ඔබේ ගමනට Smart look එකක් එකතුකරන බෑග් වර්ග

0
11


බෑග් කොපමණ ප්‍රමාණයක් ඔබ ළඟ තිබෙනවාද? අරගත්න බෑග් තියන්න තැනක් නෑ කියන එක නිතර ඇසෙන මැසිවිල්ලක්. දැක්ක ගමන් ගත්තට සමහර බෑග් අවුරුදු ගනණාවකින් අල්ලවත් නැතිව ඇති. ඒ ඒ තැනට ගැලපෙන බෑග් එකක් ගෙනියන එක Smart fashion එකක්. මුදල් අනවශ්‍ය ලෙස වියදම් කරන්නේ නැතිව හොඳ පෙනුමක් ගන්න මේ බෑග් වර්ග 7න් ඔබට පුළුවන්.

walletනැවෙන්නෙ පොඩි වෙන්නෙ නැතිව මුදල් නෝට්ටු තියාගන්න වගේම හැඳුනුම්පත සහ බැංකු කාඩ් පත් අසුරලා තබාගන්නත් පසුම්බියක් අත්‍යාවශ්‍යයි. ටිකක් මුදල් වියදම් වුනත් හොඳ නිමාවක් සහිත පසුම්බියක් කල්පැවැත්ම අතින් මෙන්ම පෙනුම අතින්ද වැදගත් බවක් ගෙන දේවි.

coin purseහදිසියකදි හැම තැනම හොයන්නෙ නැතිව පහසුවෙන් ගන්න පුළුවන් විදියට මාරු කාසි තබා ගන්න පුළුවන්නම් කොයි තරම් පහසුවක්ද? එය ඔබේ අත් බෑගයේ සහ පසුම්බියේ කල් පැවැතමටත් උපකාරී වනු ඇත. අඩු මුදලට ගන් පුළුවන් පියකරු කාසිමලු වෙළඳපළේ සුලබයි.

Tote3කාර්යයාලයට, Interview එකකට, ගමනට බිමනට නැතිවම බැරි උපාංගයක්. Smart පෙනුමැති අත් බෑගයකින් ඔබේ පෙනුම වැඩි දියුණු කරගන්න පුළුවන්. මුදල් ටිකක් වියදම් කරල හොඳ අත් බෑගයක් තබාගන්න. එය වටිනා ආයෝජනයක්.

4බඩු ගන්න තියෙන වෙලාවට හරි පොත් ටිකක් ගෙනියන්න මෙය ඉතාම ප්‍රයෝජනවත්. පොලිතින් උරයක දමාගෙන යනවාට වඩා පෙනුමයි සහ පරිසර හිතකාමීයි. ශකතිමත් අලංකාර මෙවැනි බඩු මල්ලක් පහසු මිලට ලබා ගන්න පුළුවන් වගේම පහසුවෙන් තමන්ටම නිර්මාණය කරගන්නත් පුළුවන්.

රාත්‍රී සාදයකට හෝ විශේෂ උත්සවයකට සහභාගී වන විට හැමදාම ගෙනියන මල්ලම ගෙනියන්න බැහැ. Lipstick එකක් Tissues ටිකක් ගෙනියන්න පුළුවන් විසිතුරු කුඩා බෑගයක් ඔබේ ඇඳුමට නව පෙනුමක් එක් කරනු ඇත.

61මේක ගොඩක් අය දන්නෙ නැති සහ අමතක කරන උපාංගයක්. දවසකට දෙකකට එළියට යන්න හෝ Gym එකට යන්න වුණොත් අතට අහුවෙන මල්ලක දාගෙන යන්න පුරුදුවෙලා ඉන්නෙ. ඒක එතරම් ලස්සන දෙයක් නෙමෙයි. හැල්ලු Day Bag  එකක් තෝරා ගත්තොත් Smart and Fashionable විදියට ගමනක් යන්න පුළුවන්.

 

7දුර ගමනක් යද්දි හිතේ කරදරයක් නැතිව හොඳින් බඩු ටික Pack කරගෙන යන්න ගමන් මල්ලක් තියන එක ඉතාම වැදගත්. මතක ඇතිව සාමාන්‍ය ප්‍රමාණයේ බර අඩු නිසි නිමාවෙන් යුතු දිගු කාළයක් පාවිච්චි කරන්න පුළුවන් Travelling Bag එකක් තෝරා ගන්න. භාවිතාවට නොගන්න වෙලාවට නිතර පාවිච්චි නොකරන තොප්පි වැනි දෑ අසුරා තබාගන්නත් පුළුවන්.

 

 

 

 

 

 

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here