ඔබේ ලිංගික ආශාව අඩු වීම යනු රෝගී තත්වයක් ද?

0
12


ලිංගික ආශාව අඩු වීම ජීවිතයේ එක් එක් අවස්ථාවන්වල ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දකින්නට හැකි තත්ත්වයක්. මේ ලිපියෙන් අපි කාන්තාවන් සුවිශේෂ කරගනිමින් ඔබට තොරතුරු ගෙන එනවා.

මෙම තත්ත්වයට පොදුවේ ඔබේ සම්බන්ධතාවේ ගැටලු, අධික වෙහෙස, මානසික පීඩනය වැනි කායික මෙන් ම මානසික හේතු ද බලපානවා.

මෙය සාපේක්ෂ බව මතක තබා ගන්න.

මතක තබා ගත යුතු දෙය වන්නේ, එකිනෙකාගේ ලිංගික ආශාවන්ගේ අවශ්‍යතාව එකිනෙකාට වෙනස් බවත්, නිශ්චිත ව සාමාන්‍ය ලිංගික ආශාවන්ගේ අවශ්‍යතාව ගැන නිවැරැදි මිනුමක් ලබාදීම කිසිසේත්ම කල නොහැකි බවත්ය.. එහි ප්‍රමාණය අඩු වැඩි ලෙස අපට බෙදා වෙන් කළ හැකි නිවැරැදි මිනුමක් නැති බවද අපි තේරුම් ගත යුතුයි.

එහෙත් ඔබේ ලිංගික ආශාව හීන වීම ඔබේ ලිංගික සම්න්ධතාවලදී ගැටලුවක් වේ නම්, එනම් ඔබේ හීන ආශාව නිසා ඔබේ සහකරු අපහසුතාවට පත් වේ නම් එය ඔබේ සබඳතාවට හානිදායකයි.මේ නිසා මෙවැනි අවස්ථාවකදී ඔබ මේ ගැටලුව විසදා ගැනීමට උනන්දු වීම වැදගත් .

එමෙන්ම කුමන ආකාරයෙන්වත් ඔබට ලිංගික තෘප්තිය ලබා ගැනීමට නොහැකි වේ නම් හෝ එහි යම් ගැටලුවක් වේ නම් ඔබ වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩු වන්නේ ඇයි කියන කාරණය ගැන අපි මූලික අවබෝධයක් ලබා ගැනීම වැදගත් නිසා අපි ඒ ගැන කතා කරමු.

කාන්තාවකගේ ලිංගික ආශාව අඩු වන්නට කායික මෙන්ම මානසික හේතුත් බලපාන්නට පුලුවන්.

ලිංගික ක්‍රියාවලිය සඳහා බලපාන කායික අපහසුතා තිබිය හැකියි.

මෙවැනි කායික හේතූන් නිසා ලිංගික ආශාව අඩු වෙන්නට පුලුවන්.

ගර්භනී සමයේ මෙන් ම දරු ප්‍රසූතියේදී සහ කිරි දෙන සමයේදී කාන්තාවකගේ ලිංගික ආශාවන් අඩු විය හැකියි. දරුවාගේ වැඩ කටයුතු නිසාත්, නිසි නින්දක් නොලැබීම සහ ශාරීරික අපහසුතා නිසාත් එසේ වීම සුලබයි.

බොහෝ අවස්ථාවලදී කාන්තා ලිංගික ආශාවේ හීනබවට මූලික ව ම බලපාන්නේ සහකරු සමඟ ඇති ගැටලුයි. ඔබ ඔබේ සහකරු පිළිබඳ ව සැබැවින් ම සතුටින් ද? මේ තත්ත්වය තුළදී ඇති විය හැකි තත්ත්වයන් කිහිපයක් තිබෙනවා.

කාන්තාවක් සිය ජීවිත කාලය තුළදී නිරතුරුවම විශාල වශයෙන් හෝමෝන වෙනස්වීම්වලට මුහුණ දෙනවා.

