ඔබ ඔබේ සහකරු සමඟ සිටින්නේ අකමැත්තෙන්ද?

0
11


“ඇත්තටම මට හිතෙනව අපි දෙන්නා අතර කිසිම ගැළපීමක් නෑ කියල.මට සමීරව දැක්කමත් මහ අප්‍රසන්නයි.කෙටියෙන්ම කිව්වොත් මං එයාට කැමති නෑ.”

වත්සලාට තිබුණේ එහෙම ප්‍රශ්නයක්.ඇය ඒ ගැන මිතුරියන් සමඟ නිරන්තරයෙන්ම පැවසුවා.ෆේස්බුක් කාන්තා සමූහවලට ගැටළුව නිර්නාමිකව ලියා එව්වා.අකමැති සහකරු සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණාව ඇයට විතරක් නෙවෙයි.බොහෝ කාන්තාවන්ට තියන ගැටලුවක්.

ඉතින් ඔබට මේ වගේ ගැටලුවක් තියනවානම් මේ දේවල් ගැන මතකයේ තියා ගන්න.

ඔබට ඔබේ ප්‍රතිචාර සහ ප්‍රතික්‍රියා වෙනස් කරන්න පුලුවන්.නමුත් ඔහුව සම්පූර්ණයෙන් වෙනස් කරන්න බෑ.ඒ නිසා ඔහුගේ අකමැති දේවල් බලහත්කාරයෙන් වෙනස් කරන්න උත්සාහ කරන්න එපා.

ඔබ කැමති දේ හොයා ගන්න උත්සාහ කරන්න.ඔහුගේ මොනයම් හෝ හැසිරීමකට ඔබේ ප්‍රියතාවය සොයා ගන්න පුලුවන්.ඔබ කුමක් හෝ ධනාත්මක දෙයක් සොයා ගතහොත් ඒ ඔස්සේ ඔබට ඔහු ගැන කැමැත්තක් ඇති කරගන්නත් පුලුවන් වෙයි.

ඔහු ඔබ කැමති දේවල් කරන අවස්ථා තියනවා.ඒ වගේ දේවල් අගය කරන්න.අපහාසය සහ උපහාසයත් ඔබ දෙදෙනාව තවතවත් ඈත් කරනවා පමණයි.ඒ නිසා හැකිතාක් අගය කිරීම් ඔබ දෙදෙනා අතරට රැගෙන එන්න.

ඔබ අකමැති දෙයක් ඔහු දිගින් දිගටම කරද්දී ඔබ මඳ වෙලාවක් තනිව හිඳින්න.ඔහු නොපෙනෙන ලෙස හිඳීම සහ ඒ ක්‍රියා දෙස නොබලා සිටීමෙන් යහපත් වෙන්නේ ඔබේ මානසික තත්ත්වය බව තරයේ සිහියට ගන්න.

ඇනුම් බැනුම් සහ අතපය විසි කිරීම් කිසිම ගැටලුවක් විසඳන්නේ නැහැ.ඒ නිසා රන්ඩු කරන්නට උත්සාහ කරන්න එපා.ඒ වගේ පැමිණිලි කිරීම් ඔබව වඩවඩාත් කෝපයට පත් කරනවා පමණයි.ඉන් මිදෙන්නටත් සිහියේ තබා ගන්න.

මතක තබා ගන්න.ඔබ හිඳින්නේ මානසිකව අපහසු කාලයක.නොපෑහෙන තැනක ඉන්නට සිදුවීම සහ අප්‍රසන්න මිනිසෙකු සමඟ එක්ව හිඳින්නට සිදුවීම ඔබව මානසික වශයෙන් අඩපණ කරන්නක්.ඒ නිසා ඔබ නිතරම ඔබේ මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගන්න.

මෙය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.අනිවාර්යයෙන් ම ඔබ උපදේශනය ලබා ගත යුතුමයි.උපදේශනයට යොමු නුරුස්නා තැන් ගළපා ගන්නට උත්සාහ ගන්න.එසේ නොමැතිනම් සම්බන්ධතාවය අවසන් කිරීම හෝ දික්කසාදයකට යොමු වීමට පසුබට වෙන්න එපා.

අසීරුතා සහ දැඩි මානසික පීඩා විඳිමින් සම්බන්ධතාවයක් ඉදිරියට රැගෙන යාම සැබෑවටම අපහසු දෙයක්.ඒ නිසා හදවතින් නොව බුද්ධියෙන් තීරණ ගන්නට ස්මාර්ට් වෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here