ලස්සනට ඉන්න වියදමක් නැතුව කළ හැකි දේවල් රැසක් තිබෙනවා.මේ ඉන් කිහිපයක්.
දිනපතාම මුහුණට අයිස් කැට සාත්තුවක් ලබාදෙන්න .අයිස් කැට කිහිපයක් අරන් ඒවා දියව යනතුරු ඒවායින් මුහුණ තවන්න.ඉන් ඔබේ මුහුණේ මුහුණේ රැලි වැටීම් නැති කෙරෙනවා.ඉන් වයස පාට අඩුවීමත් සිදුවෙනවා.ඒ වගේම සමේ අවපැහැය ඉක්මනින්ම මග හැරවීමත් මේ තුලින් ලැබෙන අමතර වාසියක්.
සතියකට වතාවක් කෙස් කළඹේ විනාකිරි ගල්වන්න .ඉන් සුවච කීකරු සුසිනිඳු කෙස් කළඹක් ඔබට ලැබෙනවා.ගැල්වූ විනාකිරි සීතල ජලයෙන් සෝදා සෝදා හරින්න අමතක කරන්න එපා .
වැලමිට අව පැහැය වළක්වා ගැනීමට දිනපතාම මී කිරි සහ දෙහි එකට මිශ්‍ර කර ආලේප කරන්න .
ඇස් යට අවපැහැයට අර්තාපල් පෙති තබන්න.පැය භාගයක් පමණ ප්‍රමාණවත් .
මේකප් ඉවත් කිරීමට බොඩිලෝෂන් යොදාගන්න. මේකප් රිමූ වලට වඩා එය ගුණාත්මකයි .සමට පෝෂණයක් එක්කරන අතරම ඒවා මේකප් ඉවත් කිරීමට පහසු කරවනවා.
දින 2කට වරක් අනිවාර්යයෙන්ම මී පැණි සහ සීනි කැට වලට දෙහි යුෂ ටිකක් දමා දෙතොල් ස්ක්‍රබ් කරන්න .අවපැහැ දෙතොල් වලට කදිම සත්කාරයක්.
දිදුලන කෙස් කළඹක් සඳහා තේ කොළ තැම්බූ ජලය ජලයෙන් හිස කෙස් සෝදන්න. නැතිනම් කරපිංචා තැම්බූ ජලයෙන් හිස කෙස් සෝදා හරින්න .
කන්ඩිශනර් හිසට පමණක් නොව අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී ආලේප කිරීමටත් ඉතාමත් සුදුසුයි. සමටද සෞම්‍ය බවක් ලබා දෙනවා .
මේ ඔබට පහසු වෙන් සොයා ගත හැකි අමුද්‍රව්‍යයන් වලින් නිවසේදීම කල හැකි රූපලාවණ්‍ය සත්කාර කිහිපයක්. ඇත්තටම ලස්සන රැක ගන්න නම් අපිට මුදල් වලට වඩා අවශ්‍ය ඔබේ අවධානය හා ඒ සදහා කාලය යෙදවීම පමණයි
Saru FM Media