෙනිසා ප්‍රමිතියෙන් තොර සනීපාරක්ෂක තුවායක් භාවිත කිරීමෙන් මෙවැනි ආසාත්මිකතා ඇති වන බව සමීක්ෂණ වාර්තා වලින් දක්වයි.
ඔබට මෙන්ම ඔබේ දියණියට සනීපාරක්ෂක තුවා තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු මේ කරුණු පිළිබඳව දැන සිටියාද?
නිසි ප්‍රමිතියකින් නිපදවෙන එවැනි සනීපාරක්ෂක තුවා වර්ගයක් වෙළඳ පොළේ ඇති බව ඔබ දැන සිටියාද?
ඔව්. සමට හිතකර වන ආකාරයෙන් වැඩි දියුණු කළ නව Fems ඕනෑම වෙළඳ සැලකින් දැන් ඔබටත් මිලදී ගත හැකියි. සමේ ආසාත්මිකතා ඇති නොවන ලෙස සමට හිතකර අයුරින් නිපදවා ඇති බවට සහතිකය ලද ලංකාවේ ප්‍රථම සහ එකම සනීපාරක්ෂක තුවා/ නැප්කින් සන්නාමය වන්නේ Fems ය.
Fems සනීපාරක්ෂක තුවා
නමුත් අමතක නොකළ යුතු කරුණ වන්නේ, සනීපාරක්ෂක තුවායක් අවම පැය 3-4කට වතාවක්වත් මාරු කළ යුතු බවයි. එසේ නොවේ නම් සමේ ආසාත්මිකතා ඇති වීම වැළක්විය නොහැක. ඔබ, ඔබට මෙන්ම ඔබේ දියණිය වෙනුවෙනුත් සමට හිතකර සනීපාරක්ෂක තුවා වර්ගයක් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.
(Sponsored Article)
Saru FM Media