ගර්භනී සමයේ මෙන් ම දරු ප්‍රසූතියේදී සහ කිරි දෙන සමයේදී කාන්තාවකගේ ලිංගික ආශාවන් අඩු වන්නේ ඒ කාලයට සිදුවන හෝමෝන වෙනස්කම් නිසා.
ආර්ථවහරණයේදී ද ඊස්ට්‍රජන් හෝමෝනයේ වෙනස්වීම් හේතුවෙන් ලිංගික ආශාවන් අඩු වීමක් දක්නට පුලුවන්.

සාර්ථක ලිංගික සබඳතාවක් පැවැත්වීමේ දී මානසික සුවය අත්‍යාවශ්‍යයි.එය අහිමිවීම නිසාත් ලිංගික ආශාව හීනවන්නට පුලුවන්.

ඖෂධ එකිනෙකාගේ සිරුරට ප්‍රතික්‍රියා දක්වන්නේ විවිධ අයුරෙනුයි. සමහර ඖෂධ භාවිතා කිරීම නිසා ලිංගික ආශාවට බලපෑම් ඇතිවන්නට පුලුවන්.
හදවත් රෝග සඳහා ගන්නා ඖෂධ, බොහොමයක් ප්‍රතිවිශාද ඖෂධ, විවිධ හෝමෝන වර්ග ආදිය නිසා මේ තත්ත්වය වැඩි වශයෙන් ඇති වෙනවා.

සැබැවින් ම මෙය රෝගයක් ලෙස විශේෂඥයින් සලකන්නේ නෑ. මෙය කාන්තාවකගේ ජීවිතයේ එළඹෙන එක්තරා තත්ත්වයක් පමණයි. එහෙත්, ලිංගික ව ක්‍රියාකාරී වීම කාන්තා ඔබට සෞඛ්‍ය අතින් බොහෝ වාසි ගෙන දෙන නිසා වගේම එය විවාහ බැදීම් වලට හානියක් වෙන නිසා එහි අඩු වීමක් පිළිබඳ ව සැලකිලිමත් වීම වැදගත්.

ඔබේ ලිංගික ජීවිතයේ දී ඔබට ලිංගික ආශාව අඩු වී ඇතැයි නිර්ණය කළ හැකි අවස්ථා කිහිපයක් අපි හඳුනාගනිමු.

මේවායින් එකක් හෝ කිහිපයක් ඔබට ඇත්නම් ඔබ වෛද්‍යවරයෙක් මුණ ගැසීම සුදුසුයි.

බාහිර ලිංගික ගැටලු සහ මානසික වෛද්‍යවරයෙක් හමුවීමෙන් හෝ මනෝ උපදේශකයෙකු හමුවීමෙන් විසඳාගන්නට පුලුවන්.

ඖෂධවල අතුරු ඵලයක් ලෙස ඇතිවන බලපෑම් වළක්වා ගන්නට සිදු කළයුතු හොඳම දේ වන්නේ වෛද්‍යවරයා දැනුවත් කර විකල්ප ඖෂධයකට මාරු වීමයි.

හෝමෝන වෙනස්වීම් නිසා ලිංගික ආශාව මාස 6ක්වන තුරුත් අඩු වීම පවතිනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුයි.

වර්තමානයේ ලිංගික සබඳතා පිළිබඳවම විශේෂඥ වෛද්‍යවරුන් පවා සිටිනවා.

මේ සියල්ලට වඩා වටින්නේ සහකරු සමඟ නිසි ආකාරයේ සන්නිවේදනයක් තබා ගැනීමයි. ඉහත ගැටලුවලින් රාශියක් විසඳන්නට එවිට හැකියාව ලැබෙනවා. ඔබේ අවශ්‍යතාවන් මෙන් ම අපහසුතාවන් ද නොසඟවා සහකරුවා සමඟ සාකච්ඡා කිරීමෙන් මෙම ගැටලු මග හැරවෙන්නට පුලුවන්.

ජීවිතයේ විවිධ කඩඉම් පනින කාන්තාවට එක් එක් කාලවලදී ලිංගික ආශාවන් අඩු වීම සුලබ කාරණයක්. නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් එම තත්ත්වය මගහරවා ගන්නට පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here