ඔබේ සුපුරුදු විලාසිතාව, ඩෙනිම් ගැන ඔබ නොහිතන දේවල්

0
3

ඩෙනිම් කියන්නේ යුවතියන්ගේ ජනප්‍රිය ඇඳුමක්. ලොකු විලාසිතාවක්.. ඒ විලාසිතා ඔහේ කරන්නන් වාලේ කරන්න එපා. දැනගෙන පිළිවෙලකට කරන්න.

ඩෙනිම් කිවම දැන් අලුත්ම ෆැෂන් එක, පෙන්සිල් කට් ඩෙනිම්!!!

ඔච්චර හිරට පෙන්සිල් කට් ඩෙනිමක්  ඇඳලා බලාපොරොත්තු වෙන්නේ ලස්සනට ඉන්න විතරක්මද? සිරුරේ හැඞය ඉස්මතු කරල පොඩ්ඩක් සෙක්සි ලුක් එකක් ගන්නත් ඔබේ කැමැත්තක් ඇති. නැත්නම් අලුත් ලෝකේ තියන හැමදේම කරන්න, රැල්ලට ඇඳුම් අඳින කාන්තාවනුත් ඕනෑ තරම්.

දැන් ඔය ඩෙනිම් එක ඇතුළේ කිටි කිටියේ හිර වේවි ඔබ දවසේ පැය කීයක් ගෙවනවද කියන්න බලන්න. උදේ ඉඳන් අඩුම පැය හත අටක් වත් එහෙම ඉන්න සිදු වෙනවා ඇති. 

මේ ඇඳුම් මඟින් සිදු වෙන දේ තමයි කකුලේ මාංශ පේශි අධික ලෙස තෙරපීම.ඊට පස්සේ ස්නායු තෙරපෙනවා. ඒ නිසා වෙන්නේ ඔබ රෝගියෙකු වීම. දිගු කාලීනව මෙහෙම ස්නායු තෙරපීම් වලට ලක් වෙන්න චුට්ටක් වත් හොඳ නැහැ. ඔබ අංශ භාග රෝගියෙකු කරන්න පවා පුළුවන්. මේවා කියන්නේ වෛද්‍යවරු. ලස්සනට ඉන්න ගිහින් ලෙඩෙක් වෙන්න ඕනෑම ද?

අනික් විලාසිතාව ලෙගින්ස්. 

ලෙගින් ට්‍රවුසර් එකත් ඔය ඉහත කාරණය එක්ක සියයට සියක් එකඟයි. ලෙගින් ට්‍රවුසර් එක ඉස්සරලම නිර්මාණය වෙන්නේ සයිකලින් ෂෝට්ස් කියලා. සාක්කු මොකුත් නැති ඇඟට ඇලුණු මේ කලිසම කපු රෙදි වලින් තමයි මුලින් නිර්මාණය වුණේ ක්‍රීඩාව වෙනුවෙන් . පසුකාලීනව ලෙගින්ස් වුණු මේ විලාසිතාව බටහිර රටවල පාවිච්චි වෙන්නේ නම් සීත කාලයට සම ආරක්‍ෂිත කරන්න.
නමුත් අපේ රටේ එය විලාසිතාවක් වෙලා.

ලෙගින්ස් වලට අඳින්න ඕනේ ටොප් එක ටිකක් දිගට අඳින්න. ඒක තමයි  සුදුසුම විදිය. කොටට ඇන්දම ඔබේ සිරුර හරිම නරක විදියට ඉස්මතු වෙලා පෙනෙනවා. මුලින් ඔබ ඔබ ගැන හිතන්න. කාගේවත් හැඟීම් අවුස්සන්න නෙවේ. තමන්ගේ විලාසිතා වල මිම්ම හොඳට හිතන්න..

දැන් ප්‍රමුඛ පෙළේ විලාසිතාගාර වල දිගම දිග ටොප්ස් ඕනේ තරම් ඔබ දැකල ඇති. අන්න ඒවා තියෙන්නේ මේ කියන ලෙගින්ස් වලට. අරන් අඳින්න. ඔබේ ලස්සනට සීමා රහිත වේ.

අපි නොහිතන දේවල් ඇඳුමට කරන්න පුළුවනි.
ලෙඩ කෝටියක් අරන් එන්න පුළුවනි.
කොච්චර සංවර හිතක් තියන කෙල්ලක් වුණත් අසංවර පාටට සමාජයට පෙන්නන්න පුළුවනි.
ඒ නිසා… විලාසිතා තෝරා ගැනිමේදී පරිස්සම් වෙන්න.

– නිබන්ධිකා වන්නිනායක-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here