ඔසප් වීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු වලට ආයුර්වේද විසඳුම්.

0
9


යුවතියකගේ ජිවිතයේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සිදුවිම්ක් ලෙසඇගේ මල්වර වීම (puberty) හදුන්වන්න පුලුවන් .එහෙම එය නැත්නම් ප්‍රථමයෙන් ඔසප් චක්‍රය ඇරඹුනු දිනය ලෙසත් අපිට හදුන්වන්න පුලුවන් . මේ සංසිද්ධිය නොකඩවා ක්‍රමානූකූලව ආර්ථවහරණය ( Menopause ) තෙක් නිරෝගීව පවත්වා ගැනීම වැදගත්.
මාසික ඔසප් චක්‍රය තුල( Menopause ) ඇතිවන සෞඛ්‍ය ගැටලු වගේම ඒ හා බැදුනු විවිධ මත / විශ්වාස ගැන ආයුර්වේද වෙද්‍ය විද්‍යාවට පහැදිලි කර ගැනීමේ අරමුණ වෙනුවෙන් මේ ලිපිය සැකසෙනව.

මල්වර වියට පත්වුණු ඕනෑම කාන්තාවක ආර්ථවහරණය සිදු වන කාලය දක්වා ම සෑම දින 28 කට වරක්ම ඩිම්බ කෝෂය හා ගර්භාෂය තුළ සිදුවන වෙනස්වීම් ශ්‍රේණිය ආර්ථව චක්‍රය ( Menstrual Cycle ) ලෙස හඳුන්වනවා. මේ චක්‍රය ඔබ ගර්භණි වූ විට තාවකාලික නැවතිමක් සිදුවෙනවා.

ඔසප් වීම හඳුනා ගන්නේ මාසිකව යෝනි මාර්ගයෙන් සිදුවන රුධිර වහනය මගින්. සාමාන්‍යයෙන් මෙය දින 28 කට වරක් සිදුවෙන අතර, සමහර චක්‍ර කාල සීමාව දින 21 සිට දින 45 ක් දක්වා වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. නමුත් දින 21 කට වඩා අඩු කාලයකින් හෝ දින 45 ට වඩා ප්‍රමාද වී සිදුවන අසාමාන්‍ය ඔසප් චක්‍රද කාන්තාවන් අතර දක්නට ලැබෙනව.

නිවැරදි ඔසප් චක්‍රයක දී ,ඔසප් වීම පළමු දින 02 තුළ දී රුධිරය පිටවීම අවුන්ස 03 ක් හෝ 04 ක් ( 80 ml ) ප්‍රමාණය වුණත් අද වනවිට බොහෝමයක් කාන්තාවන්ගේ අවිවේකි දින චර්යාවන් ගෙවීම හරහා එන මානසික ආතතිය වගේම පෝෂණ ගැටලු තත්ත්වයන් තුළ ඔසප් වීම පළමු දින 02 – 03 දී රුධීරය පිටවීමේ ප්‍රමාණයේ වෙනස්කම් එන්න පුළුවන්.
ආයුර්වේදයට අනුව නිවැරැදිව ඔසප් චක්‍රය සදහා කාන්තාවකගේ ත්‍රීදෝෂ (වා/පිත්/සෙම්) අසමතුලිතතාවය බලපෑමක් කරන බව සදහන්.
වා/පිත්/සෙම් දෝෂ කෝපය නිසා පිටවන රුධිරයේ වර්ණය ස්වභාවය පවා වෙනස් වෙනවා.
මේ තතවයන් වලක්වා ගැනීමට දැරිවියකව සිටින අවධියේ සිට ම කාන්තාවක් පුරුදු විය යුතුයි පෝෂ්‍යදායි ආහාර පාන ලබා ගැනීමට
කැල්සියම්, යකඩ, ප්‍රෝටීන් බහුල ආහාර පාන ලබා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර කඩ කෑම කෘතිම රසායනික ආහාර පාන වලින් වැළකීම කුඩා කළ සිටන් පුරුදු වීම තුළ නිරෝගී සෞඛ්‍යමත් ජිවිතයකට අත්වැලක් සපයනවා.

ඒ වගේම කාන්තා සිරුරට ඉතාම ගුණදෙන ඖෂධීය කැඳ වර්ග උදාහරණ ලෙස හාතවාරිය, බැබිල, රසකිඳ, එළබටු, ගොටුකොළ ආදිය එක්කර සෑදු කොළ කැඳ පානය පලා වර්ග ලෙස ආහාරයට ගැනීම කළ යුතුයි.

පළතුරු යුෂ පානය ද ඉතාම ගුණයි. ඒ තුළ ඇති සංඝටක විශේෂයෙන් යකඩ උරා ගැනීමට උදව් දෙනවා.

