ඔබ නොදන්න අත්බෑග් විලාසිතා

0
11


කාන්තා අපේ විලාසිතා අතර අත්බෑග් (hand bag) වලට හිමිවෙන්නෙ ප්‍රධාන ස්ථානයක්නෙ. 

අපි ආස කරන ජනප්‍රිය චරිත විවිධ අවස්ථාවල් වලට බොහොම හොඳින් ගැළපෙන, බොහොම ආකර්ෂණීය අත්බෑග් (hand bag) විලාසිතා පාවිච්චි කරන විදිහත් ඔබ දැකල ඇති. 

ඒ විදිහට ඔබට වගේම තැනට ගැළපෙන අත්බෑග් (hand bag) පාවිච්චි කරන්න ඔබත් කැමතිනෙ. 

ඒ සඳහා උදව්වක් විදිහට අත්බෑග් වර්ග කීපයක් සහ ඒව හඳුන්වන්න පාවිච්චි කරන නම් ගැන ඔබව දැනුවත් කරන්නයි අපි අද සූදානම් වෙන්නෙ.  

ඒ මොනවද කියල අපි දැන් බලමු

ඔව් shoulder bag වලට මේ නම ලැබී ඇත්තේම මේ බෑග් පළඳින විදිහ අනුවයි. එක් උරහිසකින් එල්ලා වැටෙන පරිදි මේ බෑග් වර්ගය පැළඳීම සිදුකරනවා. 

විවිධ ප්‍රමාණයේ shoulder bags අපිට දකින්න ලැබෙනවා.

නමුත්, සාමාන්‍යයෙන් මේ වර්ගයේ බෑග් තරමක් විශාලත්වයෙන් යුතු නිසා ඔබේ සියළුම අත්‍යාවශ්‍ය දේවල් ගෙනයාමේ හැකියාව තියෙනවා.

ඒ නිසා අත්බෑග් අතර වඩා ජනප්‍රිය අත්බෑග් වර්ගය විදිහට වගේම වැඩිපුර පළඳින අත්බෑග් වර්ගය විදිහටත් shoulder bag හැඳින්වීමේ වරදක් නැහැ.   

Shoulder bag සාමාන්‍ය ගමනට වගේම කාර්යාලයටත් ගැළපෙන විලාසිතාවක් වීම ඒ සඳහා තවත් හේතුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

තනිපටියකින් යුතු මේ අත්බෑග් විලාසිතාවටත් ඒ නම ලැබී ඇත්තේ මේ අත්බෑග් වර්ගය පළඳින ආකාරය අනුවයි. 

උරහිසින් පැළඳ සිරුර හරහා යවන මේ අත්බෑග් වර්ගය පැළඳීමෙන් ඔබේ අත් වලට නිදහසක් ලැබෙනවා. ඒ නිසා crossbody bags පැළඳ විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න වගේම නිදහසේ සංචාරය කරන්නත් පුළුවන්.

කුඩා මුදල් පසුම්බියක්, ජංගම දුරකථනය වගේම අත්‍යාවශ්‍ය රූපාලාවන්‍ය නිෂ්පාදන (makeup) කීපයක් වුනත් මේ අත්බෑග් වර්ගය තුළ දමාගෙන යන්න පුළුවන් වීමත් ඔබට ලැබෙන තවත් පහසුවක්.

Shoulder bags වලට පෙනුමෙන් බොහෝ සමාන මේ අත්බෑග් වර්ගයේ ඇති ප්‍රධානම වෙනස්කම shoulder bag වල ඇති කෙටි උරහිස් පටි (handles) වලට අමතරව මේවගේ තරම්ක් දිග පටි (handles) දෙකකුත් දකින්නට ලැබීමයි. 

Shoulder bags වලට වඩා ප්‍රමාණයෙන් මඳක් විශාල වීම නිසා පොත් සහ ලැප්ටොප් පරිඝනක (laptop) බොහොම පහසුවෙන් රැගෙන යන්නත් ඔබට හැකියාව ලැබෙනවා.

