දරුවන්ගේ ආහාර ගැනීමේ රටාවන් දරුවාගෙන් දරුවාට වෙනස් වන බව ඔබ දන්නා කරුණක්. ඒත් ආහාර ගැනීම ඔබේ දරුවාට අපහසුවක් ගෙන දෙන තත්ත්වයක් නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වඩා වැදගත් වනු ඇත. මන්ද ඇතැම් දරුවෙක් එවැනි තත්ත්වයන් මත අහාර ප්‍රතික්ෂේප කිරීමට පවා ඉඩ ඇති බැවිනි. මේ ලිපිය හරහා අප සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නේ දරුවන්ට ඇතිවිය හැකි ගිලීමේ අපහසුතා සහ ඒවාට කළ යුතු වන්නේ කුමක්ද යන පිළිබඳවයි.
ගිලීමේ අපහසුතාවය (dysphagia difficult in swallowing) ලෙස හඳුන්වන්නේ ඝන හෝ දියර ආහාරයක් මුඛයේ සිට අන්තශ්‍රෝතය හරහා අමාශයට ගමන් කර යැවීමේ නොහැකියාවයි. මෙය රෝග තත්ත්වයක් නොවන අතර රෝග ලක්‍ෂණයක් ලෙස හ්න්දින්විය හැකියි. මේ තත්ත්වය ආකාර 02 ක් යටතේ සාකච්ජා කල හැකියි.
ආහාර ගැනීම සඳහා මුඛය, තොල් හා දිව භාවිතයට අති අපහසුතාවය
ඉහත තත්ත්වයන් ඇති වීමට හේතූ 2 ක් බලපායි.
ගිලීමේ අපහසුව ඇති කරන තත්ත්ව
තොල දෙකට බෙදීම හා උඩු තල්ලෙහි දිගු අතට ආලියක් (Canal) ඇති වීම. ජාන බලපෑම නිසා ආරයට ඇති විය හැකි තත්ත්වයකි.
මෙහිදී ආහාර දත්වල හොඳින් නොගැටීම හේතු වේ.
අර්බුද (tumor), ස්නායු අනතුරු, මොළයට සිදුවන අනතුරු, පේශී ක්‍ෂය වීම එනම් මෙහිදී ආඝාතය (Paralysis) තත්ත්වයක් හෝ දිව, උගුර හා අන්තශෝත්‍රයේ පේශීවල ක්‍රියාකාරීත්වය දුර්වල වීම, මස්තිෂ්ක වාහිනී අනතුරු (Cerebral Vascular Accidental Stroke)
Tracheo Oesophageal Fistala – TOF)
ස්වසන මාර්ගය සහ අන්තශෝත්‍රය අතර අසාමානව සම්බන්ධතාවයක් ඇති වීම
Oesphageal Atreshia
අන්තශෝත්‍රයේ ඉහළ කොටසට අන්තශෝත්‍රයේ පහළ කොටස හා ආමාශය සමඟ සම්බන්ධ නොවීමයි. අන්තශෝත්‍රය අතර මඟ සිහින් වීම.
උදා: හෘදය විශාල වීම, පෙනහලු විශාල වීම, තයිරොයිඞ් ග්‍රන්ථිය විශාල වීම, රුධිර වාහිනී, වසාගැටිති ඉදිමීම
උදා: නොමේරූ දරුවන්
ප්‍රතිකාර/පිළියම්
මෙම තත්ත්වය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ දරුවාට උත්ස්වසනය (පිට උගුරේ යාම) සිදුවිය හැකි නිසාය. මෙහිදී ආහාර හෝ දියර පෙනහලු තුළට යාමෙන් නියුමෝනියාව වැනි දරුණු පෙනහලු ආබාධ ඇති විය හැක. මෙහිදී ලබාදෙන ප්‍රතිකාර තීරණය වන්නේ දරුවාට ඇති ගැටලුවෙහි තීව්‍රතාවය මතය. සමහර තත්ත්ව ශල්‍යකර්ම මගින් නිවැරදි කළ හැක.
උදා: විදිලිත තල්ල, Tracheo Oesphageal Fistula, Oesphageal Atreshia
ගිලීමේ අපහසුතාවය මඟහැරවීමට නම්
■ තොල්, දිව, කම්මුල් හා හනුවේ පේශීවල සම්බන්ධීකරණය ශක්තිමත්භාවය, චලන පරාසය වර්ධනය වීම
■ ආහාර හා තරලවලට ඇති සංවේදී බව අඩු කිරීම
■ රාත්‍රී ආහාරය නින්දට අවම පැය 3 පෙර ගැනීම හා කෑමෙන් පසු පැය ½ පමණ වාඩි කර තිබීම
■ ප්‍රති ආම්ලික ඖෂධ මගින් ආමාශයේ අම්ලය නිෂ්පාදනය අඩු කරයි.
■ ඖෂධ මගින් ආහාර ජීර්ණ පද්ධති තුළින් වේගයෙන් පහළට යාමට උදව් වේ
ගිලීමේ අපහසුතා ඇති දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ
Saru FM Media