“අනේ අම්මා ඔලුව රිදෙනවා”
“බොරු කියන්නෙ නැතිව ඉන්න ළමයෝ ”
“නැහැ අම්මා ඇත්තමයි.”
බොහෝ විට දරුවෝ හිසරදය යැයි පවසන විට අපි දක්වන්නේ එවැනි ප්‍රතිචාරය. එහෙත් හිසරදය කියන්නෙ වැඩිහිටියන්ට පමණක් හැදෙන රෝගයක් නම් නොවේ. ළමා රෝග සායනවලට පැමිණෙන දරුවන් අතර බහුලව පවතින තවත් රෝගයක් ලෙස හිසරදය හැඳින්විය හැකි බව ඔබ නොදන්නවා විය හැකිය. වයස අවුරුදු පහට වඩා අඩු කුඩා දරුවන්ද හිසරදයෙන් පීඩා විඳින අවස්ථා ඇත.එහෙත් තමන්ට දැනෙන මේ වේදනාව වැඩිහිටියන්ට ප්‍රකාශ කරන්නට පුංචි පැටවුන්ට තේරුමක් නොමැති නිසා ඔවුන් නිතර හැඬීම හා නුරුස්නාගතියෙන් පසුවීමකුත් දකින්නට හැකිය.අදහස් ප්‍රකාශ කළ හැකි වයසේ දරුවො නම් තමන්ට හිසරදය ඇති බව වැඩිටියන්ට ප්‍රකාශ කරයි.
හිසරදය ඇති වන්නේ එක හේතුවක් නිසා නම් නොවෙයි. දරුවන්ට හිසරදය ඇති වන්නට හේතු කාරණා කිහිපයක්ම ඇත. ඒ අනුව හිසරද මෙසේ වර්ග කළ හැකිය.
දරුවකුට නීරෝගීව වැඩීමට නම් කායික මෙන්ම මානසික වශයෙන් නිදහස් බාවයක් අවශ්‍යවේ. එහෙත් අද අධ්‍යපන රටාව අනුව දරුවන්ට ඇත්තේ විභාග පසු පස හඹා යාමේ දැවැන්ත සටනකි. පාසලින් නිවසටත් නිවසින් උපකාර පන්ති වෙතත් දිව යන දරුවන්ට ස්වභාව ධර්මය විඳගන්නටත් එහි සැරිසරන්නටත් කාලවේලාව අහිමිව ඇත. ඇතැම් දරුවන් විභාගයට ඇති බිය නිසා මානසික ආතතියට ලක් වේ. තමන් බලාපොරොත්තු වන පරිදි ලකුණු ලබා ගත හැකිවේද? සමත්වන්නට හැකිවේද? යැයි අනවශ්‍ය ලෙස බියට පත් වීම එයට හේතුවයි. එසේම දෙමාපියන්ගේ කාර්්‍යය බහුලත්වය නිසා දරුවන් සමග ගත කරන්නට, ඔවුන්ට සවන් දෙන්නට කාල වේලාවක් නොමැති වීම නිසා හුදකලා වීම නිසාවෙන්ද දරුවන් ආතති හිසරදයට ගොදුරු වේ. බොහෝ විට ආතති හිසරදයට ගොදුරුවන්නේ ගැහැණු දරුවන්ය.
දරුවන්ට ඇති වන ආතති හිසරදයට බොහෝ විට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය නැත. ආතති හිසරදයට හේතු වූ කාරණය සොයාගෙන එයට පිළියම් යෙදීම තුලින්ම මෙම තත්ත්වයෙන් දරුවන් මුදාවා ගතහැකිය.
ඉරුවාරදය හෙවත් මිග්්‍රරේන් යනුවෙන් හඳුන්වන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ වරින් වර ඇති වන හිසේ කැක්කුමයි. හිසේ එක් පැත්තක පමණක් ඇති වන ඉරුවාරදය බොහෝ විට තද හිරු එළියට නිරාවරණය වීම නිසා ඇති විය හැකි බව සත්‍යයක් වුවද හිරු එළියට නිරාවරණය නොවී වුවද ඉරුවාරදය ඇති විය හැකිය. ඉර අව්වට නිරාවරණය වීමත් සමග ඉතා ඉක්මණින් උත්තේජනය වන ආකාරයේ ලක්ෂණ පෙන්වන හෙයින් ඉරුවාරදය ලෙස හඳුන්වන හිසරදය මොළය තුල රසායනික ක්‍රියාකාරීත්වයෙ වෙනස්කම් නිසා ඇති වන තත්ත්වයකි. ඉරුවාරදය දරුවකුට වැළඳුන විට ඉතාමත් අධික ලෙස දැනෙන හිසේ වේදනාව නිසා ඔවුන්ගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ කටයුතු මෙන්ම අධ්‍යපන කටයුතු අඩපණ වේ.