ඝනකම් නයිලෝන් හෝ කැන්වස් රෙද්දෙන් නිර්මාණය කර ඇති මේ බෑග් වර්ගය ඔබේ එදිනෙදා ගමන්බිමන් වලට ඉතාම සුදුසු වෙනවා. 

තරමක විශාලත්වයෙන් යුතු මේ බෑග් භාවිතා කරන විට එතුල ඇති භාණ්ඩ පහසුවෙන් එළියට ගන්න වගේම ඇතුළට දාන්නත් ඉතා පහසු වෙනවා. 

ඒවගේම ලෙදර් වැනි උසස් තත්වයේ රෙදි වලින් නිෂ්පාදනය කරන ලද tote bag වර්ගත් අද දකින්න ලැබෙනවා. 

ඉතාම ආකර්ෂණීය අල්ලේ රදවා ගෙන යා හැකි කුඩා බෑගයක් වන මෙය විවිධ පාට සහ විවිධ මෝස්තර වලින් නිර්මාණය කර තිබෙනවා.

සාද වලට, විවිධ උත්සව වලට, වැදගත් අවස්ථා වලට වගේම විවාහ මංගල්‍ය උත්සව වලට රැගෙන යන්න මේ බෑග් වර්ගය ඉතාම හොඳින් ගැළැපෙනවා. 

අවශ්‍ය නම් ඉවත් කරන්න පුළුවන් උරහිස් පටියකින්ද සමන්විත නිසා මේ බෑග් පළඳින විට අවශ්‍ය නම් ඔබේ අත් නිදහසේ තබා ගන්න වුනත් පුළුවන්. 

වර්තමානයේ බොහෝ යුවතියන් අතර ඉතාම ජනප්‍රිය අත්බෑග් විලාසිතාවක් තමයි මේ. 

අත්බෑගයක් හසුරවන විට ඇතිවෙන කිසිදු කරදරයක් මේ අත්බෑග් විලාසිතාව පළඳින විට ඔබට ඇතිවෙන්නෙ නෑ. ඒ වගේම සාමාන්‍ය backpack තරම් විශාල නොවුනත් ඔබට අත්‍යාවශ්‍ය දේවල් සියල්ලම ගබඩා කරගන්න මේ බෑගය තුළ ඉඩ තිබෙනවා. 

භාණ්ඩ මිලදී ගන්න වගේ ඉතාම සාමාන්‍ය වගේම හදිසි ගමනක් යන්න වුතත් ඔබට මේ අත්බෑග් වර්ගය ඉතාම හොඳින් ගැළපෙනවා. 

හැඳුනුම්පත, ජංගම දුරකතනය, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් වර්ග දමාගෙන යන්න පුළුවන් ලෙස නිර්මාණය වී ඇති මේ බෑග් වර්ගය බොහෝ විට මුදල් පසුම්බියක හැඩයක් ගන්නවා. 

කුඩා, අඩ සඳක හැඩයක් ගන්න මේ අත්බෑග් වර්ගය ඉතා කෙටි උරහිස් පටියකින් යුක්ත වෙනවා. 

ඔබේ යහළුවන් සමඟ මිතුරු හමුවකට, ආහාර වේලකට එළියට යන අවස්ථාවල මේ අත්බෑග් වර්ගය සුදුසුයි. 

Hobo bag සාමාන්‍ය සහ ඉතා විශේෂ අවස්ථා අතර මැද අවස්ථා සඳහා සුදුසු ඔබේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම දමාගෙන යන්න පුළුවන් තරමේ විශාලත්වයකින් සහ විවිධ ආකර්ෂණීය පාටවල් වලින්ද දැකගන්න පුළුවන්. 

ඔන්න ඉතිං දැන් ඔබ ලඟ තියන අත්බෑග් වර්ගයට කියන නම ඔබට දැනගන්න ලැබෙන්න ඇති කියල අපි හිතනවා.

මීට පස්සෙ වෙළඳසැලකට ගිහින් ඔබට අවශ්‍ය අතබෑග් වර්ගය නිවැරදිව ඉල්ලන්නත් දැන් ඔබට පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here