ඔබේ සිරුරේ හැඩය ඉස්මතු කරන shapewear නිවැරදිව තෝරාගමු

0
17


ස්මාර්ට් ඔබ කවදත් හැඩට අඳින්න කැමතියිනේ. ඇඟේ හැඩය මොන වගේ උනත් අපි කැමති සිරුරේ හැඩය හොදින් ඉස්මතු වෙලා ඔබේ සුන්දරත්වය වැඩි වෙනව නම්. ලස්සනට අදින්න කැමති වුනත් ඔබට හිතෙනව නම් සිරුරේ යම් යම් කොටස් ටිකක් මහතයි, හැඩ මදි කියල ඒකට විසදුමක් තමයි අපි අද ගේන්නෙ..

ඔබේ ඇඟේ හැඩය ඔබට අවශ්‍ය විදිහට කැපී පෙනෙන ලෙස හැඩ ගස්වා කැමති නම් හොදම විසදුම shapewear . සිරුරේ අනවශ්‍ය නෙරීම් අඩුකරල හැඩය ඉස්මතු කිරීම සදහා බාහිරින් සහයක් ලබා දීම තමයි shapewear වලින් කරන්නෙ.

ඉතින් අද අපි තොරතුරු ගේන්නෙ මේ shapewear ගැනයි. ඔබේ සිරුරේ හැඩය ඉස්මතු කරලා ආත්මාභිමානය වැඩි කරගන්න කැමති ස්මාර්ට් ඔබට මේ ලිපිය වැදගත් වේයි. මොකද shapewear අතරින් ඔබට ගැලපෙන ඇදුම තෝර ගත්තෙ නැතිනම් ඔබේ අරමුණු ඉටුවෙන්නෙ නෑ වගේම shapewear අපහසුවෙන් ඇදන් පීඩාවෙන් ඉන්නත් ඔබට වේවි. ඒ නිසා ඔබට ගැලපෙනම shapewear තෝර ගන්න මේ කරුනු ඔබට වැදගත් වේවි

Open Bust Shaper

පපුව ප්‍රදේශයෙන් විවෘත මේ ඇඳුම කලවා වලට ඉහළින් ආරම්භ වී පිටුපස ප්‍රදේශය හොඳින් ආවරනය කරයි. High rise cut එකක් ඇති බැවින් කලවා ආවරණය නොවේ.ඔබේ ඉණ, උදරය, පිටුපස කොටස ස්වාභාවික ලස්සන හැඩයක් ලබා දෙන්න තමයි මේ වර්ගයේ shape wear පාවිච්චි කරන්නේ. ඉතා සිනිඳු මේ shape wear ඔබේ ඇඳුමෙන් පිටතට පේන්නේත් නැති නිසා ඒ ගැන කරදර වෙන්න අවශ්‍යත් නෑ.

Tummy Tucker

උදරය ගැන හිතන ඔබටයි මේ වර්ගය ගැලපෙන්නේ. Tummy Tucker එකෙන් ඔබේ බර අඩු කරන්නේ නැතිවම පැතලි උදරයක පෙනුම ලබාගන්න ඔබට උදව් වෙනවා. ඔබ තෝරාගත් ඇඳුමට යටින් මේ වර්ගයේ shape wear එකක් ඇන්දොත් ඔබට අවශ්‍ය හැඩය ලැබෙයි. පපුවට යටින් අඳින මේ ඇඳුම ඉතා සීරූවට ඔබේ උදරය හැඩ කරන්න සමත් වෙනවා.

ඔබේ ඉණ, උදරය සහ උකුළ හැඩ කර පෙන්වන මේ shapewear එක පෑන්ටි එකක් විදිහට තමයි වෙලඳ පලට එන්නේ. ඔබේ සුව පහසුව ගැන වඩාත් සැලකිලිමත් වෙලා හොඳ වායු හුවමාරුවක් වෙන විදිහට තමයි මේ shapewear නිර්මාණය කරන්නේ. දින පතා භාවිතයට මේ වර්ගය ගොඩක් හොඳයි. මේ වර්ගය වෙළඳපොලේ Seamless shapewear ලෙස තියන නිසා ඇඳුම අතරින් දාර පේන එක ගැන වද වෙන්න දේකුත් නෑ. ඇඟේ හැඩය ඉස්මතු කරන හැටි ගැන හිතන ඔබ මේ වර්ගයේ shapewear එකකටත් ඔබේ අල්මාරියේ ඉඩ වෙන් කරන්න අමතක කරන්න එපා.

පපුවට පහලින් අඳින මේ වර්ගය වෙළඳ පලේ ඉතාම සුලබයි. මේක අනික් shapewear වලට වඩා ටිකක් තද බවින් වැඩියි. ඒ වගේම කෙටි වෙලාවක් අඳින්න තමයි වඩාත් ගැලපෙන්නේ. විශේෂ අවස්තාවක් සඳහා කුඩා ඉඟටියක පෙනුමක් ලබා ගැනීමට හිතන ඔබ මේ වර්ගය මිලදී ගන්න. ඝණකම වැඩි රෙදි වලින් නිමවා ඇති මේවා කොකු මගින් හෝ වෙල්ක්‍රෝ වලින් එකිනෙකට සම්බන්ද වේ. ඝනකම පොඩ්ඩක් වැඩි නිසා ඇඳුම් අතරින් පේන එක ගැන නම් මේ වර්ගයේදී සැලකිලිමත් වෙන්නම වෙනවා.

