අප නිවසේ එදිනෙදා මෙන්ම දිගුකාලීනව එකතු වෙන කසළ කියන්නේ අපට මහත් ගැටළුවක්.පසුගිය දිනවල පැවති කසළ පිලිබඳ කතිකාවන් සියල්ලම කසළ ගොඩට එකතු වී අවසන්.එහෙත් සමාජයක් විදියට අපට අපගේ කාර්ය භාරයන්ගෙන් පළා යා හැකිද ?මවක ගෘහණියක ලෙස අප අපගේ කසල කළමනාකරණය කිරීම අවම මට්ටමින් හෝ සිදුකිරීම අතිශයින්ම ඵලදායි වෙනවා. ඉතින් අප ආරාධනා කාරන්නේ ඔබේ කොටස ඔබ ඉටුකිරීමට සුදානම් වන්න කියායි.
සමහර විට ඔබේ නිවසත් සිලි සිලි මලු වලින් පිරී ඉතිරුණ එකක් විය හැකියි. මේ මගින් වන හානිය නැවත නැවත මතක් කර දිය යුතුවත් එය ඔබ නොදන්නේවත් නොවෙයි.ප්‍රධානම දෙය මේ මලු තොගය අවම කරගැනීම වෙනුවෙන් කරදර වීමට ඇති අපේ කම්මැලිකම.එයයි මහා පාරසරික විනාසයක් බවට පෙරලෙන්නේ
ඉතින් වෙළඳ පොලට යනවිට මල්ලක් රැගෙන යාමෙන් දිනපතා ඔබේ කසළ ගොඩට එකතුවන පොලිතින් මලු ප්‍රමාණයෙන් සෑහෙන්න කොටසක් අඩුවෙනු නිසැකයි .
නිවසට ගෙනෙන පොලිතින් මලු සෝදා වේලා මනාව අසුරා තැබීමෙන් ඔබට අවැසි වෙලාවට භාවිතා කිරීමට හැකියාව තියෙනවා .
බොහෝ විට අප කඩෙන් හෝ ජංගම රථ වලින් පාන් බනිස් වැනි දෑ මිලදී ගැනීමට යාමේදී බෑගයක් රැගෙන යන්නේ නැහැ. වෙනම බෑගයක් ඒ සඳහා තබා ගැනීමෙන් පොලිතින් බෑග රැසක් භාවිතය අවම වනවා.
නිවාස අසලටම පැමිණෙන මාළු වෙළෙන්දන් තවමත් සුලබ දසුනක්.එවැනි අවස්තාවක භාජනයක් රැගෙන යාමෙන් පොලිතින් භාවිතා නොකර සිටිය හැකියි .ඒ විතරක් නෙවෙයි වෙළඳ පලෙන් මස් මාළු මිලදී ගන්නට යාමේදී හොඳින් පියන වැසෙන බඳුන් දෙකක් රැගෙන යාමද ඔබට කල හැකි දෙයක්.
රැකියාවට යාමේදී හෝ නිවසින් පිටවන විට මල්ලක් රැගෙන යාමෙන් හදිසි අවශ්‍යතාවකදී භාවිතයට ගැනීමේ හැකියාව තිබෙනවා.පසුම්බියක් ලෙස හකුලා තබා ගත හැකි විසිතුරු බෑගයක් හෝ ඔබ විසින්ම නිම කරගත් බෑගයක් මේ සඳහා යොදා ගත හැකියි.
කෑම රැගෙන යාමට සෞඛ්යාරක්ෂිත කෑම බහාලුමක් භාවිතා කරන්නට හුරුවෙන්න .එලෙස කෑම බහාලුම් කිහිපයක් වරින් වර භාවිතා කිරීම සඳහා නිවසේ තබාගන්න.
මෙලෙස වෙන වෙනම කසළ බැහැර කිරීම මගින් ඔබට අමතර ආදායමක්ද උපයා ගත හැකියි.කඩදාසි ප්ලාස්ටික් වැනි දෑ අලෙවි කිරීම මඟින් මෙන්ම කුස්සියෙන් ඉවත් කරන ආහාරමය දිරා යන ද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් සාදා ගත හැකියි .
– චම්මි –
Saru FM Media