ඔබේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමන සුවිශේෂීය ආයුර්වේද කැඳ

0
11


පවතින වසංගත තත්ත්වයට හොඳින් මුහුණදීම සඳහා ශරීරයෙහි ප්‍රතිශක්තිකරණය ඉතාමත් වැදගත් සාධකයක් වීම් හේතුවෙන් අන් කවර කාලයකටත් වඩා ප්‍රතිශක්තිකරණය ගැන මේ කාලයේදී ඔබ උනන්දුයි. අද අපි මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔබේ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවමින් ආරක්ෂාව තහවුරු කරන ආයුර්වේදයේ එන සුවිශේෂී කැඳ වර්ග කිහිපයක් ගැනයි.

මෙම කැඳ වර්ගය මගින් ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීම වගේම තවත් ප්‍රයෝජන බොහොමයක් ලබා දෙනවා.

ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම

සෙම් රෝග පාලනය

අක්මා ගත රෝග වල්ට ඉතාමත් ගුණදායකයි
ශරීරය පිළිකා ශෛල විනාශ කිරීම

ආහාර දිරවීම පහසු කිරීම

අක්මා සෛල ආරක්ෂා කිරීම

අවශ්‍ය වන ද්‍රව්‍ය:

හීන් බෝවිටියා කොළ ඉස්ම

කැකුළු හාල් මිටක්

පොල්කිරි කෝප්ප එකක්

ලුණු තේ හැදි 1යි

සුදු ලූනු බික් 3 ක්

ඉගුරු කැබැල්ලක්

සාදන ආකාරය:

කැකුළු හාල් හොඳින් සෝදා විනාඩි 15ක් වතුරේ පොඟවා ගැනීම

පසුව හොඳින් කැබලි හිටින සේ අඹරා ගැනීම

මැටි භාජනයක් ගෙන වතුර පිරිසි කෝප්ප හතරක් යොදා කැබලි හිටින සේ අඹරාගත් කැකුළු සහල් මද ගින්නේ පිස ගැනීම

හොඳින් හැඳි ගාමින් එයට පොල්කිරි එක් කර ගැනීම

හීන් බෝවිටියා කොළ ඉස්ම හොඳින් තැම්බෙමින් තිබෙන කැකුළු සහල් එකට එකතු කර ගැනීම

අවසානයේ සුදු ලූණු,ඉගුරු එක් කර ගැනීම

ඉන් පසුව විනාඩි තුනක් මද ගින්නේ පිස ගැනීම

මෙම කැඳ වර්ග යේ ගුණ:

සෙම් රෝගවලට ඉතා ගුණදායකයි

ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම

කොලෙස්ටරෝල් පාලනය

හෘද රෝගවලට ඉතාමත් ගුණදායකයි

ශරීරය පිළිකා ශෛල විනාශ කිරීම

ඇදුම රෝගයට ඉතා හොඳයි

කැඳ සාදා ගන්නා ආකාරය



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here