ටීනාගේ අලුත්ම හෙයාකට් එක දැකපු වෙලාවේ ඉඳන් ටීනා ගේ මිතුරිය අපර්ණාටත් එවැනිම විලාසිතාවක් අවශ්‍ය වුණා.ඉතින් එහි ප්‍රතිඵලය වුණේ අපර්ණාත් හැකි ඉක්මනින්ම සැලොන් එකකට යාම.නමුත් පළපුරුදු කේශාලංකරණ ශිල්පියා නිසා ටීනාගේ මිතුරිය මුදල් නාස්ති නොකර ඇයට සුදුසු කොණ්ඩ විලාසිතාවක් තෝරාගත්තා.
සමහර විටෙක ඔබත් අපර්ණා මුහුණ දුන් ආකාරයේ සිදුවීම් වලට මුහුණ දෙන බව අප දන්නවා.ඉතින් එහෙම අකරතැබ්බයක් මින්පසු සිදුනොවෙනු ඇති!
විවිධ කොන්ඩ කැපීමේ විලාසිතා අද කාන්තාවන් අතර හරිම ජනප්‍රියයි.සමාජ මාධ්‍ය ජාලා දියුණු මේ යුගයේ ඒ නවීන විලාසිතාවක් කියන්නේ කිසි ම ආගන්තුක දෙයක් නෙවෙයි.නමුත් ඒ සෑම විලාසිතාවක්ම ඔබගේ මුහුණේ හැඩය සමඟ ගැලපෙනවාද යන්න සිතිය යුතුයි.
මිනිස් මුහුණු මෙන්න මේ හැඩයන් වලින් හඳුනා ගෙන තියෙනවා.
1.සෘජුකෝණාශ්‍ර Rectangle
2.ඕවල් Oval
3.හතරැස්Square
4.හදවත් Heart
5.දියමන්ති Diamond
6.රවුම් Round
7.ත්‍රිකෝණ Triangle
8.දිගටි Oblong
අපි මුහුණේ හැඩය හොයාගන්නේ කොහොමද ?
මේක හරිම ලේසියි.lipstick එකක් හරි.eyebrows pencil එකක් හරි අරගෙන කන්නාඩියක් ඉස්සරහට යන්න. දැන් ඔයාට ඔයාගේ මුහුණ පේනවා.ඉතින් කන්නාඩියෙන් පෙනෙන ඔයාගේ මුහුණ වටේට ලිප්ස්ටික් එකෙන් හරි eyebrows pencil එකෙන් හරි අඳින්න.ඔන්න දැන් පැත්තකට වෙලා මුහුණ හැඩය මේවා අතරින් මොකක්ද කියලා හොයා ගන්න .මේ ඔක්කොටම කලින් මේ ආටිකල් එක හරියට ම කියවල ඉන්නත් අමතක කරන්න එපා.
බොහෝ විට මෙවැනි මුහුණුවල නලල සහ හකු කැපී පෙනෙනවා .ඉතාමත් දිගු හිසකෙස් විලාසිතා මේ මුහුණට ගැලපෙන්නෙ නැහැ .එහෙත් ඔබ දිගු විලාසිතාවක් ද තෝරා ගන්නවානම් waves or curles යෙදීමට අමතක කරන්න එපා.මෙවැනි මුහුණක් සඳහාLayered cuts, waves or curles,soft and romantic chignons,rounded fringers ,curtain bangs විලාසිතාවන් ගැලපෙනවා.
ඔබට ඇත්තේ ඕවල් හැඩය මුහුණක් නම් ඔබ හරිම වාසනාවන්තයෙක්.ඕනෑම හෙයා කට් එකක් මේ මුහුණ ට ගැලපෙනවා කිව්වොත් වඩාත් නිවැරදියි .ඒ ඕනෑම එකක් අතරිනුත් Blunt bobs and lobs with suitabale layers,short layered bobs,side swept bangs වඩාත්ම ගැළපෙනවා.
පුළුල් නළල වගේ ම පුළුල් ,ශක්තිමත් හකු ඉලිප්පී පෙනෙන මුහුණක් ලෙස මේ මුහුණ හඳුන්වන්නට පුළුවන්.side parted විලාසිතා මේ මුහුණට වඩාත්ම ගැලපෙනවා.short layered bob(කොන්ඩය පැත්තකින් බෙදා,),Long and airy layers, මේ මුහුණේ හැඩයට සුදුසු යි.
මෙවැනි මුහුණක අස්ථි පෙනීම සාමාන්‍යයෙන් සිදු වෙනවා .ඒ නිසා මුහුණේ ස්වරූපය බැලන්ස් කරගැනීමට සමත් කොණ්ඩා විලාසිතාවන් තෝරා ගැනීමට සිදු වෙනවා.Long side swept cuts,
Waves or curles (කන දෙපසින් වැටෙන ලෙසට),bobs and lobs වඩාත්ම සුදුසු යි.
මේ හැඩයේ දීත් හැඩය යෙදී ඔබ තීරණය කළ යුතු වනවා යුතුවනවා ඔබට පිටතට පෙන්වීම ට අවශ්‍ය වන්නේ කුමක්ද කියා.තියුණු හකුපාඩා පෙනෙන ලෙස මුහුණු සකස් කිරීමත් මේ මුහුණේ හැඩයට අදාල එක් විලාසිතාවක්.
Mid or long layered cuts worn with touseld waves,deep side parts,chin length bobs,ponytails වැනි විලාසිතා මේ මුහුණ ට වඩාත්ම ගැළපෙනවා .
පුර හඳ වගේ ලස්සන රවුම් මුහුණක් ඔබට තියෙනවා නම් මෙන්න මේ විලාසිතාවන් හොඳින්ම ගැලපේවි.
Long layered cuts,choppy pixie cuts,short side bangs
මෙහිදී මුහුණේ ස්වභාවය තරමක් උල් හැඩයක් ගන්නවා.කම්මුල් සහ නලලට සාපේක්ෂව නිකට දිගයි.
Layered that finished at the eyes ,cheek bones.choppy pixie cuts,short side bangs.මෙවැනි මුහුණු හැඩයකට වඩාත්ම සුදුසු යි.
ඔබට අවශ්‍ය මුහුණේ මුහුණේ දිග ස්වභාවය තරමක් අවම කර ගැනීමට නම් වඩාත් නොඋස්,ෆ්ලැට් විලාසිතා කෙරෙහි යොමුවීම වැදගත්.ඕවල් ශේප් මුහුණ ට ආසන්නයෙන් යුතු හැඩයකුත් ඇති දිගටි මුහුණු හමුවන නිසා නිවැරැදි ලෙස මුහුණේ හැඩය හඳුනාගත යුතු වෙනවා.
Textured Bob,sleek low pony,long loose waves,shoulder length with bangs මේ මුහුණේ හැඩයට වඩා ගැලපෙනවා.
දැන් ඔබ ඔබෙ මුහුණේ හැඩය හොඳින් ම දන්නවා.
ඔබට අවශ්‍ය කුමනාකාරයේ කොන්ඩා කැපීම් විලාසිතාවක් ද කියා පහසුවෙන් ඔබට සොයා ගන්නට පුළුවන්.
විශේෂයෙන් කිව යුතු දෙයක් වන්නේ මේ සෑම කොණ්ඩා විලාසිතාවක්ම ඉංග්‍රීසි භාෂාවෙන් නම් කර ඇති නිසා ඒ නමින් අන්තර් ජාලයේ වැඩි විස්තර සෙවීමට ඔබට හැකියාව තියෙනවා.
Saru FM Media