හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරු පැටියා නිරෝගීව ඉන්නවා දකින්න ආසයි වගේම ලස්සනට ඉන්නවා දකින්නත් ආසයි. ඉතිං කෑම බීමවලින් හොඳ පෝෂණයක් ලබාදෙන්න වගේම විෂබීජවලින් දරුවා රැකගෙන ලෙඩ රෝගවලින් බේරගන්නත් හැම කෙනෙක්ටම ආසා හිතෙන විදියට ලස්සන කරන්නත් අම්මලා කැමතියි.
ඉතිං මෙතැනදී නම් අම්මා කෙනෙක් බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ.
ඔබ, ඔබේ දරුවන්ගේ ආහාර පාන ගැන සැලකිලිමත් වෙනවා වගේම දරුවා ලස්සන කරන්න කියලා භාවිතයට ගන්න ආලේපන ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. මොකද බිලිඳු සම මල් පෙත්තකටත් වඩා, පිහාටුවකටත් වඩා පුළුන් රොදක් වගේ සිනිඳුම සිනිදු නිසා. මෙන්න මේ හේතුව නිසාම බිලිඳුන් වෙනුවෙන් ස්වභාවික දේවල්ම තෝරාගන්න අම්මලාට පුළුවන් නම් හරිම වටිනවා. රසායන ද්‍රව්‍ය, විෂ වර්ග ළදරු සම හා ගැටෙන්න කොහෙත්ම සුදුසු නෑ. මොකද බිලිඳු සම වැඩිහිටි අපේ සමට වඩා දස වරක් සංවේදී බවින් වැඩියි.
මේ කියන්න යන්නේ ස්වාභාවිකවම බිලිඳු සම පැහැපත් කළ හැකි ක්‍රම කීපයක් ගැනයි. මේ දේවල් එක්ක පැටියට විතරක් නෙවෙයි අම්මටත් ලස්සන වෙන්න පුළුවන්.
උණුසුම් ආමන්ඩ් ඔයිල් සම්බාහනයක් මගින් ඔබේ බිලිඳාගේ සම නිසැකවම පැහැපත් වනු ඇත. එසේම තෙතමනය රැකෙමින් සම වඩාත් සුමුදු කරවයි. මෙම උණුසුම් ආමන්ඩ් ඔයිල් සම්බාහනය මගින් අධි සංවේදී බිලිඳු සමේ සෛල තුළ තිබිය යුතු තෙල් ප්‍රමාණය සමබරව පවත්වාගෙන යාමට හැකියාව ලබාදේ. දිනපතා ඔබේ බිලිඳාට මේ ආකාරයෙන් ආමන්ඩ් ඔයිල් සම්බාහනයක් ලබා දෙන්නේ නම් දිනෙන් දින බිලිඳු සමට වඩාත් පැහැපත් දිදුලන පෙනුමක් හිමිවනු නිසැකය.
මුල් අවධියේ සිටම බිලිඳාත් මාපියන් අතරත් මනා බැඳීමක් ගොඩ නැංවීමට සම්බාහනය සහය වේ. දරුවා මෘදුව ස්පර්ශ කරමින්, යම් වෙලාවක් බිලිඳා සමග ගත කිරීමට මෙහිදී අවස්ථාව උදා වේ. මේ හරහා දරුවා මාපියන් හොඳින් හඳුනා ගනි. ආදරය වටහා ගනී.
සම්බාහනය මගින් ඔබේ බිලිඳාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය හොඳින් සිදුවීම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උදෙසා ඉතා වැදගත් වන අංගයකි.
සම්බාහනයකින් පසුව බිළිඳෙකු ඉතා සතුටින් කාලය ගත කරයි. සුව නින්දකට යොමු වේ.
සම්බාහනය හරහා බිලිඳාගේ මස්පිඬු ලිහිල් වීම සිදු වන අතරම ස්නායු පද්ධතිය උත්තේජනය කරයි. ආමන්ඩ් ඔයිල් හොඳින් සමට උරාගැනීම නිසා සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
උදර සම්බාහනය මගින් කොලික් තත්ත්වයන් සහ මලබද්ධය වැනි අපහසුතා පලවා හැරෙන අතරම බිලිඳාට සුව පහසුවක් ගෙන දෙයි.
ආමන්ඩ් ඔයිල් මේ සඳහා වඩාත් සුදුසු වේ. මන්ද ආමන්ඩ් ඔයිල් විටමින් E සාරයෙන් අනූනයි. විටමින් E සම තුළට අවශෝෂණය වෙමින් සමේ තෙතමනය නිසි පරිදි පවත්වා ගනී. සම සුමුදු කරවන විටමින් E ආමන්ඩ් ඔයිල් මගින් ඔබේ බිලිඳාට ලැබෙනු ඇත.
ඔක්සිකාරකයක් වන විටමින් E,
ඔබේ බිලිඳා උදෑසන හිරු එළියට නිරාවරණය කළ හැකි නම් ස්වාභාවිකවම විටමින් D නිෂ්පාදනයට එය විශාල සහයෝගයක් ලබාදේ. නමුත් එක එල්ලේ වැටෙන හිරු එළියට බිලිඳාගේ සම ඍජුව යොමු කිරීම නුසුදුසු බව තරයේ සිහි තබා ගත යුතුය. හිරු එළියට නිරාවරණය වූ බිලිඳා ඇල්මැරුණු ජලයෙන් සෝදා පිරිසිදු කළ හැකියි. ඉන් අනතුරුව මොයිස්චර්රයිසර් එකක් ලෙස ආමන්ඩ් ඔයිල් ආලේප කළ හැකියි.
පැටියට වගේම අම්මටත් ආමන්ඩ් එක්ක ලස්සන වෙන්න නිරෝගී වෙන්න පුළුවන්. ඔබේ බිලිඳාට මේ සත්කාර කරන අතරේම ඔබ වෙනුවෙනුත් කාලය වෙන් කරගන්න.
Saru FM Media