නිරෝගී දරුවෙක් මව්පියන්ගේ එකම පැතුම වුවත් යම් යම් හේතු මත දරුවෙකු රෝගී තත්ත්වයට පත් වීම සැබවින්ම දුක්ඛිත තත්ත්වකි. විශේෂයෙන්ම තමන්ගේ දරු පැටියා දියවැඩියා වැනි රෝග තත්ත්වයකට ගොදුරු වීම මව්පියන් ලෙස දරා ගැනීමට අපහසු තත්ත්වයක්. එය එසේ වුවත් අතරමග හැරීමට නොහැකි මව්පියන් වන ඔබේත් මගේත් වගකීම් සමුදායේ කිසිවක් අත්හැරිය නොහැකි බවයි. අන්න ඒ නිසා දියවැඩියාව නොව ඊට වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවත් ධෛර්යවන්තව දරුවාද කැටුව ඉදිරියට යාමට මාපියන් වශයෙන් අපි ශක්තිමත් විය යුතුමය.
දියවැඩියා තත්ත්වය හේතුවෙන් දරුවෙකුට මුහුණ දීමට සිදු විය හැකි සංකූලතා පිළිබඳව අපි දැනුවත් වෙමු.
කීටෝ ඇසිඩෝසියාව
මෙහිදී මේදය බිඳ හෙලීම නිසා රසායනිකයක් වන කීටෝන දේහ ඇති වන අතරම එමගින් රුධිරයේ ආම්ලිකතාවය වැඩි වීම සිදු වේ. මේ තත්ත්වයේදී රෝහල් ගත වී ප‍්‍රතිකාර ගත යුතුය. බොහෝ විට දැඩි සත්කාර ඒකකයේදී සාත්තුව ලබාදේ. ප‍්‍රතිකාර නොකළහොත් දියවැඩියා කෝමා තත්ත්වයට පත්වන අතරම මේ තත්ත්වයේදී දරුවා අසිහිය තත්ත්වයට පත්වේ. මෙසේ වන්නේ රුධිරයේ ඇති අධික සීනි ප‍්‍රමාණය නිසා මොළය ඉදිමීම හේතුවෙනි.
මෙය ඇති වීමට හේතු වන්නේ,
මන්ද මධුරක්තිය (Hypoglycemia)
එනම් ඉන්සියුලින් ලබාදෙන විට හෝ වෙනත් ප‍්‍රතිකාරයකදී රුධිර ගත සීනි ප‍්‍රමාණය අඩුවීමය.
දරුවෙකු දියවැඩියා රෝග තත්ත්වයට ගොදුරු වීමට ඇති අවධානම් සාධක
දියවැඩියා තත්ත්වයට ගොදුරු වූ දරුවෙකුට ලබා දිය යුතු ප‍්‍රතිකාර හා සාත්තුව
ඉන්සියුලින් ප‍්‍රතිකාරය
මෙම ප්‍රතිකාරය Type I ආකාරයේ රෝග තත්ත්වයේදී ලබාදේ. මෙහිදී උදෑසන ආහාරය පැය ½ ට පෙර ඉන්සියුලින් ලබාදීම (වර්තමානයේ ඇති ඉන්සියුලින් වර්ග සමහරක් ආහාර ලබාදෙන විට ලබාදිය හැක) සිදු කෙරේ.
මෙහිදී,
ඉන්සියුලින් ලබාදීමේදී ඉන්සියුලින් සන්‍යාසය (කෝමා) ඇතිවිය හැක. ඇතැම්විට මෙහිදී රුධිරයේ සීනි මට්ටම ක්‍ෂණිකව අඩුවිය හැකි අතරම ඒ තත්ත්වයේ ලක්‍ෂණ ලෙස,
මේ තත්තවයට හදිසියේම නිවසේදී මුහුණ දීමට සිදු වුවහොත් සීනි සහිත පානයක්/ග්ලූකෝස් වැනි යමක් බීමට දිය යුතුය.
දරුවාගේ වර්ධනය හා විකසනය නිසි තත්ත්වයේ පවත්වා ගැනීමට,
දියවැඩියා තත්ත්වය ඇති දරුවා වෙනුවෙන් දෙමාපියන් දැනුවත් විය යුතු වැදගත් කරුණු
දියවැඩියා තත්ත්වයට ගොදුරු වූ දරුවෙකු සිටී නම් දරුවා මෙන්ම මාපියන්ද පහත කරුණු පිළිබඳව වැඩි අවධානය යොමු කිරීම වැදගත් වේ.
1.ව්‍යායාම, චිත්තවේගීය ආතතිය හා ආසාධන තත්ත්ව සමගින් ඉන්සියුලින් අවශ්‍යතාව වෙනස් වන ආකරය දරුවාට පැහැදිලි කිරීම මගින් ක්‍රියාශීලී දින චර්යාවකට දරුවා යොමු කිරීම.
2.මධුමේහ ආම්ලිකතාවය (Diabetic Reto Acidosis) ඉන්සියුලින් කෝමා තත්ත්වය හඳුනාගන්නා ආකාරය මෙන්ම එය වැළැක්වීමට සහ ප‍්‍රතිකාර පිළිබඳව දැනුවත් විය යුතුය.
3.ආසාධන වැළැක්වීමට ගත යුතු පියවර ක්‍රියාත්මක කළ යුතුය
ආසාධන සඳහා ඉක්මන් ප‍්‍රතිකාර
4.ගැලපෙන සුවපහසු පාවහන් තෝරාදීම
5.කාලගුණයට ගැලපෙන ඇඳුම් තෝරාදීම
6.වයසට නියමිත ප‍්‍රතිශක්තීකකරණය ලබා දීම
7.මුත‍්‍රා පරීක්‍ෂාව සිදු කිරීම පිළිබඳව දැනුවත් කිරීම.
8.ආහාර පාලනය උනන්දු කරවීම සහ උදව් වීම
9.ඉන්සියුලින් ලබා දීම පිළිබඳව දරුවා දැනුවත් කිරීම
10.නිරීක්‍ෂණය යටතේ දරුවාට නිවැරදිව එන්නත් මාත‍්‍රාව ගැනීමටත් එන්නත ලබාගැනීමටත් (වයස් සීමාව අනුව හැකියාව නම්) සැලැස්වීම
Saru FM Media