ඔබේ පෙනුම වැඩිකර පෙන්වන කෙටි කොණ්ඩ විලාසිතා…

0
11


කෙටි කොණ්ඩය කියන්නෙත් මේ වන විට ලෝකයේ තරුණියන් අතර බොහොම ජනප්‍රිය දෙයක්. කෙටි කොණ්ඩයකින් බොහොමයක් විලාසිතා මවන්නට පුළුවන්. ඒ නිසා එවැනි කෙටි කොණ්ඩවලට ගැලපෙන විලාසිතා කිහිපයක් ඔබත් එක්ක බෙදා ගන්න අපි හිතුවා.

මේක ඉතාම සෞම්‍ය වගේම හුරුබුහුටි විලාසිතාවක්. ඒ වගේම පවත්වාගෙන යන්නත් අමාරු නැති උණුසුම් දේශගුණයකට ගැළපෙන විදියේ කොණ්ඩ විලාසිතාවක් බලාපොරොත්තු වෙන ඔබට ගැලපෙනම එකක්

මේ විලාසිතාව තරමක් පිරිමි කොණ්ඩ විලාසිතාවක් වගේ පෙනුනත් වයසින් අඩු කෙළිලොල් තරුණියකට නම් ඉතාම ගැලපෙන කොණ්ඩ විලාසිතාවක්. ඉතාම කෙටි කොණ්ඩයකට මෙය සුදුසුයි 

අවුල් සහගත පෙනුමක් තියෙන කොණ්ඩ විලාසිතාවක් සමහර වෙලාවකට හොඳයි කියලා ඔබට මේ විලාසිතාව දැක්කම හිතෙන්නට පුළුවන්. හොඳ ඝනකමක් සහිත කෙටි කොණ්ඩයකට මේ විලාසිතාව හොඳින්ම ගැලපෙනවා.

ලේයර් කට් එකක් යෙදූ කෙටි කොණ්ඩයේ පිටතට පේන කොටසට පමණක් අළු පැහැයක් ගල්වලා ඇතුලත සම්පූර්ණයෙන්ම ස්වභාවික කළු පැහැය ඉතිරි කරන කොණ්ඩ විලාසිතාවක් තමයි Ash Blonde Layered Bob with Black Root කියන්නේ. මේකත් කෙටි කොණ්ඩයක් සහිත ඔබට ගැලපෙන නවීනම විලාසිතාවක්.

ඉදිරිපසින් ඔබේ නිකට තෙක් දිග නමුත් පිටුපසින් ඉතාම කෙටි හිසකෙස් විලාසිතාවක් තමයි මේ. සාමාන්‍ය කෙටි හිසකෙස් විලාසිතාවකට වඩා තරමක් වෙනස් පෙනුමක් ඔබට මේ විලාසිතාවෙන් ගෙන එනවා.

ඔබේ කොණ්ඩයට අපූරු පෙනුමක් ගෙන දෙන මේ විලාසිතාව තවත් හැඩ කරන්නට නම් මේ සඳහා ඔබට සුදුසු හිසකෙස් වර්ණයක් යොදන්න පුළුවන්. පිටුපසින් කෙටි වගේම ඉදිරිපසින් තරමක් දිග මේ විලාසිතාව අක්‍රමවත් ස්ථර සහිත එකක් වගේ පෙනුනට මේ වන විට ලෝකයේ තරුණියන් අතර ජනප්‍රියම විලාසිතාවක්.

Signature look එකකට කැමති ඔබට ගැලපෙනම කොණ්ඩ විලාසිතාවක් තමයි Pearl White Pixie Bob කියන්නේ. සුදු හෝ සුදු වලට සමාන පැහැයක් ඒකාකාරිව යෙදූ මේ විලාසිතාව තරුණියන් අතර වගේම මේ වන විට තරුණයන් අතරත් ජනප්‍රියයි.

වේගයෙන් යාවත්කාලීන වන ලෝකයේ විලාසිතා කියන්නෙත් හරිම ඉක්මනින් වෙනස් වෙන දෙයක්. ඉතිං කාලෙන් කාලෙට හිස කෙස් විලාසිතාවක් මාරු කරන එකේ කිසිම වරදක් නෑ. ඒ නිසාම කෙටි කොණ්ඩයක් සහිත ඔබට,  මේ විලාසිතා හතෙන් ගැලපෙන එකක් තෝරාගන්න දැන් පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here