ඔබ දරුවාගේ හොඳම අසන්නා වෙන්න

0
11


දරුවන් කියන්නේ පවුලේ වැදගත් චරිතයක්. ඒත් අපේ තියෙන වැඩ රාජකාරි සමග දරුවන්ට කන්න අඳින්න දුන්නත් ඔවුන්ගේ හොඳම අසන්නා වීමේ මව්පිය භුමිකාව සමහර විට ඔබ වෙතින් ගිලිහෙන්නටත් ඉඩ තිබෙනවා.ඒ නිසා ඔබ නිතරම දරුවාගේ හොඳම අසන්නා වීම ඉතාම වැදගත්. ඒත් මේ හොඳම අසන්නා කියන චරිතයට දෙමව්පියන් පත් වෙන්නේ කොහොමද…?

අපි දෙමව්පියන් දරුවන් එක්ක වැඩිය කිට්ටු වෙන්න හොඳ නැහැ. කියන සිතුවිල්ල එතරම් හොඳ නැහැ. දරුවන් සමග ඔබ සමීප වෙන තරමටම දරුවා ඔබට සමීප වෙනවා. මේ සමීපබව සමග ඔබ සහ දරුවා අතර සම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා.එවිට දරුවාටත් නොදැනීම ඔවුන්ගේ අදහස් උදහස් ඔබ සමග සන්නිවේදනය කරන අතර ඔබටත් ඒවා නෑසූ විදිහට ඉන්න හැකියාවක් නැති වෙනවා.

සමහර විට දරුවන් තොරතෝංචියක් නැතුව ඔවුන්ගේ අත්දැකීම් ඔබ සමග කියනු ඇති. ඒ වගේ වේලාවලදී දරුවා කියන දෙයට ඇහුම්කන් නොදී ඉන්න එපා. සමහර විට ඔවුන්ගේ දොඩමලුව ඔබට වැදගැම්මක් නැති වුනත් ඔබ දරුවාගේ හොඳම අසන්නා බව ඔවුන්ට ඒත්තු ගැනෙන විදිහට ජීවත් වෙන්න.දරුවාගේ සමීපතම මිතුරා ඔබ නිසා ඔවුන්ට තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට සිටින හොඳම මිතුරා ඔබයි.

දරුවන් සමග කතා කරන විට ඔබ විවෘත වෙන්න.බොහෝ විට පවුලක අදහස් විවෘතව බෙදා හදා ගැනීමත් පවුලක් විදිහට පවත්නා සම්බන්ධතාවයන් තහවුරු වීමට ඉතාම අවශ්‍ය වෙනවා.ඒත් අද පවුලක සැමියා කරන දෙය බිරිද නොදන්නා සහ බිරිද කරන දෙය සැමියා නොදන්නා තත්වයට පත්ව තිබියදී දරුවාගේ අදහස් උදහස් සන්නිවේදනය කර ගැනීමට නොමැතිව ඔවුන් අසරණ වෙනු ඇත.

දරුවන්ට ආදරය පෙන්වීම සුදුසු නැතැයි කියන සංකල්පයක් අතීතයේදී තිබුනත් දැන් මනෝවිද්‍යඥයින්ගේ පිලිගැනීම අනුව දරුවන්ට දැනෙන්න ආදරය කළ යුතුයි. ඒ වෙනුවෙන් කොන්දේසි අවශ්‍ය නැහැ.දරුවන්ට දෙමව්පියන්ගේ ආදරය දැනෙන විට ඔවුන් දෙමව්පියන්ට වඩාත් සමීප වෙනු ඇති. මේ සමීපතාවය නිසා දරුවන්ගේ හොඳම සන්නිවේදකයා බවට ඔබ පත් වෙනු ඇත.

පවුලක හොඳම සන්නිවේදන අවස්ථාව කෑම මේසයයි. ඒත් අද පවුලක් එකට කන බොන වේලාවක් ඇත්තේම නැහැ. තාත්තා එක වේලාවක, අම්මා එක වේලාවක ආහාර ගන්නා රටාවක් තුළ දරුවන්ට තමන්ගේ අදහස් සන්නිවේදනයට අවස්ථාවක් ලැබී නැහැ.සමාජ විදයාඥයන්ගේ පවා පෙන්වා දෙන අන්දමට පවුලක් එකම වේලාවක එකම මේසයක ආහාර ගැනීම ඉතාම වැදගත්.ඒ නිසා පවුලක ආහාර ගැනීමේදී එක මේසයක එක වේලාවක එකට ආහාර ගැනීම වඩාත් වැදගත් වෙන්නේ එහිදී දවසේ සියළුම සිදුවීම් සන්නිවේදනයට හොඳම අවස්ථාව මෙහිදී සිදු වෙන නිසයි.

සාමාන්‍ය කට වහරට එදා කිව්ව  කාර්යාලයට යන විට නිවස  ප්‍රශ්න නිවසේ තබාත්, නිවසට එන විට කාර්යාලයේ ගැටලු එහි තබාත් පැමිණෙන ලෙසය.. එහි අර්ථය වුනේ පුද්ගලයාගේ බැදීම අදාල ස්තානය සමග වඩාත් සාර්ථක ලෙසින් පවත්වා ගැනීමටයි.අද මේ තැනට ජංග  මෙවලම් ආදේශ කරන්න පුලුවනි.අද පවුලක ඇති සම්බන්ධතාවය බිඳ වැටීමට ඩංගම ුුරකථන සහ වෙනත් උපාංග මෙන්ම සමාජජාලා සමග පවත්නා සම්බන්ධතාවන්ද හේතු වී තිබෙනවා. ඒ නිසාම දරුවන්  සහ දෙමව්පියන් අතර පවත්නා සන්නිවේදනය නොදැනීම ගිලිහී ගොස් තිබෙනවා.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ හැකිතාක් දුරට ජංගම මෙවලම් සමග ගණුදෙනු සහ සමාජ ජාලයත් සමග පවත්නා සම්බන්ධතාවයන්ද නිවසේදී සීමා කරන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here