ඔබේ විළුඹ පැළිලද ?

0
9


අපි කෙනෙක් දිහා බලද්දි එක්වරම අපේ අවධානය යොමුවෙන ප්‍රධාන ශරීර අංගයක් තමයි දෙපා කියන්නෙ. අන්න ඒ නිසයි දෙපා පිරිසිදුව ලස්සනට තබා ගැනීම ඉතාම වැදගත් වෙන්නෙ ඒ නිසයි. 

පිරිසිදු කර නිය ආලේපන ගල්වා, අනව්‍යශ්‍ය රෝම ඉවත්කර ඉතා හොඳින් රැක බලාගන්න දෙපාවල අලංකාරය සහ ආකර්ෂණීය පෙනුම නැතිකරන්න වගේම පිරිසක් ඉදිරියේ අපිව අපහසුතාවයට ලක්කරන්න පුළුවන් හේතුවක් තමයි පැළුණු විළුඹ කියන්නෙ.

ඉතිං අපි අද ඔබ එක්ක කතා කරන්න සූදානම් වෙන්නෙ පැළුණු විළුඹට ගෙදරදීම කරන්න පුළුවන් සත්කාර ගැනයි.

නමුත් අපි මුලින්ම බලමු මේ සඳහා හේතුවෙන්නෙ මොනවගේ කාරණාද කියල.

ඔබේ යටිපතුල් වල සම වියළීම සහ ඝණකම් වීම තමයි විළුඹ පැළෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙ. ඝණකම් සහ වියළි සමට යටින් ඇති මේද ස්තරය ඔබ ඇවිදින විට පීඩනයට ලක්වෙන නිසා සමට හානිවීම සිදුවෙනවා. 

මීට අමතරව, 

වැඩි වේලාවක් හිටගෙන සිටීම,

පාවහන් නොමැතිව එහෙමත් නැත්නම් විවෘත පාවහන් පැළඳ ඇවිදීම,

දිගු වේලාවක් නෑම සහ උණුවතුරින් නෑම,

ඔබේ සමේ ස්වභාවික තෙල් ඉවත් කරන සැර සබන් භාවිතා කිරීම,

නිසි පරිදි කකුල් වල රැඳී නොතිබෙන සහ හිර පාවහන් පැළඳීම,

අධික ශීත හෝ අධික වියළි කාළගුණික සහ දේශගුණික තත්ව විළුඹ පැලීමට හේතු වෙනවා.

ඒ වගේම, මේ සඳහා බලපාන සෞඛ්‍ය ගැටළු රාශියක් තියෙන්නත් පුළුවන්. 

දියවැඩියාව නිසා ඇතිවෙන දුර්වල රුධිර සංසරණය යටිපතුල් වල වගේම සිරුරේ අනෙක් ස්ථාන වලත් සම වියළීමට ලක් කරනවා. 

ඊට අමතරව,

විටමින් ඌනතා,

දිලීර ආසාදන,

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු, 

සමේ රෝග,

තරබාරු බව, 

ගර්භණීභාවය, 

වයස්ගත වීම යන කරුණුත් මේ සඳහා හේතු වෙනවා. 

හොඳයි දැන් අපි බලමු පැළුණු විළුඹක් ඇතිවීම වළක්වා ගන්න වගේම පැළුණු විළුඹ සුවපත් කරන්න අපිට කරන්න පුළුවන් සත්කාර මොනවද කියල.

නෑම විනාඩි 05 කට 10 කට සීමා කරන්න

දිගු වෙලාවක් නෑම ඔබේ සිරුරේ සම වියළීමට හේතු වෙනවා. ඒ නිසා හැකි තරම් සීතල වතුරෙන් නාන්නත් නෑම විනාඩි 10 කට පමණ සීමා කරන්නත් ඔබට පුළුවන්. 

නෑමෙන් පස්සෙ සිනිඳු තුවායක් එහෙමත් නැත්නම් රෙදි කැබැල්ලකින් ඔබේ සිරුරේ තෙත මාත්තු කිරීම කලොත් අනවශ්‍ය විදිහට සිරුරේ තෙතමනය ඉවත් වීම වළක්ව ගන්න පුළුවන්. 

මෘදු සුවඳින් තොර පිරිසිදුකාරයක් භාවිතා කරන්න

මෙමඟින් ඔබේ පාදවල ස්වභාවික තෙල් ඉවත්වීම වළක්වනවා. 

නෑමෙන් විනාඩි 05 ක් ඇතුළත ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න

10-25% යූරියා, ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය හෝ සැලිසිලික් අම්ලය අඩංගු මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් ඔබ තෝරගන්න ඕන. නෑමෙන් පසු හැකි ඉක්මණින්ම තෙතමාත්තු කරගත් දෙපාවල ක්‍රීම් ආලේප කරගත යුතුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here