ඔබ මොන තරම් කාර්‍යබහුල උනත් දවස අවසානයේදී ඔබ පැමිණෙන්නේ ඔබේ නිවසට. නමුත් ඔබේ නිවස අපිරිසිදු සහ කලබලකාරී පෙනුමක් ගන්නා තැනක් නම් ඔබේ වෙහෙස දෙගුණ තෙගුණ වන බවට සැකයක් නෑ. නිවසක් පිරිසිදුව සහ පිළිවෙලට තාබා ගැනීම ඇත්තටම අපහසු දෙයක් නෙමෙයි. එය සති අන්තය වන තුරු කල් තබා ගත යුතු දෙයකුත් නෙමෙයි. අද අපි ඔබට කියන්නේ ඔබේ නිවස නිරන්තරයෙන්ම පිරිසිදුව තබා ගැනීමට ටිප්ස් කිහිපයක් ගැනයි.
ඔබට සුව නින්දක් සහ සැනසිලිදායක හැඟීමක් ලබා දෙන්නේ ඔබේ නිදන කාමරයයි. ඒ නිසා එය පිළිවලට සහ පිරිසිදුව තබා ගැනීම වැදගත්.ඒ සඳහා ඔබ කල යුතු පළමු දෙය නම් උදෑසන අවදි වූ සැණින් ඔබේ ඇද සකස් කිරීමයි. මෙය පහසු කර ගැනීම සඳහා සරල ඇඳ ඇතිරිලි , අඩු කොට්ට ප්‍රමාණයක් ඔබේ ඇඳ මත තබා ගැනීම ඔබට කළ හැකියි.
ඔබ උදෑසන කාලයේදී ආහාර පිළියෙළ කිරීම සඳහා භාවිතා කළ සියලුම භාජන සහ උපකරණ හොඳින් පිරිසිදු කර ඒ ඒ ස්ථානවල ගබඩා කර නිවසින් පිටවීම පුරුද්දක් කරගන්න. ඒ වගේම ඔබ කාර්යාලයට යාමට සූදානම් වීමේදී ඇඳුම් කිහිපයක් උත්සාහ කර බැලුවා නම් ඒවාද නියමිත තැන්වල තබා යන්න. කිසිම අවස්ථාවකදී එවැනි කටයුතු සවස් කාලයේ ඔබ නිවසට පැමිණි පසුව කිරීමට ඉතිරි කර යන්නට එපා.
ඔබේ නිවසේ පවතින සෑම කුඩා දෙයකටම එයට නියමිත වූ තැනක් තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබේ ඇඳුම් වලට නියමිත වූ තැන ඔබේ අල්මාරිය සේ අනෙක් සෑම කුඩා දෙයක්ම ඒවාට නියමිත ස්ථානයේ තැබිය යුතුයි. ඔබ කුමක් හෝ දෙයක් භාවිතයට ගත්විට නැවත ඒවා නියමිත වූ ස්ථානයේ තැබීම පුරුද්දක් කර ගන්න.එසේ වූ විට ඔබේ නිවස අපිළිවෙල වීම සිදුවන්නේ නැහැ.
ඔබ මුළුතැන්ගෙයි වැඩ අවසන් කල පසු විෂබීජ නාශක දියර භාවිතා කර අනිවාර්යයෙන්ම සියලු මතුපිටවල් හොඳින් පිස දමන්න. එවිට දුර්ගන්ධය හැමීම සහ කෘමි සතුන් බෝවීම වළක්වා ගන්නට පුළුවන්.
ඔබ සතිපතා හෝ දින කිහිපයකට වරක් සාප්පු සවාරියේ යෙදෙන කෙනෙක් නම් එම අවස්ථාවලදී බඩු ගබඩා කරන විට ශීතකරණය පිරිසිදු කිරීම පුරුද්දක් කර ගන්න. ඉතිරි වී ඇති ආහාර වර්ග ඉක්මනින් භාවිතයට ගැනීම සහ භාවිතයට ගැනීමට නොහැකි ආහාර වර්ග ඉවත් කරන්න. ශීතකරණයේ තට්ටු සබන් වතුරෙන් සහ පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.
