හොඳ පෞරුෂයකින් හෙබි ස්මාර්ට් ඔබ මොන ඇඳුම් ඇන්දත් හැඩයි.ඒත් ඔබට ගැළපෙන හරිම පාට තෝර ගත්තම ලොකු සෙනඟක් මැද්දේ වුණත් ඔබට දිදුලමින් මනා පෞරුෂය පවත්වාගන්න පුළුවන්.මේ ලිපිය කියවලා ඔබේ ප්‍රියතම පාට ඔබට නොගැලපෙනවා නම් ඒක වෙනස් කරන්න කියලා නෙමෙයි අපි මේ කියන්නේ, හිසේ සිට දෙපතුල දක්වා එකම පාටක් අඳිනවා වෙනුවට ඔබේ සමට වඩාත් ගැලපෙන පාට ආභරණ,සපත්තු සෙරෙප්පු අත් බෑග්, හිස් පලඳනා විදිහට එකතු කරගෙන ඔබව තවත් හැඩ කරගන්න හැටියි. ඉතින් ඔබේ දැනුමට මේ ලිපියේ දැනුමත් එකතු කරගත්තොත් ඊළඟ සාප්පු සවාරියෙදී තවත් ලේසි වේවි.
මේකට කරන්න තියෙන්නෙ පුංචිම පුංචි පරීක්ෂාවක් විතරයි. සුදු පාට කොලයක් අරගෙන හොඳින් ආලෝකය වැටෙන තැනකට ගිහිල්ලා මේක කරන්න පුළුවන්.අමතක කරන්න එපා ස්වභාවික ආලෝකය තමයි ඕනේ වෙන්නේ. කඩදාසිය ඔබේ මූණ ආසන්නයට ගෙන කඩදාසියේ වර්ණය මූණේ වරණයත් එක්ක කොතරම් පරස්පර දැයි කණ්ණාඩියකින් බලන්න.ප්‍රතිඵලය අනුව ඔබේ සමේ වර්ණය පහත ඒවාගෙන් තෝරගන්න
ඔබ මේ දිනවල දැඩි අවුවට නිරාවරණය වී සමේ පැහැය වෙනස් වී ඇත්නම් (tannned), කුරුලෑ හෝ සමේ වෙනත් වර්ණය වෙනස් වූ තත්වයක් ඇත්නම් ඔබට මෙම පරීක්ෂාව කන අසලට කඩදාසිය ලං කර කරන්නත් පුලුවන්.
ඔබට හොඳ පෙනුමක් ගෙන දෙන වර්ණ වගේම ඔබේ පෙනුම අඩු කර දක්වන වර්ණ ගැනත් අපි මෙහිදී කතා කරනවා. ඔබේ skin tone එකට සමාන සමේ වර්ණයන් හිමි හොලිවුඩ් නිලියනුත් අපි උදාහරණ ලෙස පෙන්වා ඇත්තේ එය ඔබේ තේරීම් වලට වඩාත් පහසු වෙන නිසාමයි
සමාන skin tone එකක් හිමි හොලිවුඩ් නිලියන් ලෙස Claire Danes, Jessica Alba, Kim Kardashian, Beyonce හැඳින්විය හැක.
වඩාත් ගැලපෙන පාට
තවද සිසිල් වර්ණ (cool colours) වල ඇති වඩාත් උණුසුම වර්ණ( warmer version) වලට බර පැහැයන්ද ඔබට ගැලපේ.ඔලිව් කොල පාට, moss (පාසි වල කොල පැහැය)orchid ( දීප්තිමත් දම් පාටකි), violet red (රතු පැහැයට බර දම් පැහැය) මේවාට උදාහරණ වේ.
නොගැලපෙන පාට – ice blue, sapphire, amethyst වැනි වර්ණ වලින් ඔබේ සමේ දීප්තිමත් බව අඩු කර පෙන්වන බැවින් මේ පාටවල් සමඟ ගනුදෙනු කරන විට පරිස්සම් විය යුතුය.
Cool skin tone හිමි ඔබේ සමේ පාටට සමාන හොලිවුඩ් නිළියන් හැටියට Cate Blanchett, Nicole Kidman, Mindy Kaling, Lupita Nyong’o හඳුන්වන්න පුළුවන්.
වඩාත් ගැලපෙන පාට
දීප්තිමත් සුදු පාට, අළු පාට , navy blue යන පාටද ඔබට ගැලපෙනවා.
නොගැලපෙන පාට – තැඹිලි පාට ,තද කහපාට , tomato red යන වර්ණ ඔබේ පෙනුමට හානි කළ හැකිය
මෙවැනි සමේ වර්ණයක් හිමි නිළියන් හැටියට Julianne Moore, Angelina Jolie, Julia Roberts, Kerry Washington හඳුන්වන්න පුළුවන් .
වඩාත් ගැලපෙන පාට
නොගැලපෙන පාට – electric blue , මැජෙන්ටා
හැම skin tone එකටම ගැලපෙන පාටවල් කීපයක්ම තියනවා. සුදු පාට (pure white ) කියන්නේ; warm, cool සහ neutral කියන හැමෝටම ගැළපෙන පාටක්. හැබැයි මේක pure white වෙන්නම ඕනි, ඒ ඇතුලෙ යටපත් වුණු වෙනස් පාටවල් තියෙන්න බැහැ. ඒ වගේම තව පාටක් තමයි ලා රෝස පාට (light blush pink). ඔබේ සමට මෙන්ම මුහුණට ද ස්වභාවික දීප්තියක් එකතු කරන්න මේ පාටට පුළුවන් .Teal (කොල සහ නිල් පාට එකතුවුණු පාටක්) පාටද හැමෝටම බය නැතුව අඳින්න පුළුවන් පාටක්. තද පාට අඳින්න කැමතිනම්; eggplant purple (දම් පාටකි) උත්සාහ කරල බැලුවොත් ඔබේ සමට වඩාත් ගැළපෙන බව තේරෙයි
රෙදිපිළි ක්ෂේත්‍රයේ ගැවසෙන කෙනෙක් විදිහට මම දන්නවා online ඇඳුම් order කරන්න ගියාම ඔබ නොසන්සුන් වෙනවා.ෆොටෝ ෂූට් එකේ ඉන්න කෙනාට ලස්සන වුණත් ඔබ හිතනවා ඔබට ඒ ඇඳුම ගැලපෙනවද කියල. මේ විදිහට හමේ වර්ණයට ගැළපෙන්න ඇඳුම තේරුවොත් ඔබ තෝරන ඇඳුම ඔබව තවත් හැඩ කරයි.
Saru FM Media