ඇඟටම ඇලුනු තනි කොටසක් ලෙස එන ඇඳුමක් තමයි body suit shape wear කියන්නේ. Cotton, lace සහ nylon කියන රෙදි වර්ග වලින් මේ shapewear නිපදවන අතර මේවාට spandex අන්තර්ගත උනාම ඇඟේ ස්වභාවික හැඩය තවත් ඉස්මතු වෙනවා. මේ වර්ගය Swim suit එකට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා ඔබ හිතනවා ඇති. මේක swim suiit එකක් තරම් තද නෑ, ඒ වගේම swim suit වල material එක තාක්ශනිකව විශේෂයෙන්ම පිහිනීම සඳහා පිලියෙල වෙලා තියෙන්නේ.ඒත් shapewear වල material එක එහෙම නෑ. ඔබේ කඳ කොටස සම්පූරණයෙන්ම ආවරණය කරන මේ shapewear ඇඳුම් ඇතැම් විට අත් කකුල් ආවරණය කිරීම දක්වම දිගු වෙන අවස්තා තියෙනවා. ඔබ කැමට්ජි ඕනෑම ඇඳුමක් එක්ක බය නැතුව අඳින්න පුලුවන්.

ඔබේ ශරීරයේ පහල කොටස හැඩ කරන්න ඉතාමත් ගැලපෙන shapewear වර්ගයක් තමයි මේ. උදරය, ඉණ, උකුළ, කලවා සහ කකුල් වල පෙනුම ඔබ කැමතිම ලෙස පෙන්වීම තමයි මේ shapewear එකේ රාජකාරිය. ඒ වගේම පිටුපස කොටස හොදින් හැඩ කර පෙන්වන පැඩින් ඇතුලත් කොටසක්ද මේ වර්ගයේ තියන නිසා ඔබේ ඇඳුම ඔබට තවත් හැඩට තියේවි. ඉතා සිනිදු නිමාවක් සහිත හෝ seamless ලෙස වෙළඳ පොලට එන thigh shaper ඔබට දෙවනි සමක් ලෙස ක්‍රියා කරන නිසා ඇඳුම් තුලින් විනිවිද පේන්නේ නෑ. එදිනෙදා භාවිතයටත් හොඳින් ගැලපෙනවා. මේ වර්ගය ජීන්ස්, ලෙගින් , ස්ලැක්ස් සමඟ අඳින්න පුලුවන්. ඔබේ ආත්මාභිමානය ඔසවා තමන leg shaper එකක් වරක් ඇඳලා බැලුවොත් ඔබත් අනිවාර්‍යෙන්ම කැමති වෙයි.

අතීතයේ මේ වර්ගය යට ඇඳුමක් (underwear) ලෙස පාවිච්චි උනත් අද වන විට shape wear දක්වා දියුණු වෙලා තියෙනවා. වෙස්ට් එකක් නැත්නම් tank top එකක් ලෙසත් අඳින්න පුලුවන්. කැමිසෝල් එකක් ඔබට ඇඳුමකට යටින් වගේම අවශ්‍ය නම් උඩ ඇඳුමක් ලෙස අඳින්නත් පුලුවන්. උස් පහත් කරන්න පුලුවන් පටිය මගින් ඔබට කැමති ලෙස හැඩගස්වා ගැනීමේ පහසුව සපයනවා. ඔබේ උදරය, ඉණ, උකුළ, පිට සහ පපුව පෙදෙස හොඳින් හැඩ කරමින් ඔබට සරාගී පෙනුමක් ගෙන දෙයි. V කර සහිත පළල් පටියක් තියන ඇඳුම් වලට හොඳින්ම ගැලපෙනවා. වෙළඳ පලෙන් මේ වර්ගය මිලට ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි කරුණක් තියනවා. ඒ තමයි ඇඳගෙන ඉන්නකොට ඉහලට රෝල් වෙනවාද කියන එක.

ඔබ shapewear මිලදී ගන්නකොට වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනි කරුණ තමයි ඔබේ සුව පහසුව. මේ වර්ගයේ ඇඳුම් මිලදී ගන්න පෙර අනිවාර්‍යෙන් ඇඳලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම වෙළඳ සහායිකාවගෙන් විමසන්නත් මතක් තබා ගන්න. මොකද ඔවුන්ගේ අත්දැකීමෙන් මේ ඇඳුම් වල විස්තර දන්නවා. හැබැයි ඔබ මේ පිලිබඳ විස්තර දන්නා බව අඟවමින් වැඩි විස්තර ඔවුන්ගෙන් ලබා ගත්තොත් තමයි ඔබට අවශ්‍ය නිවැරදිම තොරතුර ඔබට ලැබෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here