රාත්‍රියේදී ආහාර පිසින භාජන උදෑසන කාලයේදී පිරිසිදු කිරීම සඳහා ගොඩ ගසා තැබීමෙන් වළකින්න. නැත්නම් ඔබේ මුළුතැන් ගෙයට ඉතා ඉක්මනින් කෘමි සතුන් බෝවීම සහ මීයන් බෝවීම සිදුවනවා. ඒ වගේම ඉඳුල් අපද්‍රව්‍ය රාත්‍රී කාලයේදී සම්පූර්ණයෙන්ම මුළුතැන්ගෙයින් ඉවත් කරන්න.
ඔබ අලුතෙන් ඇඳුමක් මිලදී ගන්නා විට ඔබ සතුව දැනටමත් ඇති ඇඳුම්වලින් කිහිපයක් ඒවා අත්‍යවශ්‍ය වෙන කෙනෙකුට පරිත්‍යාග කරන්න ඔබට පුළුවන් .ඒ වගේම ඔබ මුළුතැන්ගෙය සඳහා අලුත් උපකරණයක් මිලදී ගන්නා විට ඔබ වැඩිපුර භාවිතා නොකරන උපකරණ ඒවා ප්‍රයෝජනවත් වන කෙනෙකුට ලබා දෙන්නට පුළුවන්. සෑම විටම ඔබ නිවසට අලුතින් දෙයක් එකතු කර ගන්නා විට ඔබේ නිවසේ වැඩිපුර ඇති දේවල් ඉවත් කිරීමට වග බලා ගන්න. එවිට අනවශ්‍ය දේවල් නිවසේ එකතු වීම වැලක්වෙනවා.
පොළොව යනු ඔබේ නිවසේ ඉතා ඉක්මනින්ම අපිරිසිදු වන කොටසයි. ඒ වගේම විෂබීජ පහසුවෙන් රැඳෙන සහ පැතිරෙන කොටසයි. ඒ නිසා දිනකට වරක්වත් පොළොව පිරිසිදු කිරීම කළ යුතුයි. ඔබ උදෑසන කාලයේ ඉතාම කාර්යබහුල කෙනෙක් නම් මේ සඳහා ඔබට රාත්‍රී කාලයේ යොදා ගන්න පුළුවන්.
ඔබ ඔබේ පවුලේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව පිළිබඳව බොහෝ දුරට සිතන කෙනෙක් නම් මේ කාරණාව අතිශයින්ම වැදගත්. වැසිකිලි බඳුන පිරිසිදු කිරීම යනු ඔබ දිනපතා අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. එහි පිරිසිදු බව ඔබේ සනීපාරක්ෂාව සඳහා සෘජුවම බලපානවා. ඒ නිසා ඔබ මොන තරම් කාර්යබහුල කෙනෙක් වුණත් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
ඔබ සති අන්තයේ රෙදි සේදීමේ කටයුතු කරන කෙනෙක් නම් ඇත්ත වශයෙන්ම ඔබ කළ යුතු වන්නේ සති අන්තය තෙක් ඔබේ කිලිටි වූ රෙදි ගොඩ ගසා ගැනීම නොව අවම වශයෙන් දින දෙකකට වරක් වත් ඒවා සේදීමයි. එයින් ඔබේ රෙදි ක්ශුද්‍ර ජීවීන් නිසා ඉක්මනින් හානියට පත් වීම වැළක්වෙන අතර සති අන්තයේ විවේකීව ගත කිරීමට ඔබට තවත් කාලයද ලැබෙනවා.
ඔබේ නිවස සෑම මොහොතකම පිරිසිදුව තබා ගැනීම පහසු කරවන ටිප්ස් ගැනයි අද අපි මේ ලිපියෙන් ඔබට කරුණු ගෙන ආවේ.
Saru FM Media