ඔබ සමාජ ආශ්‍රයට බිය කෙනෙක් නම් අනිවාර්‍යයෙන්ම මේ ලිපිය කියවන්න

0
11


“අපෝ එයානම් හරි  කුලෑටියි…” ” ශා.. එයා නම් මාර සෝශල්…” මේ වචන ටික ඔබ අහලා නැති වෙන්න විදියක් නැහැ. සමහරවිට ඔබ දිනපතාම වුනත් මේ වචන අහනවා වෙන්න පුලුවන්. සමාජශීලි වෙනවා, එහෙම නැත්නම් මේ සෝශල් වෙනවා කියන එක සමාජය ඇතුලේ එක එක්කෙනාට එක එක විදියට අර්ත දක්වගන්න පුලුවන් හැසිරීමක්.

 සෝශල් කියන්නේ කෑ ගහල දඟලලා ඉන්න එකම විතරක් නෙවෙයි. හොඳ අවබෝධයකින් සිද්ධි කළමනාකරනය කරගෙන, අනෙක් අයවලුන් සමඟ සමාජ අවබෝධය්ක් ඇතුව ජීවත්වෙන එක තමයි වැඩිපුරම වටින්නේ. ඒත් මේ විදියට සමාජශීලිව ඉන්න නම් ඔබට සිදුවෙනවා කතා බහ කරලා සමාජය එක්ක මුහුවෙන්න. ඉඟි සහ වාචිකමය නොවන අභිනය්න්ගෙන් සමාජයට ඔබ සතු දෑ කියන්න. අපි අද මේ ලිපියෙන් ඔබ එක්ක බෙදාගන්නේ සෝශල් වෙන්න ඔබට අත් හදා බලන්න පුලුවන් ටිප්ස් කිහිපයක්,

ඔබට අනෙක් කෙන එක්ක කතා බහ කරන්න අපහසුද? .. අලුත් කෙනෙක් හමුවුනාම ඔහු හෝ ඇය එක්ක දොඬමලු වෙලා කතා  බහ කරනවා වෙනුවට ඔබ ඔහු හෝ ඇයව මඟාරලා යන්වද? .. බය වෙන්න එපා. ඒක තවදුරටත් ඔබට බාධාවක් නෙවෙයි. ඉස්සරවෙලාම ඔබේ වෙනස්වීම කුඩා පරිසරයකින් පටන් ගන්න. මේකට ගොඩක්ම ගැලෙපෙන්නේ ඔයාගේ ගෙදර. අම්මා, තාත්තා, අයි යා, අක්කා, නංගි, මල්ලී නැත්නම් ඔයාගේ සුරතලා එක්ක හරි කතා කරන්න.  එතැනදී සැලකිලිමත් වෙන්න ඕනි අනෙක් කෙනාගේ ඇස් දෙක දිහා බලාගෙන, ඇස් සම්බන්ධතා තියාගෙන කතා බහ කරන්නත්.

“බී ඉන් යුවර් ශූස්” කියලා කතාවක් අහලා තියෙනවද? ඒ කියන්නේ අනෙක් අයගේ අවස්තාවන් ගැන හිතනකොට ඔබ එම අවස්තාවේ උන්නෝත් ඔබට දැනෙන විදිය හිතලා ඒ විදියට අනුව අනෙක් කෙනාට ප්‍රතිචාර දක්වන්න කියන එක. එහෙම වුනහම ඔබ සමාජයේ එක් එක් අවස්තාවට නොගැලපෙනවා කියන හැඟීම ඔබට දැනෙන්නේ නැහැ.

නිතරම ඔබට සාපේක්ශව අනෙක් අයගේ අවස්තාවන් ගැන හිතලා බලන්න. ඒ වගේම ඔබ තුල තියෙන දුර්වලතා සහ ශක්තීන් ඒ ප්‍රමාණ වලින් අඩු සහ වැඩි විදියට සමාජය තුල සිටින අනෙක් මිනිසුන්ට තියෙන්න පුලුවන් බවත් විශ්වාස කරන්න. ඔබේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් ගැන ඔබම ස්වයං අවබෝධයක් තියාගන්න එකත් වැදගත්. එහෙම වුනාම අවස්තාවන්වලට අදාල විදියට ඔබට ඔබේ පාලනය කරගන්න පුලුවන් වෙනවා. සමාජශීලි වීම කියන්නේ සමාජයේ කැපී පෙනීම නොවන බවත්, සමාජයට ගැලපිලා ඒ අනුව ජීවත් වෙන එක බවත් කාලයක් මේ ටිප්ස් අනුගමනය කරනකොට ඔබටම වැටහේවි.

