ඔබේ සම පැහැපත් කරන රසවත් මැංගෝ ස්මූති

0
10


අඹ, මිහිරි රසයකින් සහ ගුණයෙන් ඉතා ඉහළය. හින්දු සංස්කෘතියට අනුව අඹ යනු දෙවිවරුන්ගේ ආහාරය වේ. අඹ ආහාරයට ගැනීමෙන් සිරුර ප්‍රබෝධමත් සහ සිසිල් කරන අතර සමෙහි වර්ණය පැහැපත් කරයි. උදෑසන ආහාරය සඳහා වූව ද මෙම අඹ ස්මූති එක ගැලපේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

  • අඹ ගෙඩි 3
  • අඩු මේද කිරි කෝප්ප 1/2
  • කරදමුංගු කුඩු තේ හැඳි 1/2
  • සීනි හෝ මී පැණි ස්වල්පක්
  • අයිස් කැට

සාදන අයුරු :

අඹ පිරිසිදු කර පොතු හැර කැබලි වලට කපා හොඳින් ක්‍රීම් බවට පත් වන තෙක් බ්ලෙන්ඩ් කරගන්න. එයට කරදමුංගු, කිරි සහ  මී පැණි ද එක් කොට මිශ්‍ර කරගන්න. අඩුම තරමින් පැය 4 ක් වත් ශීතකරණයේ තබා පිළිගන්වන්න.

සෑමවිටම භාවිතා කිරීමට පෙර පැයක් පමණවත් ජලය තුළ අඹ පොඟවා ගැනීමෙව් අඹ වල ඇති තාපය තුරන් කිරීමට උපකාරී වේ. අඹ වල රසය අනුව යෙදිය යුතු සීනි ප්‍රමාණය තීරණය කරන්න. ඔබ කැමති අන්දමට යොදන කිරි ප්‍රමාණය හා වර්ගය වෙනස් කරගන්න. කරදමුංගු භාවිතා කිරීම අනිවාර්ය නොවේ. ඔබ කැමති නම් පිළිගැන්වීමට පෙර කැපූ ආමන්ඩ් සහ පිස්ටාෂියෝ ද එක් කල හැක. බාහිරින් සමේ ආලේපන තවරනවාට වඩා ‍මෙවැනි පෝෂ්‍යදායී ආහාර මගින් වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා දෙනු ඇත.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here