ඔව්! අද තරගය අපේ ගේම් එකක්! – චමරි අතපත්තු

0
3

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය. තරගය පැවැත්වීමට පෙර (ඊයේ) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මාධ්‍යවේදීන් හමුවේ තරගාවලිය ගැන අදහස් දක්වමින් කියාසිටියේ.

ඇත්තටම අපි කණ්ඩායමක් හැටියට සැලසුම් ගොඩක් සකස් කළා ඉන්දියානු තරගයට. ඒ සැලසුම් පන්දුවාර 25ක් වන තෙක් අපි හොඳින් ක්‍රියාත්මක කළා. ඉන්දියානු කණ්ඩායම කියන්නෙ ලේසි පහසු කණ්ඩායමක් නෙමෙයි. නමුත් අපි ඔවුන්ව ලකුණු 125ක් වගේ අඩු ලකුණු සංඛ්‍යාවකට කඩුලු 6ක් ලබාගත්ත. විශේෂයෙන්ම ස්මිත්‍රි මන්දනා ලකුණු අතර ඉන්න ක්‍රීඩිකාවක්. එයා අපේ මැච් එකට කලින් 100 තුනක් ගහල ආවෙ. නමුත් අපිට වැරදුනෙ අපි කරගෙන ආපු දේ දිගටම කරගෙන යන්න බැරිවෙච්ච එක. විශේෂයෙන්ම ඒගොල්ල ලකුණු 125කට කඩුලු 6ක් තිබුණෙ. නමුත් 7 වැනි කඩුල්ල දවාගන්න තිබුණ එක අපේ අතින් ගිලිහුණා. එතන ඉඳන් මොකක්ද වුණේ කියල අපි හැමෝම දැක්ක. මේ ගේම් එකේ කැච් එකක් අතාරිනව කියන්නෙ ප්‍රබල පාඩුවක්. අපි අතින් උඩපන්දු එකක් නෙමෙයි කීපයක් ගිලිහුණ. නමුත් ලකුණු 270ක් කියන්නෙ ඒ තණතීරුවෙ ලබාගන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක්. ඉතින් ශක්තිමත් පිතිකරණයක් තියෙන අපේ කණ්ඩායමට ඒ දේ කරන්න තිබුණ. අපි ලෝක කුසලානයෙ අන්තිම තරගය දක්වා යන්න බලාපොරොත්තු වෙනවා නම් කණ්ඩායම් නායිකාව හැටියට මම කියන්නෙ අපිට ලකුණු 270 ලබාගන්න පුළුවන් වෙන්න ඕන. ඒක අපට කරන්න ලැබුණෙ නෑ. මේ තරගාවලියෙ කිසිම කණ්ඩායමක් ලකුණු 200ට අඩුවෙන් දවාගන්න එක කරන්න අමාරු දෙයක්. එහෙනම් අපි කරන්න ඕන අපේ තියෙන පිතිකරණ අඩුපාඩු හදාගන්න එක.

ක්‍රීඩිකාවන් විදියට අපි මේ වගේ තරගාවලියකදි වගකීම ගන්න ඕන. පුහුණුකරුවො අපට ගොඩක් උදව් කරනව. ඊළඟ තරගය තියෙන්නෙ අපේ ක්‍රීඩාංගණයක. මම හිතනව ඊළඟ තරගය අපේ ක්‍රීඩිකාවන් වගකීම අරගෙන සෙල්ලම් කරයි කියල. මේ තරගය අපිට ගොඩක් වැදගත්. අපේ තිබෙන අඩුපාඩු අපි කතාකරල තියෙනව. මම හිතනව ඊළඟ තරගයෙදි අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියල.

පන්දු රැකීම සම්බන්ධයෙන් කතා කළොත් ඇත්තටම මේ වසරෙ අප්‍රේල් මාසෙ ඉඳන් අපි ගොඩක් මහන්සි වුණා පන්දු රැකීම සම්බන්ධයෙන්. අපි පුහුණු වෙන වෙලාවෙන් වැඩිම කාලයක් යොදවන්නෙ පන්දු රකින්න. ඒ සඳහා ගොඩක් දේවල් කරනව. ක්‍රීඩිකාවන්ට සමාවක් නෑ උඩපන්දු අතහැරියම. පුහුණුකරුවොත් අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනව. ක්‍රිකට් ආයතනය පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දේ දෙනව. පසුගිය තරගය දිහා බැලුවොත් අපි හොඳ උඩපන්දු ප්‍රමාණයක් රැකගත්ත. ප්‍රශ්නය තියෙන්නෙ ඕනම වෙලාවෙ උඩපන්දු අතහරිනව. ඒක තරගයක් පරදින්න හේතු වෙනව. කවුරුත් හිතල උඩපන්දු අතහරින්නෙ නෑ. නමුත් ක්‍රීඩිකාවන් හැටියට අපේ රස්සාව මේක. අනික මේ තරගාවලිය කියන්නෙ සාමාන්‍ය තරගාවලියක් නෙමෙයි ලෝක කුසලානයක්. හැම කණ්ඩායමක්ම ඇවිල්ල ඉන්නෙ ලොක කුසලානය ජයග්‍රහණය කරන්න. කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්න බෑ. ඔස්ටේ්‍රලියාව වෙන්න පුළුවන් බංග්ලාදේශය වෙන්න පුළුවන් මේ හැම තරගයක්ම අපිට වැදගත්. මේ තරගාවලියට ආවහම රෑන්කින් කියන්නෙ නම්බර් එකක් විතරයි. අපි දැක්ක බංග්ලාදේශ කණ්ඩායම කොහොමද සෙල්ලම් කළේ කියල පාකිස්තානයට එරෙහිව. ඒ නිසා අපි හැම තිස්සෙම බලන්න ඕන අපේ හොඳම ගේම් එක සෙල්ලම් කරන්න. මම හිතනව අපේ ක්‍රීඩිකාවන් ඊළඟ තරගයෙ හොඳ දේවල් කරයි කියල. මම දන්නව එහෙම සෙල්ලම් කළොත් අපිට ජයගන්න පුළුවන් වෙයි කියල.

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here