ඔබ හමුවේ කතා කරන අනෙකාට ඔබ සවන් දෙන බව පෙන්නන එක එක උපක්‍රමයක්. අවධානයෙන් සවන් දීම තුල අනෙකාත් ඔබට සවන් දෙන්න පෙලැඹෙනවා.

ඔබට සමාජය තුළ ජීවත් වෙන එක අපහසු බව දැනෙන වෙලාවට වුනත්, ඉතාම කුඩා වෙලාවකට හරි සමාජය එක්ක මුහු වෙන්න උත්සාහ කරන්න. අඩුම තරමේ නාඳුනන, අහම්බෙන් මුණ ගැහෙන කෙනෙක් එක්ක හිනාවෙන්න අහ්‍රි උත්සාහ කරන්න. දවසින් දවස ඒ වෙනුවෙන් වැය වෙන කාලය වැඩි වෙනකොට ඔබටම වැටහේවි යම වෙනසක්  සිදු වෙන බව.

සමහර වෙලාවට ඔබට කතා කරන්න අපහසුයි කියලා දැනෙනවා වෙන්න පුලුවන්. එහෙම වෙලාවට බය නැතුව අහගෙන ඉන්න පුරුදු වෙන්න. අනෙක් කෙනාට කතා කරන මාතෘ කාව විතරක් ඔබ හදලා දෙන්න.

“මට නම් මේ දවස් වල ජීවිතේ හරිම අපහසුයි …?”

ඔබ ප්‍රශ්නාර්‍ත ශරීර අභිනයක් එක්ක එහෙම කතාබහ නැවැත්තුවම අනෙක් කෙනා ඔබ වෙනුවෙන් කතා කරාවි. ඔබට තියෙන්නේ සවන්දෙන්නා වෙන්න. කල් යනකොට ඔබට කතා කරන්න දේවල් හැදේවි.

හැමෝම අගයනාවට කැමති බව ඔබ දන්නවනේ. ඔබෙ වටපිටාවේ හමුවන අයගේ හොඳ දේවල් වෙනුවෙන් හදවතින්ම ඇගයීමක් තියනන් උත්සාහ කරන්න. එහෙම වුනාම ඒ අය ඔඉබේම ඔබේ ආශ්‍රය ප්‍රිය කරනවා.

” ඔයා අද හරි ලස්සනයි..”

“ඔයාගේ වැඩ හරිම නීට්…”

“ඔයා කොහොමද හැමවෙලේම හිනාවෙලා ඉන්නේ?…”

“ඔයා නම් හරිම ශෝක් …”

“ඔයාගේ කේක් එක හරිම රසයි ..”

මේ වගේ ඉතාම කුඩා වචන පේලි වලින් ඔබේ ජීවිතේ සැබෑම වෙනස්ක් වෙන බව ඔබටම පෙනේවි.

කරුණාකරලා, ස්තූතියි වගේ වචන භාවිතය දිනපතා  පුරුද්දක් කරගන්න. ඒ වචන වල  තියෙන්නේ අනෙක් කෙනා ඔබ වෙටහ් ආකර්ශණය කරවන බලයක් බව ඔබම වටහා ගනීව්.

ඔබ සමඟ සිටින පුද්ගලයන් වෙනුවෙන් ඔබේ අවධානය දෙන්න. ඇස් මඟ නොහැර කතා කරන්න. ඇස් මඟ නොහැර සවන්දෙන්න. බිම බලාගෙන මිනිසුන් පසු කරයන එක වෙනුවට පොඩි හිනාවක් එක්ක මිනිසුන් පහු කරන්න පුරුදු වෙන්න.

සමහර වෙලාවට ඔබේ සිතුවිලිම ඔබව බින්දුවටම කඩලා දාන අවස්තා එනවා. එහෙම වෙලාවට හොඳ හුස්මක් ගන්න. ඔබට හැකි බව ඔබම ආයෙම හිතන්න. ඒ කතා බහ වෙනුවෙන් ආයෙම උත්සාහ කරන්න.

“අනේ එයා නම් හරිම ලැජ්ජකාරයා..පොඩි කාලේ ඉඳලාම එහෙමයි …” ඔහොම කියන නෑදෑයොන්ට ඔබව පාලනය කරන්න නොදී ඉන්න. ඔබේ සිතුවිලි වලින් ඔබට අහස වුනත් අල්ලන්න පුලුවන් බව විශ්වාස කරන්න. ඒ සිතුවිලි වල පාලනය ඔබේ අතට ගන්න එකයි වැඩියෙන්ම වැදගත් වෙන්නේ කියලා විශ්වාස කරන්න

අපේක්ෂා ගුණරත්න  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here