ඔබේ ආදර සබඳතාව ශක්තිමත් කර ගන්න වැදගත් smart tips 10 ක්

0
14


සම්බන්ධතාවන් පටන්ගන්න හිතන තරම් අමාරු නැහැ. ඒත් ඒවා ස්මාර්ට් විදියට පවත්වගන්න එක හිතන තරම් ලේසි නැහැ. ඒක ඇත්තටම පුංචි මැජික් එකක්. දෙන්නා අතරෙ හොඳ සන්නිවේදනයක් තියාගෙන මේ උපදෙස් අනුගමනය කරන්න. ප‍්‍රතිඵල නිසැකයි. 

විශ්වාසය කියන්නෙ  ඕනෑම සම්බන්ධතාවක පදනමයි. විශ්වාසය ඉබේම ඇතිවන්නේ නැහැ. විශ්වාසය ඇතිවන අයුරින් කටයුතු කිරීමයි වැදගත්. නියමිත වෙලාවට වැඩ කිරීම, පොරොන්දු ඉටු කිරීම, වචන කඩනොකිරීම වගේ ම තමන් වෙනුවෙන්  ඕනෑම වෙලාවක අනිත් කෙනා ඉන්නවා කියන විශ්වාසයත් සබඳතාවක දී ඉතා වැදගත්. සමහර වෙලාවට සම්බන්ධය ආරක්ෂා කරගන්න බොරු කීමෙන් එය ආරක්ෂා වෙනවා කියලා සමහරු හිතන්න පුළුවන්. කවදාවත් එහෙම වෙන්නෙ නැහැ. හැමවිට ම ඇත්ත කීම දෙදෙනා අතරේ විශ්වාසය ගොඩනගන්න ප‍්‍රබල හේතුවක් වෙනවා.

සබඳතාවක දී එකිනෙකා අගය කිරීම ඉතාමත් ම වැදගත්. එයින් තමන් අනිත් කෙනා කෙරෙහි සැලකිලිමත් බව පෙන්වනවා. ආත්මාභිමානය ඉහළ නැංවෙනවා. කෙනෙක් සතුටු කරන්න, දිරිමත් කරන්න, හොඳම දේ තමයි අගය කිරීම. හැබැයි අගය කිරීම ව්‍යාජ නොවිය යුතුයි.  ඕනෑවට වඩා අතිශයෝක්තියෙන් අගය කරන්න ගියොත් ඔබ ගැන අනික් කෙනාගේ විශ්වාසය නැතිවෙනවා.

හැඟීම් සහ සිතිවිලි එකිනෙකා සමඟ බෙදා ගැනීමෙන් දෙදෙනාට ම දෙදෙනා ගැන පැහැදිලි අවබෝධයක් ඇතිකරගන්න පුළුවනි. එදිනෙදා ජීවිතයේ සිදුවීම් පමණක් නොවෙයි, දෙදෙනා එක්ව කටයුතු කරනවිට තමතමන්ට දැනෙන හැටි, පහසුවට හෝ අසීරුවට පත්වන අවස්ථා, සන්නිවේදනය කරගන්න. උදාහරණයක් හැටියට මගේ උපන්දිනය ඔයාට අමතක වුණ එක ගැන මට ලොකු දුකක් ඇතිවුණා. වැනි අදහස් ප‍්‍රකාශකිරීමක් නිසා ඔබ ඔබේ සහකරුගෙන් එවැනි දේ බලාපොරොත්තු වන බව දන්වන්නට පුළුවනි.

එකිනෙකාගේ සතුට සැනසීම වගේම ආරක්ෂාව, සෞඛ්‍ය තත්වය, මානසික නිරෝගීබව ගැන අවංකව ම සැලකිලිමත් වෙන්න. සබඳතාවන් ශක්තිමත් වන්නේ දෙදෙනාම දෙදෙනාගේ සතුට සහ යහපත වෙනුවෙන් සැලකිලිමත් වූ විටයි.

වර්තමානයේ බොහෝ දෙනෙකුගේ සම්බන්ධතා වේදනාවකින් අවසන් කරදැමෙන්නේ අවංක නොවීම නිසයි. අවංකව කතාකිරීම, අවංකව කටයුතු කිරීම, යහපත් සම්බන්ධතාවකට අත්‍යවශ්‍යයි.

කතාබහින්, ක‍්‍රියාවලින්, ඉරියව් තුළින්, පිරිසිදුබවින්, ක‍්‍රමානුකූලබවින්, හැකියා සහ දක්ෂතා තුළින් මේ හැමඅතින් ම දෙදෙනාම දෙදෙනාට ම ආකර්ෂණීය විය යුතුයි.

කතා කළ යුතු සහ නොකළ යුතු දේ, යා යුතු සහ නොයායුතු තැන්, අන් අය සමඟ බෙදාගත යුතු සහ නොගතයුතු දේ, ලිංගික කටයුතු, කෑම්, බීම් ඇඳුම් පැළඳුම් මේ සෑම දෙයක දීම දෙදෙනා අතර කිසියම් පොදු අවබෝධතාවක් සහ එකඟතාවක් පවත්වාගැනීම හොඳ සම්බන්ධයක් පවත්වාගැනීමේ දී අත්‍යවශ්‍යයි.

රහස් පවත්වාගැනීම කිසිසේත්ම පහසු දෙයක් නොවෙයි. ඔබ අනික් කෙනාගෙන් යමක් සඟවා ඉන්නට උත්සාහ කළොත් කෙදිනක හෝ එය හෙළි වූ පසු බිඳ වැටෙන විශ්වාසය නැවත ගොඩනගන්නට අසීරුයි. දෙදෙනාට දෙදෙනා රහසිගතව කටයුතු කරන්නට පටන්ගත්විට ජීවත්වන්නට වන්නේ ලෝක දෙකකයි.

සම්බන්ධතාවක් ශක්තිමත් වන්නේ අවබෝධය ඊට එකතු වූ විටයි. පැරණි පෙම් සබඳතා ආදිය සිහිපත් කරමින් අනවශ්‍ය සැක කිරීම්වලට යොමුවීම සම්බන්ධතාව පලූදු කරන්න හේතුවිය හැකියි. එකිනෙකාගේ රුචි අරුචිකම්, හැඟීම් මානසික තත්වයන් හොඳින් දැන සිටීමෙන් ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වාගන්න පුළුවනි.

දෙදෙනාටම තමතමන්ගේ ජීවිතවලට අනන්‍ය වූ බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරමින් අනාගතය සැලසුම් කළොත් ඉදිරි අභියෝගවලට මුහුණ දෙන්න ඔබ දෙදෙනාටම පහසුයි. මේ අනාගත සැලසුම්වලට රැුකියාව, අලූත් නිවසක්, ඉදිරි අධ්‍යාපනය, දරුවන්, වාහන, විනෝද කටයුතු, ව්‍යායාම ආදී සියල්ලම ඇතුළත් කරගන්නට පුළුවනි.

-නිරංජලා-

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here