ලෝකෙ කොච්චර දියුණූ වුණත් අපේ වගේ ආසියාතික රටවල මව් දෙමව්පියන් දරුවන්ව කසාද බන්දල දීල යවනතුරුම දරුවන්ව තමන්ගෙ බූදලයක් විදියටනෙ හිතාගෙන ඉන්නෙ. ඒක ඉතින් අපේ සංස්කෘතියට සම්බන්ධ දෙයක් හන්දා වරදක් කියන්න බැරි උනත් අම්මල තාත්තල හිතන විදියට වඩා වෙනස් විදියටනෙ ඉතින් දරුවො හිතන්නෙ. ඉතින් එහෙම තැනක අම්මල තාත්තල තාම සංස්කෘතිය ඇතුලෙ හිරවෙලා ඉද්දි දරුවො ඒ සංස්කෘතිය අතික්‍රමණය කරන්න හිතන්න පුලුවන්.
දරුවො අමුතු විදියෙ, අපි හිතනවට වඩා වෙනස් තීරණ ගනිද්දි සම්ප්‍රදායිකව හිතන දෙමව්පියන් පොඩ්ඩක් මේකට අවුල් යන්න පුලුවන්. අද කාලේ ගොඩක් අය විවාහයට කලින් එකට ඉන්න තීරණය කරනවා. අපේ පාරම්පරික සංස්කෘතියෙන් මේ Living Together කියන Concept එක හොඳයි කියලා පිළිගන්නෙ නැහැ. ඒත් දරුවා එහෙම තීරණයක් ගත්තොත් ඇත්තටම අපි මොකද්ද කරන්නෙ? දරුවන්ට අපේ ආදරය දෙන එක අයින් කරලා එයාලා තනි කරන්නද? නැත්තං මිතුරෙක් වගේ දායක වෙලා, මග පෙන්වලා, හොඳ මගට හරවන්නද? Living Together කියන Concept එක දිහා අපි බලන විදිය වෙනස් කරගන්නවද?
අන්න ඒ ගැන තමයි අපි අද කතා කරන්න හිතුවෙ. ඇත්තටම අපේ දරුවෙක් Living Together යනව කියල කිව්වොත් අපි මොකද කරන්න ඕන? අම්මලා තාත්තල විදියට අපි මොන විදියටද හැසිරෙන්න ඕන?
1. ආදරයෙන් කතාකිරීමේ වැදගත්කම
ඔයාගෙ දරුවාගේ තීරණය ගැන කතා කරද්දි කිසිම විදියකින් විවේචනයක් හෝ අපහාසයක් කරන්න යන්න එපා. මොකද කාලෙ වෙනස්, දරුවො දකින ලෝකෙ වෙනස්. ඒනිසා අපිට එයාලා ගන්න තීරණ ගැන අපහාසයක් කරන්න අයිතියක් නැහැ. දරුවන්ට ඔයාලව විශ්වාස කරන්න සහ ඔයාලා දෙයක් කියන්නෙ ආදරේට කියන එක තේරෙන්නෙ එතකොට.
උදාහරණයක් ලෙස: දරුවගෙන් අහන්න “ඔයා මේ තීරණේ ගන්නෙ හොඳට හිතල බලලද? ඇත්තටම මොකද්ද වෙන්නෙ කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න”
ආදරය සහ වදන්වල තියෙන සන්සුන්භාවය, ඔයාගෙ සබඳතාවය තවත් ශක්තිමත් කරන්න හේතුවක් වෙනවා.
2. එයාගෙ Partner ව නරක විදියට විවේචනය කරන්න එපා
ඔයා කතාව පටන් ගන්නෙම එයාගෙ Partner ගැන නරක විදියට විවේචනය කරලා නම් අන්න ඒක වැරදියි. ඔයා ඔයා කැමති කෙනෙක්ව තෝරගත්තා වගේ එයා තෝරගත්තෙ එයාට හරියනවා කියල හිතුන කෙනාව. ඒ මනුස්සයා ගැන සොයා බලන එක, ඒ දෙන්න ඇත්තටම ගැලපෙනවද කියල හොයන එක වගේ දේවල් තේරුම්ගන්න එක, හොයල බලන එක වරදක් නෑ.
