හංසයන්ට සමාන පියයුරු යුගලයක් සහිත කාන්තාවන් ගැන අපේ සාහිත්‍ය තුළ බොහෝ වර්ණනා ඔබත් කියවලා ඇති.පියයුරු යුගලේ නිවැරදි පිහිටීම සහ සරාගී බව අපේ රූපයේ ලස්සනට ලොකු පිටුවහලක් ලැබෙන බවත් නොකියාම බෑ.ඒත් ඇත්තටම ලස්සන වෙන්න විශාල පියයුරු යුගලක් නෙවේ අවශ්‍ය වෙන්නේ.
ඒ නිසා විශාලත්වයට වඩා පියයුරු වල සරාගික බව වැඩිවෙන වෙනත් හේතු තිබෙනවා. අද අපි හිතුවා ඒ ගැන ඔබව දැනුවත් කරන්න.
පියයුරු එල්ලා වැටීමට විවිධ හේතු බලපානවා.වැරදි ඉරියව්.වැරදි හැඩයේ බ්‍රා ඇඳීම,ගර්භනී බව සහ කිරි දෙන මවක් වීම,වියපත් බව ඒ අතර ප්‍රධාන හේතු වෙනවා.Chest Lift,.Wall Push-Ups,The Magic Ball,The Back Fly වැනි ව්‍යායාම වර්ග වලින් ඔබේ පියයුරු එල්ලා වැටීම නැති කර පිරිපුන් පියයුරු යුගලක් ලබා ගන්න හැකියාව තියෙනවා.
ඔබ මුහුණට විවිධ රූපලාවණ්‍ය සත්කාර කරනවා නේද? ඒ විතරක් නෙවෙයි.කොණ්ඩයට, දෑතට, දෙපාවලට ඔබ අනේක විධ රූපලාවණ්‍ය සත්කාර අත්හදා බලන බව අපි දන්නවා.මේ ආකරයටම පියයුරු වලටත් සත්කාර කරන්න ඔබට පුලුවන්.අයිස් කැටයකින් පියයුරු මෘදුව සම්බාහනය කිරීම, ඔලිව් තෙල් මඳක් රත් කර විනාඩි විස්සක් පමණ පියයුරු සම්භාහනය කිරීම වැනි දේවල් ඔබට පුන් පියයුරු ලබා ගන්නට හේතුවක්.
ඔබේ පියයුරු වල ප්‍රමාණයට වඩා ලොකු හෝ පොඩි බ්‍රා එකක් තෝරා ගැනීම, ඒ ඒ ඇඳුමට නොගැලපෙන බ්‍රා වර්ග තෝරා ගැනීමත් ඔබේ පියයුරු වලට ගෙන එන්නේ අවලස්සනක්.ඒ වගේම වයර් කැඩී පෙනුම වෙනස් වුණු බ්‍රා වලිනුත් ඔබේ පපු ප්‍රදේශයට අනවශ්‍ය කැතක් ලැබෙනවා.ඒ නිසා සෑම විටම ඔබේ පියයුරු වලට ගැලපෙන බ්‍රා එක තෝරා ගන්න.ඒ සඳහා මේ ලිපියත් එක ඔබට උදව් වේවි
ඔබ උරහිස් වලින් වකුටු වී සිටීම ඔබේ පියයුරු වල නියම හැඩය සැඟවීමට හේතුවක්.ඒ නිසා හැමවිටම නිවැරදි ඉරියව් පවත්වා ගැනීමත් අනිවාර්යය දෙයක්
Sweetheart neckline සහිත මෝස්තරය මේ සඳහා වඩා හොඳින් ගැලපෙනවා.මේ මෝස්තරය ඔබේ පියයුරු වල හැඩය ඔප්නංවා පෙන්වන නිසා සරාගී සුන්දර පෙනුමක් සැකයකින් තොරව ඔබට ලැබෙනවා.
ගෙදරට යට ඇඳුම් රහිතව හිඳීම නිසා ඔබේ පියයුරු එල්ලා වැටෙන්න පුලුවන්. ඒ නිසා ස්පෝර්ට් බ්‍රා එකක් වැනි පහසු බ්‍රා එකක් අනිවාර්යයෙන් ගෙදරදී අඳින්න අමතක කරන්නම එපා.
ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය සහිත ආහාරවලින් ලැබෙන පෝෂණයෙන් ඔබට පිරී ගිය පෙනුමක් ඇති පියයුරු ලැබෙනවා.ඒ නිසා නට්ස් වර්ග,බෙරි වර්ග, ඕට්ස්,බීට් කැරට්, පිපිඤ්ඤා වැනි එළවළු ආහාර වේලකට එකතු කර ගන්න.
ඕනෑවට වඩා සිරුරට හිර ඇඳුම් වගේම බාච්චු හැඩ ඇති ඇඳුම් ද ඔබේ සරාගී පියයුරු ලෝකයෙන් සඟවනවා.ඒ නිසා සිරුරේ පෙනුම විකෘති නොවන ලෙස සුන්දර ඇඳුම් අඳින්න.
කර කැපූ ඇඳුමක් ඇන්දාම පපු ප්‍රදේශයට සුළුවෙන් හෝ මේකප් එකක් යොදන්න.
මේ වගේ කාරණා ඔබේ පියයුරුවල සරාගී පෙනුම ඔප්නංවා පෙන්වන්න හේතුවක් වෙනවාට සැක නැහැ.නමුත් සිහි ගැන්වීමට අවශ්‍යම කාරණාවක් තිබෙනවා.කිසිම මොහොතක ඔබේ ශරීරයේ ස්වභාවික පෙනුම ගැන දුක් වෙන්න එපා.කුඩා හෝ විශාල පියයුරු පෙනුමට බාධාවක් වෙන්නේ නෑ.ඔබ කළ යුතු වන්නේ ඒවා වඩා ලස්සනට ඉස්මතු වන ලෙස ඉහත දේවල් කිරීම පමණයි.
Saru FM Media