Player කෙනෙක්,එක්වර කාන්තාවන් කිහිප දෙනෙක් ඇසුරු කරන කෙනෙක් කටයුතු කිරීම පහසු නැහැ ඔබ ඔහුට කැමැත්තක් ඇති කර ගෙන හෝ ඔබ එවැන්නෙක් සමඟ සබඳතාවයක් ඇති කර ගැනීමට පටන් ගෙන තිබේ නම්, ඔබ ඔහුගේ කටයුතු ගැන උනන්දුවක් නොදක්වන බව ඔහුට කලින් දැනුම් දීම වැදගත්.කෙසේ වෙතත්, ඔබ ඔහුට කැමති නම් සහ ඔහු ඉක්මනින්ම ඔහුගේ ක්‍රම වෙනස් නොකරනු ඇති බව දන්නේ නම්, ඔබට මෙන්න මේ දේවල් කරන්නට වෙනවා.
ඔබ සංවේදී නම්, සැබෑ ආදරය සොයන්නේ නම් සහ ඔබට බොහෝ කාලයක් ගත කළ හැකි මිනිසෙකු අවශ්‍ය නම්, ඔබ මෙවැන්නෙකුට බැඳියයුතු නෑ. කෙසේ වෙතත්, ඔබට ඔහු Open Relationship එකක පැවතීම දරා ගත හැකි නම් ඔහු වෙනත් ගැහැනු ළමයින් ආශ්‍රය කිරීම ඔබට දරා ගත හැකි ඒ සම්බන්ධය පවත්වා ගා නමුත් ඔබ සම්බන්ධතාවය ආරම්භ කිරීමට පෙර අපේක්ෂා කළ යුතු දේ ඔබ දැන සිටිය යුතුයි.
ඔබට හානියක් නොවී සිටීමට එක් ක්‍රමයක් නම් ඔහුගෙන් ඕනෑවට වඩා දේ බලාපොරොත්තු නොවීමයි. ඔහුට ඔබව රාත්‍රී ආහාරය සඳහා රැගෙන යා හැකියි. නමුත් ඔබට අසනීපයක් දැනෙන විට ඔබට සුප් ලබා ගැනීමට ඔහු එහි නොසිටිය හැකියි. ඒවා ගැන ඔබ නොතකන්නේ නම් ඔහු සමඟ සම්බන්ධය ඔබට ගැටළුවක් වන්නේ නෑ.
ඔබ සම්බන්ධයක් පවත්වාගෙන යාමට එකඟ වී ඇත්නම් ඔහුට එන කෙටි පණිවිඩ,ඇමතුම් ගැන තැවෙන්නට හැකියාවක් ඔබට නැහැ.සමාජජාලාවල ඔහුට වඩාත් ඇගෑලුම් පාන අය ගැන විපරම් කිරීමට අවශ්‍ය වන්නේ නෑ.ඊර්ෂ්‍යාව මෙවැනි සම්බන්ධතාවලට අදාළ කර ගන්නට ඔබට නොහැකි බව මතක තබා ගන්න.
වඩාත් ගැඹුරු සම්බන්ධයක් පවත්වා ගැනීම අසීරු බව දැනගෙන ඔබ මේ සම්බන්ධයට පැමිණ තිබෙන්නේ.ඒ නිසා ඔහුව වෙනස් කරන්නට හදමින් කපීඩනයක් එල්ල කිරීම වැඩකට නැති දෙයක් වන්නට පුළුවන්.
ඔහුගේ දුරකථන ඇමතුම් සහ සමාජ මාධ්‍ය හැසිරීම,මිතුරියන් ඇසුරු කිරීම,නයිට් ක්ලබ් වැනි දේවල් නිසා ඔබ පීඩාවට පත්වෙමින් පෙළෙමින් සිටීම කමකට නැති දෙයක්.අමතක කළ යුතු නැතිම කාරණාව වන්නේ ඔහුගේ සැබෑ ස්වරූපය ඔබ දැන සිටින බවත් ඉන් පීඩාවට පත්වෙනවා නම් ඔබ කළ යුතු වන්නේ ඉවත් වීම බවත්.