දරුවාගෙන් දරුවාට මෙම පූර්ව රෝග ලක්ෂණ වෙනස් විය හැකි බව මතක තබා ගත යුතු අතරම පූර්ව සංඥාවකින් තොරව වුවද ඉරුවාරදය ඇති විය හැකිය.
ඉරුවාරදය නිට්ටාවට සුවකිරීම සඳහා ප්‍රතිකාර මේවන තෙක් සොයා ගෙන නොමැත. ඖෂධ මගින් ලබා දීම තුලින් රෝගය බොහෝ දුරට පාලනය කිරීම සිදු කරයි. සාමාන්‍යයෙන් ඖෂධ නිර්දේශ මාස හයකට පමණය. ඊට හේතුව මෙම ඖෂධ මගින් අතුරු ප්‍රතිඵල ඇති විය හැකි නිසාවෙන්ය.
අපගේ හිසේ නාසය අවට හා නළල ආශ්‍රිතව වායූ කුටීර හෙවත් කෝඨරය පිහිටා ඇත.කෝඨර පදාාහයේදී සිදුවන්නේ නාසය අවට හා හිස තුල පිහිටි හිස් අවකාශ වාතයෙන් පිරී හිසට සැහැල්ලුවක් ගෙන දිය යුතු කෝඨර තුල ඝණ දියර, මස් දළු හෝ දිලීර එකතු වීමයි. මෙසේ කෝඨර අවහිරයට පත්වූ විට දරුවන්ට හිසරදය ඇතිවේ.
දරුවන්ට හිසරදය ඇති වීමට බලපාන තවත් හේතුවක් වන්නේ ඇස්වල දෘෂ්ඨි ආබාධයි. කුඩා දරුවන් බොහෝ විට ගොදුරු වන්නේ අවිදුර දෘෂ්ඨිකත්වයට වේ. වර්තමානයේ අක්ෂි වෛද්‍ය විද්‍යවේ ඉතා බරපතළම ගැටලුව බවට පත්වී ඇත්තේ අවිදුර දෘෂ්ඨිකත්වයට පත්වන පිරිස ඉහළ යෑමය.
මොළයේ ගෙඩියක් වැනි යමක් ඇතිවීම ඉතාම දුර්ලභ හේතු වේ.
වැනි රෝග ලක්ෂණ දරුවා වෙතින් පෙන්නුම් කෙරෙයි නම්, දරුවාගේ මොළය සහ හිස ආශ්‍රිතව කිසියම් ගෙඩියක් ඇති බව නිගමනය කළ හැකිය. හිසේ ස්කෑන් පරීක්ෂාවකින් මේ බව තහවුරු කරගත හැකිය. අධික විකිරණශිලීත්වය දරුවන්ට සුදුසු නොවන නිසා දරුවකුට CT ස්කෑන් පරික්ෂණයක් සිදු කරන්නේ ඉතාමත් අත්‍යාවශ්‍ය වුවහොත් පමණි.
කන තුළ ඇතිවන යම් යම් ආබාධ නිසා ද දරුවන්ට හිසරදය ඇති විය හැකිය. ඩෙංගු උණ,වෛරස් උණ ,උගුරේ ඇතිවන ආසාදන, දත් නරක්වී මුඛය තුළ ඇතිවන ආසාදන, මෙනින්ජයිටිස්, නිසාද දරුවන්ට නිතර හිසරදය ඇති වේ.
හිසරදය වැඩිහිටියන්ට සීමා වූ තත්ත්වයික් යැයි නොසලකන්න. ඔබේ දරුවා දිගින් දිගට හිසරදයෙන් පීඩා විඳින බව පවසනවා නම්, ඔබට දැනෙනවානම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු කොට ප්‍රතිකාර ලබා ගත යුතුය.
Saru FM Media