ඔබේ ගෙවත්තට එක් කරගත යුතු ඔසු පැළය – කෝමාරිකා

0
12


කෝමාරිකා වැඩි වශයෙන් වියළි කලාපයේ වැවෙන පැළෑටියක්. එහෙත් මේ පැළෑටිය කවර දේශගූණික තත්ත්වයක් යටතේ වුණත් වගා කරගැනීමේ හැකියාව තිබෙනවා. හිරු එළියට පිළිස්සී ගිය සමට කෝමාරිකා කදිම ආලේපනයක්. ඉදිමුමකට, තුවාල සඳහා සහ හිසකෙස් සත්කාරයක් ලෙසත් භාවිත කළ හැකියි. ඒ වගේම කෝමාරිකා හොඳ පවිත්‍රකාරයක්. ඔබේ සම සිනිඳු කරගන්නට මොයිස්චරයිසර් එකක් ලෙසත් කෝමාරිකා භාවිතා කරන්න පුලුවන්.

උණු දියෙන් පිළිසුණු සමට කෝමාරිකා ආලේප කිරීමෙන් සිසිලසක් දැනෙනවා. රස්නය ඇති වෙලාවට සම කසන ගතියක් දැනුණොත් ශීතකරණයේ තැබූ කෝමාරිකා කැබැල්ලක් ගෙන එහි ඇති ජෙලි කොටස ගෙන පුළුන් කැබැල්ලකින් ආලේප කිරීමෙන් සමට සුවයක් දැනෙනවා.

කෝමාරිකා මදයක සියයට අනූවක් පමණ ජලය අඩංගුයි. ඒ වගේම විටමින් ඒ, විටමින් සී, විටමින් විටමින් ඊ වගේම ෆෝලික් ඇසිඩ්, මිනරල් ආදිය අඩංගු වෙනවා.
කෝමාරිකා ශාකයේ මැද තියෙන ජෙලිමය කොටස රූපලාවණ්‍යයට වැදගත් වෙනවා.

කෝමාරිකා බඳුන් වගාවක් ලෙස ඔබට වගා කිරීමට හැකියි. අත් බෙහෙතක් ලෙසත් ඔබේ රූපලාවණ්‍ය කටයුතු සඳහාත් ඔබේ ගෙවත්තේ කෝමාරිකා වගා කරගැනීමට අමතක කරන්න එපා.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here