ඔහු සමග දුර ගමනක් යාමට සැලසුම් කිරීම තේරුමක් නැති වන්නට පුළුවන්.ඔහුගේ ඊළඟ කොණ්ඩා විලාසිතා,ඔබ ඊළඟ නිවාඩුවට යන තැන වැනි දේ තීරණය කිරීම මිස ඔහු සහ විවාහ වන දිනය, දරුවන් කී දෙනෙක් හදනවද,ඔබේ සිහින නිවහන වැනි දේවල් ගැන සැලසුම් කිරීම ඔබ පීඩාවට පත් කරන්නක් වෙන්නට පුළුවන්.
ඔහු ගැන කිසිවක් නොදැන විවාහයට එළඹි ඉන්පසු ඔහුගේ සෙල්ලක්කාර ජීවිතය ගැන දැනගැනීමෙන් පසු ඔබට මේ තීරණය ගන්නට පුළුවන්.වෙන් වෙනතුරු සීමා තබා ගන්න.ඔහු කී දෙනෙකු සමග ලිංගික ඇසුරක් පවත්වනවා දැයි ඔබට තහවුරු කරගත නොහැකිනම් නොහැකි නම් ඔබ කිසි විටෙක ඔහු සමග ලිංගික සබඳතා පවත්වන්නට එපා.නැතිනම් ආරක්ෂිත ක්‍රම සෑම විටම අනුගමනය කරන්න.එක නිවසක වෙනම ජීවත් වීම ඔබේ තෝරාගැනීම නම් එය කරන්න.
සෙල්ලකාරයෙකු සමඟ ප්‍රේමයක් පවත්වාගෙන යාම ඔබ දැන දැනම කරන තෝරා ගැනීමක් වන්නට පුළුවන්.එය එසේනම් ආරක්ෂිතව සහ පීඩාවට පත් නොවී කරන ආකාරය ගැන ඔබ දැනටමත් දන්නවා වෙන්නට පුළුවන්.
නමුත්,ඔබ ප්‍රේමයක් ඇරඹීමෙන් පසු හෝ විවාහය කරවීමෙන් පසු ඔබේ සහකරු සෙල්ලක්කාරයෙකු බව තහවුරු වී ඇත්නම් ඔබට ඉවත් වීම කරන්නට ධෛර්යයක් උවමනා ඇති.
මුලින්ම සාක්ෂි එකතු කරගන්න.ඔහුගේ සෙල්ලක්කාර ජීවිතේ ගැන සාක්ෂි එකතු කර ගැනීම ඔබට නීතිය සම්බන්ධයෙන් පිළිසරණක් රැගෙන එන දෙයක්.නීතිඥයෙකු හමුවී වෙන්වීම පහසුවෙන් කරගන්නා ආකාරය ගැන සාකච්ඡා කරන්න.
සහකරුගේ සෙල්ලක්කාර හැසිරීම ඔබ මානසිකව දැඩිව පීඩාවට පත් කරන්නට ඉඩ තිබෙනවා.ඔබ ඔහුට සමාව දී අලුත් ආරම්භයක් ලබා ගන්නට සූදානම් නම් පවුල් උපදේශනයකට යොමු වී මේ සම්බන්ධයෙන් උත්සාහ කර බලන්නට ඔබට පුළුවනි.නමුත් ඒ සාර්ථක නොවේ නම් ඔබ තනිව උපදේශනයට යොමු විය යුතුයි.ඒ ඔහු නිසා රිදුණු හිත සුවපත් කර ගැනීම සඳහා.
ජීවිතය තුළ අපට විවිධාකාර මිනිසුන් මුණ ගැසෙන්නට පුළුවන්.ඒ සෑම කෙනෙකුගෙන්ම අත්දැකීම් රැගෙන ජීවිතය ඉදිරියට යාමයි ස්මාර්ට් යුවතියක් ලෙස ඔබ කළ යුතු වන්නේ.
Saru FM Media