ඔබේ පවුලේ ගැටලු විසඳා ගන්න ඔබ සමීප කරගත යුතුම තිදෙනෙක්.

0
13


“ගේ ගිනි පිටට දෙන්න එපා.” මේ අපේ ජන සමාජයේ ප්‍රකට කියමනක්.ඒත් ඔබේ පවුලේ සෑම ගැටලුවක්ම අස්සක් මුල්ලක් නෑර දැනගත යුතු තිදෙනෙක් ඉන්න බව ඔබ දැනගෙන හිටියා ද?

එහෙම හැම දෙයක්ම හැමෝම දැනගෙන ඉන්න ඕනෑ නෑ කියලා ඔබ දැන් අපි එක්ක තර්ක කරයි.ඒත් ඔබ ගැටලුවකට මැදි වෙන ඕනෑම වෙලාවක මුලින්ම පිහිටට එන තුන්දෙනෙක් ඉන්නවා.මේ තුන්දෙනාව ළං කරලා තියා ගන්න එක පවුලේ කටයුතු බොහොමයක් පහසු කරාවි.

අත්‍යවශ්‍ය කාරණා සඳහා විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කරන වෙලාවල්වලදී හැරුණම ඔබේ පවුලට “ෆැමිලි ඩොක්ට” කෙනෙක් හිඳීම හරිම වැදගත්.හිතෙන හිතෙන වෙලාවට විවිධ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්න ගියාම ඔබේ රෝග ඉතිහාසය සම්පූර්ණයෙන් ඔවුන් නොදැන සිටීම, ඔබට ඒ බව පුනපුනා කියන්නට සිදුවීම සාමාන්‍ය දෙයක්.එවිට සිදු වන්නේ ඔබ හිරිහැරයට පත්වීමක්.ඒ වගේම ඔබට යම් කාරණාවක් අමතකව ගියොත් හානියක් සිදු වෙන්න තියන ඉඩ පවා වැඩියි.

පවුලේ වෛද්‍යවරයෙක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනෑ කාරණා.

මේ කාරණාත් සැලකිල්ලට අරන් පවුලේ වෛද්‍යවරයෙක් තෝරා ගන්න.

අපිට නීතියේ පිළිසරණ අවශ්‍ය වෙන මොහොත මේ යැයි තීරණය කර තබන්න බෑ.හදිසි රිය අනතුරකට හෝ යමකට ලක් වීම, පවුලේ අන්තිම කැමති පත්‍ර සැකසීම,ඉඩම් සම්බන්ධයෙන් වන අර්බුද, පවුලේ දේපල සහ හිමිකම් සම්බන්ධ ලියවිලි සැකසීම,දරුවෙකු කුල වද්දා ගැනීම වගේ කාරණා වලට වගේම දික්කසාදයක් ලබා ගැනීමටත් අපිට නීතිවේදියෙකුගේ සහය අත්‍යවශ්‍යයි.
එක් එක් නඩු සහ ලියවිලි සඳහා විවිධ නීතිඥවරුන් තෝරා නොගෙන ඔබ එක් නීතිඥවරයෙකු හරහා පවුලේ සියළු නීති කටයුතු කරගැනීමේ වාසි රැසක් තියනවා.ඔබේ පවුලේ නීති ඉතිහාසය දැන සිටීම, ඔබේ දේපල සහ හිමිකම් සම්බන්ධයෙන් දැනුමක් ලබා තිබීම, ඔබේ සමාජීය ආර්ථික මට්ටම් ගැන දැනුමක් තිබීම වගේම ඔබේ මානසික මට්ටම ගැන පවා එක් නීතිඥවරයෙක් සමඟ කටයුතු කරද්දී ඔහු හෝ ඇය නිගමනයකට එනවා.

ඒ නිසා නීතිය සම්බන්ධයෙන් පිහිට පතන ඕනෑම අවස්ථාවක එක් නීතිඥවරයෙකුගේ සහය පැතීම හරිම වැදගත්.

අපේ මනස ජල බඳුනක් වගේ.ඉතා ස්වල්ප අපද්‍රව්‍යයක් නිසා අපිරිසිදු වී යන්න පුලුවන්.එවැනි අවස්ථාවලදී කඩිනම් මනෝ උපදේශනයකට යොමු වීමේ පැහැදිලි වැදගත්කමක් තිබෙනවා.එය බොහෝ ගැටලු පැතිරීමට නොදී සමනය කරන්නට හේතුවක්.
පවුලක් ලෙස මනෝ උපදේශනයට යොමු වීමේදී ගෙදර අය හැම කෙනෙක්ම එක් මනෝ උපදේශකවරයෙක් තෝරා ගැනීම හරිම වැදගත්. ඔබේ පවුලේ ගැටලු ඉතිහාසය,ඒවා පැන නගින්නට හේතු, ඔබ එක් එක් අයගේ මානසික තත්වයන්, පවුලේ ආර්ථික සහ සමාජීය තත්වයන් ගැන දන්නා එකම මනෝ උපදේශකවරයෙක්ගෙන් අවශ්‍ය වෙන ඕනෑම මොහොතකදී උපදෙස් පැතිය යුතු වන්නේ ඒ උපදේශකවරයා ඔබ ගැන අවබෝධයක් සහිතව සිටින නිසා. ඒ වගේම ඔබටත් ඔහු හෝ ඇය ගැන විශ්වාසයක් ගොඩ නැගී තිබීම තත්ත්වය වඩා පහසු කරනවා. එය ඔබේ ගැටලුව ඉක්මනින් විසඳෙන්නට ලොකු පිටුවහලක්.

මේ තුන් දෙනා පවුලට සමීප කර තබාගැනීම බොහෝ කරදර සහ හිරිහැර ඔබෙන් පලවා හරින හේතුවක් බව දැන් පැහැදිලි නේද?



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here