ඔසප් සමය තුළ ඇඹුල් ජාති පානයට සමහරු කැමති වුනත් මේ සමය තුළ ඇඹුල් ජාති පානය නිසා රුධිරය පිටවීම නතර වන බවට සමාජය තුල මතයක් තියනව . ඒත් විද්‍යාත්මකවව හා විද්‍යානූකූලව එවැනි මත සනාථ වෙලා නැහැ.

බොහෝ වේලාවට දෙහි, ලෙමන්, විනාකිරි භාවිතය තුළ ඔසප් දින කලින් නැවතීමට හේතු වන බව සමහරුන් ගේ මතයක් සමාජගත වෙලා තියන නිසා එවනි ආහාර වලින් වැලකී සිටීමක් දක්නට ලැබෙනව. නමුත් ඇඹුල් ආහාර යම් ප්‍රමාණයකට එක්කර ගැනීම හිතකරයි. මන්ද ඒ තුළින් සිරුරට අවශ්‍ය යකඩ අවශෝෂණයට උපකාර වීම තුළ නිරක්තිය වළකා ගන්න පුලුවන් . නමුත් අන්නාසි, තක්කාලි, ඉස්සෝ, දැල්ලෝ වැනි සිරුරේ උෂ්ණ බව වැඩි කරන ආහාර වලින් වැළකීම මේ කාලයට ගුණයි. එයින් පිත දුෂණය වීම වළක්වා ගන්න පුළුවන්.

තෙල්, බැඳුම්, (මස්, බිත්තර, මාළු) වැනි පිළි ආහාර ගෙන සවස් යාමය නැත්නම් ගොම්මන් යාමයේ තනියම ගමන් යාම හොඳ නැහැ කියලා අපේ ජන සමාජය තුළ සැලකුවා. දැනටත් සමහර ගම් වල මෙවැනි විශ්වාස තියනවා.
එයට හේතුව ශාරීරික වගේම මානසිකව යම් දුර්වල මට්ටමක ඇය සිටින නිසා ඒ තුළින් යම් අමනුෂ්‍ය බලපෑම්, නැතිනම් දෝෂ ඇතිවීමට පුළුවන් කියන විශ්වාසයි.

ඒ හා සමානව ඔසප් දින වල දීත් තෙල් පිළි ආහාරයට ගැනීම නුසුදුසුයි කියල සමාජය තුල පවතිනව . එය ආයුර්වේද විද්‍යාත්මකව පැහැදිලි කල හැක්කේ මෙසේයි. දිනවල තෙල් අධික ආහාර ගැනීම තුළ සිරුර තුළ අනවශ්‍ය මේදය තැන්පත් වී ඔසප් වේදනාව මතුවීමට හැකියාව තියන නිසා මෙවැනි අදහසක් කියන බව අපිට පැහැදිලි කරන්න පුලුවන් . නමුත් ඇත්තම කාරනය නම් මේ දිනවල සිරුරේ මනා පෝෂණය රඳවා ගැනීමට එළවළු, පළතුරු, මාළු, කිරි, බිත්තර අඩංගු සමබල ආහාර පාන ලබාගත යුතුයි.

ඇතැම් මව්වරු ඔසප් මුල් දිනයන් තුළ නෑමට අවසර දෙන්නැහැ. ඊට හේතුව ඔවුන් නිසියාකාරව නොදැන සිටියත් එහි සත්‍යතාවයක් තියෙනවා.

ඔසප් වීම ආරම්භක දින හා ඉන්පසු දින තුළ දී රුධිරය පිටවන නිසා සිරුරේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ දින දෙක තුළ නෑම තුළ සිරුරේ ප්‍රතිශක්තිය තවත් දුර්වල වී ඉතා පහසුවෙන් සිරුර තුළට විෂබීජ ඇතුලු වී ආසාධන තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

ඔසප් දින වල ස්නානය කළ විට ” ඉහට ගහනවා ” යයි මතයක් සමාජයේ පවතිනවා.
ආයුර්වේදයට අනුව මෙය විමසද්දි ඔසප් ලෙය හොඳින් බැහැර කරවන්නේ අපාන වාතයේ මනා ක්‍රියාකාරීත්වය තුළින්. එහි දී සීත වතුර නෑම තුළ වාතය කෝප වී ඔසප් ලෙය නිසි පරිදි බැහැර නොවී ඉහළට ගමන් කරන බවත් එය සිරුර තුළ එකතු වීමක් සිදුවන බවත් දක්වනවා. සමහර කාන්තාවන් මෙය ප්‍රායෝගිකව අත්දකිනව . ඒ නිසා මේ සියලුමත මිත්‍යා ලෙස ඉවත දැමීම ප්‍රායෝගික නෑ.

