ඔබේ සම Shine Glass Skin බවට පත් කරන විශේෂ සත්කාරය

0
11


අපි ඕනම කෙනෙක් ආසයිනේ ලස්සනට ඉන්න​. ලස්සන වෙන්න ඕන තරම් වියදම් කරන අය පවා ඉන්නවා මේ සමාජයේ. ඒවගේම තමයි කොච්චර ක්‍රීම්වර්ග පාවිච්චි කළත් ලස්සන සමක් ලබා ගන්න බෑ කියන ප්‍රශ්ණේ අද කී දෙනෙක්ට නම් තියෙනවාද කියලා ඔයාලා අත්දැකීමෙන්ම දන්නවාත් ඇති. ඒවගේම තමයි ලස්සන වෙන්න කියලා අපි ලොකු ලොකු දේවල් කරාට සමහර සරල දේවල්වලින් ලස්සන වෙන්න පුළුවන් දේවල් ඕන​ තරම් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අද අපි හිතුවා ඒ ගැන කියලා දෙන්න.
ලස්සන දිදුළන සමක් කියන්නෙ ඔබේ සුන්දරත්වය කියාපාන කැඩපතක්. ඉතිං ලස්සනට ඉන්න කැමති කොයිකවුරුත් කතා බහ වෙන දෙයක් තමයි shine glass skin කියලා කියන්නේ. මේ ඒ ගැනයි

සිදුරු රහිත ඒ කියන්නෙ ඉතාමත් පැහැදිලි, ආලෝකයෙදී හොදින් දිළිසෙන ස්කින් එකක් තමයි අපි Shine Glass Skin එකක් කියලා කියන්නෙ. ඒ අනුව හොඳින් තෙතමනය රදා පවතින නිරෝගී සමක් අපි Shine Glass Skin එකක් කියලා හදුන්වනවා.
වෙනත් විදිහකින් කියනවා නම් වීදුරුවක් වගේ දිළිසෙන Skin එකකට තමයි Shine Glass Skin කියලා කියන්නෙ. එය අනිවාර්යයෙන්ම හොද පෝෂණයක් තියෙන සමක්.

තරුණ බව සුරැකීම

තෙතමනය ආරක්ෂා වීම

මුහුණ දීප්තිමත් වීම

පැහැපත් වීම

පෞරුෂත්වය වර්ධනය වීම

බ්ලීචින් වර්ග සහිත ආලේප භාවිතයෙන් ඔබේ සම කෘතිමව පැහැපත් කර ගන්නවාට වඩා ස්භාවික සත්කාර මගින් ඔබේ සම ශයින් කර ගැනීම හිතකර නිසා මේ ස්වභාවික සත්කාරය අත් හදා බලල ඔබේ ප්‍රථිඵල අපිටත් කියන්න කියල අපි ආරාධානා කරනව.

කැරට් ඔයිල්/ සුදු පොල්තෙල්

හාල් පිටි

කෝමාරිකා

ලෙමන් යුෂ

තක්කාලි යුෂ

අලිපේර

යෝගට්

Fresh milk

Vitamin E

(මෙම සියලු ද්‍රව්‍ය ඔබේ මුහුණේ ප්‍රමාණයට අවශ්‍ය වන පරිදි ගන්න.)

මුහුණ Face Wash එකක් භාවිතයෙන් හොදින් පිරිසිදු කර ගන්න. ඉන්පසු තෙතමනය හොදින් ඉවත් කර ගන්න .

සුදු පොල්තෙල් හෝ කැරට් ඔයිල් ස්වල්පයක් ( කැරට් ඔයිල් හදන ආකාරය මේ ලිපියෙන් ඔබට දැන ගන්න පුලුවන් https://bit.ly/2YpN5zp) ගෙන මුහුණේ උඩු අතට ගා හොදින් සම්භාහනය කිරීම. විනාඩි 30ක් සම්භාහනය කළ යුතුයි.

එම ආලේප කල තෙල් විනාඩි 15 මුහුණේ තිබෙන්නට හැර මද රස්නෙ වතුරේ පොගවා ගත් Face Towel එකක් වතුර මිරිකා ඉවත් කර එය ආධාරයෙන් මුහුණේ තෙල් ඉවත් කර ගැනීම. ඉන් පසුව විනාඩි දෙක්ක් තුනක් මුහුණට ඇගිලි තුඩුවලින් ඉතා සියුම් ලෙස තට්ටු කළ යුතුයි .

හාල්පිටි කුඩු,කෝමාරිකා සහ ලෙමන් යුශ එකට මිශ්‍ර කර සාදා ගන්නා ස්ක්‍රබ් එකෙන් මුහුණ සහ බෙල්ල හොදින් ස්ක්‍රබ් කළ යුතුයි.

පසුව මද වේලාක් තියෙන්නට හැර මද රස්නෙ වතුරින් උඩු අතට සෝදා ඉවත් කිරීම

විනාඩි 15 ක් පමණ මුහුණ හොදින් සම්භාහනය කරන්න.

තක්කාලි යුෂ සහ මී පැණි මිශ්‍ර කර සාදා ගත් ටෝනර් එක මුහුණේ සහ බෙල්ලෙ හොදින් ආලේප කළ යුතුයි . මේ ටෝනර් එක සදහා ඔබට ලෙමන් යුෂවලට සීනි ස්වල්පයක් මිශ්‍ර කළ වුවද භාවිතා කළ හැකියි.

ෆ්‍රෙශ් මිල්ක් සහ විටමින් ඊ මිශ්‍ර කර සාදා ගන්න ආලේපනය භාවිතයෙන් නැවතත් හොදින් මුහුණ මසාජ් කර ගැනීම

Face Pack එකක් ලෙස අලිපේර, යෝගට් ,මී පැණි සහ ලෙමන් යොදාගෙන තරම්ක් උකු past එකක් සාදා ගෙන මුහුණට සහ බෙල්ලේ හොදින් ආලේප කිරීම

අවසානයේ ලෙමන් යුෂවලට අයිස් වතුර දාලා මුහුණ සහ බෙල්ල හොදින් ටෝනර් කර ගත යුතුයි.

පසුව ඔබ එළියට යනවා නම් sun cream එකක්ද එසේ නොමැති නම් සාමාන්‍යයෙන් ඔබ භාවිතා කරන Day Cream එක ද භාවිතා කළ හැකියි.

සතියකට සැරයක් මෙම සත්කාරය කිරීමෙන් ඉතා හොඳ ප්‍රථිපල ලැබිය හැකිය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here