විලාසිතාවලට ප්‍රිය කරන බොහෝ කාන්තාවන් ලෝකයේ පවතින ට්‍රෙන්ඩ් ගැන උනන්දුවක් දක්වනවා. ඒ නිසා තමයි අපි 2020 වසරේ ඉහළම අලෙවියක් පෙන්නුම් කරන,ඉහළම නිමාවක් හා තත්ත්වයක් සහිත තරමක් මිල අධික වුවත් කාන්තාවන් අතර ජනප්‍රිය හෑන්ඩ් බෑග් ට්‍රෙන්ඩ් ගැන ඔබට කියන්න හිතුවේ.
මේ සන්නාම ( brand name) වලින් අලෙවි වෙන හෑන්ඩ් බෑග් වර්ග තමයි මේ දිනවල ඉහළම තත්වයක් සහිත නිශ්පාදන පාවිච්චි කරන්න කැමති කාන්තාවන් අතර ජනප්‍රියම.මේ නිෂ්පාදන තරමක් මිල අධික වුවත් උසස් ප්‍රමිතිය නිසාම වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වීම විශේෂයි. ඒ වගේම මේ බ්‍රෑන්ඩ් නේම් වලින් ගත්තු හෑන්ඩ් බෑග් එකක් ඔබ පාවිච්චි කරන විට ඔබේ ස්මාර්ට් ලුක් එක ඉහළ යනවා විතරක් නොවෙයි ඔබ තත්වයද කැපී පෙනෙන බවකින් ඉහළ යනවා.
මෙය වඩා ජනප්‍රිය එහි ලෙදර් නිමාව නිසාමයි. ඔබට සර්ප සමක් වැනි මතුපිටක් ඇති බෑගයක් ලෙස මේ වර්ගය මිලදී ගන්න පුලුවන්. මේ පෙනුම නිසාම එයට සුඛෝපභෝගී පෙනුමක් ලැබී තිබෙනවා.
මෙයත් බොහෝ ජනප්‍රිය හෑන්ඩ් බෑග් එකක්. පසුම්බිය සහ ෆෝන් එක පමණක් රැගෙන යන්න කුඩා අත් බෑග සොයන කාන්තාවන් අතර බොහෝ ජනප්‍රිය බෑගයක්.
වැදගත් පෙනුමැති අත් බෑගයක් සොයන කාන්තාවන් අතර බොහොම ප්‍රචලිත බෑග් එක තමයි මේ. මේ හෑන්ඩ් බෑග් නිර්මාණය කරන්නේ එදිනෙදා ගමන් වලට ගැළපෙන ලෙස වුණත් එහි Unique පෙනුමක් ඇති බව නොකියාම බෑ.
පෙනුම වඩා ස්මාර්ට් කර පෙන්වන්නට අවශ්‍ය නම් තෝරා ගත යුතු වර්ගයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. පෙනුම සහ කල්පැවැත්ම යන කාරණා දෙකම ඉහළ අගයක පැවතීම නිසා මේ වර්ගයත් ලෝකයේ ට්‍රෙන්ඩ් එකක් වී අවසන්.
මේ බෑග් වර්ගයත් ට්‍රෙන්ඩ් අතරේ නිතරම පවතින්නක්. කළු ලෙදර් බෑග් සහ රත්‍රන් පැහැ බකල් සහිත බෑග් වර්ග ජනප්‍රිය විලාසිතාවක් ලෙස හැමදා ඉදිරියෙන් පවතිනවා
ඔබට දඟකාර පෙනුමක් අවශ්‍ය නම් මේ ඒ පෙනුමට ගැළපෙනම හෑන්ඩ් බෑග් වර්ගයක්. හදවත් හැඩයේ රූප සහිත කුඩා සත්ව රූප සහිත කළු, දුඹුරු පැහැ ලෙදර් බෑග් මේ විලාසිතාවේ හමු වෙනවා.
වඩා ජනප්‍රිය ඔරලෝසු සඳහා වුණත් මේ බ්‍රෑන්ඩ් එක හොඳ හෑන්ඩ් බෑග් සඳහාත් ප්‍රචලිතයි. ඉඩකඩ ඇති හෑන්ඩ් බෑග් මේ විලාසිතාව යටතේ හමු වෙනවා.
මේ හැම බ්‍රෑන්ඩ් එකක්ම මිල අධික බව නොකියාම බැහැ. මිලදී ගැනීම හෝ එකතු කිරීම එතරම් පහසුත් නැහැ. නමුත් සිහින පවත්වා ගැනීම අපූරු නිසා එවන් සිහින දකින ඔබ වෙනුවෙන් තමයි මේ ලිපිය.
Saru FM Media