ඒ වගේම එයාලගෙ Partner ගැන සොයා බැලීම, එකිනෙකට ගැලපෙන ආකාරය තේරුම් ගැනීම, සහ partner එක ගැන අහන ගැළපෙන ප්‍රශ්න, ඔයාගෙ Thinking Pattern එක තේරුම් ගන්න දරුවන්ට උදව් වෙනවා.
3. ඔය තීරණේ Secure ද
Living together කියන්නෙ නව අත්දැකීමක්, නමුත් එතනදි ආරක්ෂාව ගැන කතා කිරීම වැදගත්ම කොටසක්.
4. සමාජ බලපෑම් ගැන සලකා බලන්න
අපේ සමාජෙ ඇතුලෙ මේ වගේ, Living Together කියන Concept දිහා වැරදි විදියට, අමුතු විදියට බලනවා වෙන්න පුලුවන්. දරුවො නම් “අනේ ඔය මිනිස්සුන්ව මට වැඩක් නෑ” කියල කිව්වට වැඩිහිටියන්ට එහෙම සබඳතා අතාරින්න බෑනෙ. ඉතින් ඒ වගේ සමාජය අහන ප්‍රශ්න ඔබේ දරුවාට බලපානවා නම්, ඒ ගැන කතා කරන්න.
5. ගැටුම් වලට යාමෙන් වලක්වන්න
ඔයාගෙ දරුවා මෙන්ම, ඔවුන්ගේ partner ගේ ආකල්ප සහ මතය තේරුම්ගන්න ඕන නම් මුල ඉඳලම කතා කරන්න ඕන හොඳ තේරුම් ගැනීමකින් කියලා අමතක කරන්න එපා. මුලදිම දුම්මල වරම අතට අරගෙන වගේ කතා කරොත් වැඩේ කෙල වෙනවා කියන එක අමතක කරන්න එපා.
6. ඔවුන්ගේ ස්ථාවරතාවය සහ ගැලපීම පිළිබඳ කතා කරන්න
තම තමන්ගේ partner සමඟ සබඳතාවය ගොඩනැගීමට එයාලා ගන්න උත්සාහය වගේ දේවල් දිහා පුලුල් ඇහැකින් දකින්න අමතක කරන්න එපා. ඔයාලට වගේම එයාලටත් ඒක හරිම වැදගත්.
7. සරල, නිහතමානී උපදෙස් ලබා දෙන්න
ඔබේම ජීවන අත්දැකීම් ඔවුන්ට උදාහරණයක් වෙන්න පුලුවන්. එය ජීවිතයේ සබඳතා හොඳට ගොඩනැගීමේදී ඔවුන්ට උපකාරී වෙනවා. ඒ නිසා ඔයාලගෙ Experience එයාලා එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.
8. ආදරයෙන් අවබෝධය ලබා දී සහයෝගය දැක්වන්න
දරුවාගේ තීරණය පිළිබඳ අපහසුවක් දැනුනත්, ඔයාගෙ ආදරය එයාලා එක්ක හැමදාම තියන බව එයාට අඟවන්න, තේරුම් කරවන්න.
9. ආදර සබඳතාවයේ සීමාවන් පිළිබඳ මඟ පෙන්වන්න
Living together කියන එකේදී තනි decision-making විතරක්ම නොවෙයි වෙන්නෙ කියන එක එයාලට තේරුම් කරවන්න. එකිනෙකට ගැලපීමේ ආකාරය, විශේෂයෙන්ම සන්සුන්ව කතා කිරීම, සහ සබඳතාවයේ වටිනාකම තේරුම් ගැනීම, එහි අරමුණ බව එයාලට අඟවන්න. එහෙම නැතිනම් දරුවො Living Together සංකල්පයේ අරමුණ වැරදියට තේරුම් අරගන්න පුළුවන්.
10. ඔවුන්ගේ තීරණයට ගරු කරන්න
අවසානයේදී, ඒ ඔයාගෙ දරුවා වුනත් එයාගෙ ජීවිතේ තීරණ ගන්න එයාට ඔයාට වඩා අයිතියක් තියෙන බව අමතක කරන්න එපා. එයාගෙ සතුට ඔයාගෙත් සතුට බව, ඒත් ආදරය නිසාම ඔයා එයාලා ගැන හිතන බව, Worry වෙන බව කියන්න.
Saru FM Media