ඇත්තටම මේ තත්ත්වය දිගු කාලීනව සිදු වී ගර්භාෂගත ගෙඩි,ගර්භාෂගත රෝග,
Endometriosis වැනි තත්ත්ව පවා එන්න පුළුවන්.

අවසානයේ සුලු පිරිසකට මේ රෝග තත්ත්ව හා ගැටලු හරහා දරුඵල ප්‍රමාද වීම හෝ දරුඵල නොමැති වීමටත් එය බලපාන්න පුළුවන්.

නමුත් මේ දිනවල හොඳින් සිරුර පිරිසිදුව තබා ගැනීම වැදගත්. ප්‍රමිතිගත ගුණාත්මක සනිපාරක්ෂක තුවා භාවිතය වගේමපිරිසිදු වියළි යට ඇඳුම් භාවිතය ද වැදගත්.

ආදි ආර්තවය නැත්නම් මාසික ඔසප් වීම සම්බන්ධ සෞඛ්‍ය ගැටලු මතුවෙන්න පුළුවන්.

මීට අමතරව

අධික වෙහෙස
මානසික ආතතිය නිසා ඔසප් චක්‍ර ඇරඹුණු දින වල සිරුරට වෙහෙස වේදනවා එන්න පුළුවන්. ඒ නිසා විවේකීව සිටීමට පුළුවන් නම් ඉතාම හොඳයි.
තයිරොක්සින් ඌනතාවය තුළ එන ගැටලුවක් නම් රුධිර පරික්ෂාවකින් දැනගෙන හෝමෝන ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.

තරබාරුව නිසා ඔසප් ගැටලු ඇති වීමට පුළුවන්. අද වන විට මේ තත්ත්වය සුලබ ගැටලුවක් බවට පත්වෙලා තියනවා. ඒ වගේම තරබාරුව නිසා ඔසප් නැවතීමට පුළුවන්. ඒ හරහා දරුපල අහිමි වීම වගේම දරු පල ගණන සීමා වීමට පුළුවන්.

ඒ නිසා ආහාර පාලනය හා නිසි ව්‍යායාම රටාව තුළින් BMI අගය නිසි ලෙස තබා ගැනීම තුළ නිරෝගි දිවියට ද මඟ පාදයි.

සිරුර සුදු මැලි වීම
හිසකැක්කුම
කරකැවිල්ල
යටි බඩ හා කොන්දේ ඇතිවන වේදනාව
උකුල් සන්ධි කලවාවල වේදනාව
මානසික ව්‍යාකූල බව
යෝනි මාර්ගයේ අනින්නාක් වැනි වේදනාව

ඔසප් චක්‍ර සම්බන්ධ ගැටලු වලට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. නැත්නම් අනාගතයේ දී මවක් වීමේ සිහිනය ඔබෙන් ඈත් වී යාම සිදුවෙන්න පුළුවන්.

ආයුර්වේදය තුළ දී කරන ප්‍රතිකාර ලෙස විරේක කිරිම් ආදි පංචකර්ම චිකිත්සා වැනි දේ සිදු කරයි.

ඒ වගේම මානසික සුවය හා නිරෝගී දිවියක් ගත කරලීම වැදගත්.

ඒ සඳහා යෝග ව්‍යායම / ව්‍යායාම වල නිරතවීම වගේම කාන්තාවක් වූ ඔබ උදෑසන අවදිවීම නිරෝගීකමට ඉතා හොඳ ඔසුවක්. ආයුර්වේදය සඳහන් වන පරිදි බ්‍රහ්ම මූර්තියෙන්. එවිට දවස සැහැල්ලුවෙන් සතුටෙන් ගෙවිමේ හැකියාව ලැබෙන අතර කාලය ද ඉතුරු වෙනවා.

ඔසප් සමයේ වේදනාව දුරු කරගැනීමට නිවසේ දී ඔබට ඔසප් වීම ඇරඹීම දින කිහිපයකට පෙර කොත්තමල්ලි පානය හොඳයි.

රාත්‍රියට කොත්මල්ලි තේ හැඳි 1-2 ක් වතුර වීදුරුවකට දමා වසා තබා පසු දා හිස්බඩ පානය කිරීම තුළ ඔබට යම් සුවයක් ලබා ගන්න පුළුවන්.

එසේම ගර්භාෂ සංකෝචනය වැඩි කිරීමට ක්‍රමවත් කිරීමට සුදුළූණු වලට හැකියාව තියනවා.

ගොරකා, කුරුඳු පොතු, කරපිංචා, සුදු ලුණු ආදිය දැමු තැම්බුම් හොද්ද පානය තුළින් ඔසප් සමයේ ඇති වන ආහාර අරුචිය, වේදනාවට ගුණ දෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here