දුව ඉපදුණු දවස, මගේ අතට එයාව ලැබුණු මුල්ම මොහොත මට අද වගේ මතකයි. ඒත් දැන් දුවව දකිද්දි මට හිතෙනවා කාලය කොයි තරම් නම් ඉක්මණට ගෙවිලා ගිහින්ද කියලා. එයා, තව ටික දවසකින් තරුණියක් විදියට ජීවිතයට මුහුණ දේවි. ඔබේ දියණියත් වැඩිවිය පත්වීමට ආසාන්න වයසේ වෙන්න පුළුවන්. මව්වරුන් විදියට අපි ඒ ගැන අපේ අදහස් බෙදාහදාගමු. මොකද අපිට පැවරෙන වගකීම සුළු පටු නෑ. ඒ වගේම දියණියට හො`දම මිතුරිය විය යුත්තේ අම්මා බවත් හො`දින් සිහි තබා ගන්න.
මේ අවස්ථාව කුමන ස්ථානයකදී කොයි ආකාරයෙන් උදාවේද යන්න පිළිබ`දව අපි නොදනී. අන්න ඒ නිසාම දියණියගේ ශාරීරික වෙනස්කම් පිළිබ`දව සැලකිලිමත් වීම වැදගත්. මන්ද ඒ අනුව යම් යම් සීමාවන් තුළ මේ කාලපරිච්ඡේදයේ කටයුතු කිරීමට හැකියාව අපිට ලැබෙනවා. උදරයේ වේදනාව එහෙමත් නැතිනම් කොණ්දේ වේදනාව පිළිබ`දව ඇය නිතර නිතර පවසයි නම් ඒ පිළිබ`දව සැලකිලිමත් වන්න. ඒ අවදානයට පිටස්තර ස්ථානයකදී ඇයට මුහුණදීමට සිදුවන අපහසුතාවය මගහැර ගැනීමට විශාල සහයෝගයක් ලබා දිය හැකියි.
මවක් දියණියගේ පෞද්ගලික ගැටලූ දැන සාකච්ඡුා කළ යුතුය. ඇය කියන්නට පසුබට වුවද ඇය සතු යම් යම් ගැටලූ සොයා බලා ඇයගෙන් ඒ පිළිබ`දව සොයා බලා දැනුම ලබාදීම මෙන්ම අත්දැකීම් බොදාහදා ගැනීමට මවක් සූක්‍ෂම විය යුතුය. එවිට දියණිය සිය මව සමග දුක සතුට මෙන්ම ජීවිතය බෙදාහදාගනු ඇත.
ඔබට මතකද? මේ අත්දැකීම ලැබුණු පළමු අවස්ථාව. අපේ සිත් තුළ ඇති වුණු බය, නොසන්සුන් බව, ලැජ්ජාශීලී බව, කිසිවෙකු දෙස හිස ඔසවා බැලීමට පවා නොහැකි වූ ආකාරය.
සැබවින්ම ඔසප් චක‍්‍රය ආරම්භ වීමත් සමගම ගෙවෙන ඉදිරි දින කිහිපය ඉතාම අපහසු, වේදනාකාරි, නොසන්සුන්ව ගත කෙරෙන දින කිහිපයකි. මවක් සැමවිටම දියණියට සමීපව හි`දිමින් ඇයෙගේ අපහසුතාවයන් වෙනුවෙන් සහය දැක්වීම ඉතා වැදගත් වේ. ඇතැම්විට දියණිය මව සමග මේ කිසිවක් නොපවසමින් පීඩනයට පත්ව මේ දින කිහිපය ගෙවා දමනවා විය හැකිියි. නමුත් දියණියට ඇති ගැටලූ සහගත තත්ත්වයන් පිළිබ`දව විවෘතව සාකච්ඡුා කොට අවශ්‍ය විස`දුම් සහ සහනයන් ලබාදීම මවකගේ යුතුකමයි.
වැඩිවිය පැමිණි විගස දියණියක් මේ අපහසුතාවය පිළිබ`දව ඉතාම කලකිරීමෙන් කාලය ගත කරනවා විය හැකියි. අන්න ඒ නිසාම
මෙවන් ගැටලූ පවතී නම් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. ඇයගේ අපහසුතාව වලක්වාගැනීමට සුදුසුකම් ලත් වෛද්‍යවරියක් තෝරාගත හැකි නම් එය දියණියගේ සිතට මහත් ඇස්වැසිල්ලක් වනු නියතය.
ඇතැම් මව්වරුන් මේ දිනවලදී ඇතැම් ආහාර වර්ගවලින් දියණිය ඈත් කර තබයි. නමුත් මේ දින කිහිපය තුළ සිරුරෙන් රුධිරය වැඩි ප‍්‍රමාණයක් පිටව යන බැවින් පෝෂ්‍යදායී ආහාර ඇයට ලබාදීම වඩා වැදගත් වේ. එසේ නැති වූ විට යම් යම් ඌණතාවයන්ට දරුවාට ඉදිරියේදී මුහුණ දෙන්නට සිදු වනු ඇත. මන්දයත් සෑම දියණියක්ම මේ පෙර මග සකසන්නේ අනාගතයේදී උත්තරීතර මව්පදවිය හොබවන්නට නිසාය.
Saru FM Media