ඔසප් දින කිහිපය අපි ගෙවන්නේ ඉතාම අපහසුවෙන්.සනීපාරක්ෂක තුවා භාවිතයත් අපහසුතාවයක් වෙන අවස්ථා ඕනෑ තරම්. කාන්දු වීම්, බැහැර කිරීමේ අපහසුතා ආදිය නිසා සනීපාරක්ෂක තුවා ඔසප් දිනවල අපව වඩාත් සීමාවන්ට හිර කරනවා.ඒ සියල්ලටම විසඳුම ලෙසයි Menstrual cup හඳුන්වා දී තිබෙන්නේ.
මෙය පුංචි පුනීලයක හැඩයෙන් නිර්මාණය වූ ඔසප් කාලයේ පැළඳිය හැකි උපකරණයක්. ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිර්මාණය කර ඇති මෙය නැවත නැවතත් පාවිච්චි කල හැකි අතර වසර ගණනාවක් භාවිතා කරන්නටත් පුලුවනි.සනීපාරක්ෂක තුවා වෙනුවට මෙය පළඳින්නට පුලුවන්.
ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මේ උපකරණය 2018 දී ලංකාවට හඳුන්වා දෙන්නේ නදීෂා පෝලිස් විසින්.
නදීෂා පවසන අන්දමට සනීපාරක්ෂක තුවා වලින් ඇතිවෙන අපහසුතා වලට සහ එමඟින් සිදුවන පරිසර හානියටත් මෙය හොඳම විසඳුමක්.
මුලදී මෙය භාවිතා කිරීමේදී ඔබට නුහුරු බවක් සහ අපහසුතා දැනීම සාමාන්‍ය දෙයක්. නමුත් ඉක්මනින් ඔබ එයට හුරු වේවි.
නටන වතුරේ විනාඩි පහක් පමණ මෙය ජීවාණුහරණය කිරීමෙන් පසු ඔබත් දෑත් හොඳින් සෝදා ගන්න. ඉන්පසු මෙය සිරුරට ඇතුල් කිරීමට වඩා පහසු ඉරියව්ව තෝරාගෙන මේ රූප සටහනේ දැක්වෙන පරිදි ඔබට මෙය පැළඳිය හැකියි.
කප් එක පිටතට ගන්නා විට දෑත් හොඳින් සෝදාගන්න.යටි බඩින් පහතට තෙරපමින්, ඔසප් කෝප්පය ඉවතට තල්ලු කරන්න.ඉන්පසු නටුව දෙපැත්තට පදවමින් සෙමින් කෝප්පය යෝනි මාර්ගයෙන් ඉවත් කරගන්න.එහි එකතු වූ රුධිරය ඉවත් කරගන්න. නැවත ජීවාණුහරණය කරන්න.
මෙය ඔබට සුපිරි වෙළඳ සැල් මඟින් හෝ online service මඟින් ලබා ගැනීමට හැකියි.
-නිබන්ධිකා-
Saru FM Media