” ආනේ… දුව කණ්නාඩි දානවද ?” දැන් නම් ඔයා වෙදාටත් වඩා ලස්සනයි. කණ්නාඩි පළඳින දරුවන්ට වැඩිහිටි කාන්තාවන් මෙසේ පවසන ආකාරය මට කිහිපවිටක්ම කන වැටී ඇත. ඒ සෑම අවස්ථාවකදීම මා සිතින් සිතුවේ එය දරුවෙක්ට ආභරණයක් ද යන්නයි. නමුත් ඇස්වල යම් දුර්වලතාවයක් නිසා දුකට පත්ව සිටින යමක් තේරුම් ගත හැකි වයසක දරුවෙකුට නම් එය යම් ආකාරයක සිතට සතුටක් දනවන කියමනකි. කෙසේ වුවද ඇස් කන්නාඩි පැළඳීමට ඔබේ අකෂි වෛද්‍යවරයා ඔබට නිර්දේශ කළේ නම් ඒ දරුවාට එය අත්‍යවශ්‍ය නිසාම විය යුතුය. මව්පියන්ට එය හිතට ගෙනෙන්නේ දුකක්, කණගාටුවක් වුවද මේ ලිපිය හරහා ඔබට ගෙන එන්නේ ඔබේ දරුවා ඇස් කණ්නාඩි භාවිත කරයි නම් වැඩිහිටි ඔබ විසින් අවධානයට යොමු කළ යුතු කරුණ කිහිපයකි. දරුවා ඒ සඳහා හුරුකරවීමට සහ අවශ්‍ය පහසුව සලසා දීම පිළිබඳවයි.
උපැස් යුවළ පළදින මුල් අවස්ථාවේදී එය දරුවාට නුහුරු බවකින් යුතුය. එසේම එය දරුවාට ගෙන එන්නේ අපහසුතාවයකි. ඒ පිළිබඳව දරුවාට සරලව පහදා දෙන්න. පළමු දින කිහිපය අපහසුවක් හිරිහැරයක් සේ දැණුනද දින කිහිපයකින් එය දරුවාට හුරු වන බවත් එතැන් සිට එය පළඳා ඇති බව ඔබටම අමතකව යන තරමටම නොදැනෙන බවද වටහා දෙන්න. එසේම මෙය අවශ්‍යතාවය මත පැළදීම ඉතා වැදගත් බවත් දරුවාට පැහැදිලි කරන්න. යහළු යෙහෙළියන්ගේ උසුළු විසුළුවලට ලක්වුවහොත් ඒවා නොසළකා හරින ලෙසත් දෑස්වල දුර්වලතාවයන් සහිතව සිටින්නේ ඔබ පමණක් නොවන බවත් වටහා දෙන්න. උපතින්ම අන්ධ දරුවන් සිටින අතරම ඔවුන්ද ඉතා ඉහළට ඉගෙන ගනිමින් සමාජයේ ඉහළ තලයට පැමිණ ඇති බව දරුවාට පවසන්න. සිත ශක්තිමත් කරන්න. කැඩෙන, බිදෙන මෙවැනි දේ පාවිච්චිය පිළිබඳව දරුවන්ට අවබෝධයක් නොමැති නිසා ඉතා සංයමයෙන් ඒ පිළිබඳව අවබෝධ කරවන්න.
Saru FM Media