රෂිකා හෙන්නායක අප්‍රේල් 08 කොළඹ LNW :
ඔබ ගත කරන කාර්යබහුල ජීවිතය , වෙහෙසකාරී බව, ගුණාත්මක නින්දක් නොලැබීම සහ මානසික ආතතිය යන විවිධ හේතූන් නිසා උදෑසනම අවදි වීමේ කාර්යය අපහසු වනවා. නමුත් ඔබ නිදා ගැනීම සහ අවදි වීම නිසි පරිදි සිදු කරනවා නම් කාලයක් ගතවන විට ඔබේ ශරීරය ඉබේම එයට හුරු වෙනවා. එහිදී ඔබට වේලාසනින් අවදි වීමේ කාර්යය අපහසු වන්නේ නැහැ. සුව නින්දක් ලබාගෙන වේලාසනින් අවදි වන්නේ කොහොමද ?
මේ සඳහා කාරණා කිහිපයක් බලපානු ලබයි.
රාත්‍රී කාලයේ ලබා ගන්නා නින්ද ගුණාත්මක නොවීම , මානසික පීඩනය , නින්ද නොයාමේ අපහසුතා , ඔබේ ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව අක්‍රමවත් වීම , නින්දට පෙර ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කිරීම, කැෆේන් අධික ලෙස භාවිතා කිරීම , නින්දට අවශ්‍ය වන අඳුරු පරිසරයක් ඔබේ නිදන කාමරයේ නොතිබීම.
නින්දට යන නිසි වේලාවක් සකසන්න
අවම වශයෙන් පැය හතක හෝ අටක කාලයක නින්දක් ලබා ගැනීම සඳහා ඔබ නින්දට යා යුතු වන්නේ කීයටදැයි ගණනය කරන්න. උදාහරණයක් වශයෙන් ඔබ උදෑසන හතට අවදි විය යුතු නම් අවම වශයෙන් ඔබ රාත්‍රී දහයත් මධ්‍යම රාත්‍රියත් අතර නින්දට යා යුතු වනවා. මේ කාලසටහන ඔබේ ශරීරයට එකවරම හුරු කිරීමට හැකියාවක් නැති නිසා ඔබ සාමාන්‍යයෙන් නින්දට යන වේලාව වෙනස් කරමින් එකම වේලාවකට නින්දට යාම සඳහා උත්සාහ කරන්න.
සති අන්තයේ ප්‍රමාද වී නිදා ගැනීමෙන් සහ අවදි වීමෙන් වළකින්න
සති අන්තයේ ඔබ විවේක ගත යුතු බව සත්‍ය නමුත් සතියේ දින පහ තුළ ඔබ එකම වේලාවක අවදි වී සති අන්තයේ ප්‍රමාද වී නිදා ගැනීම හෝ ප්‍රමාද වී අවදි වීම ඔබේ ශරීරයේ අවදිවීමේ ක්‍රියාවලියට බාධා කරනවා. ඔබ උදෑසන හතට අවදිවන කෙනෙක් නම් සති අන්තයේදී පවා අවම වශයෙන් උදේ හතත් හතහමාරත් අතර අවදි වීමට වග බලා ගන්න. එය වගේම ඔබ නින්දට යන වේලාවත් ඒ ආකාරයෙන්ම වෙනස් නොකර සිටීමට සැලකිලිමත් වන්න.
රාත්‍රියේදී කැෆේන් භාවිතයෙන් වළකින්න
ඔබ කැෆේන් භාවිතා කරන කෙනෙක් නම් දහවල් කාලයෙන් පසුව කැෆේන් භාවිතා කිරීමෙන් වැළකීමට වග බලා ගන්න. කැෆේන් භාවිතා කිරීම සුව නින්දකට බාධා ඇති කරන බැවින් ඔබට උදෑසන අවදි වීම තරමක් ගැටලුකාරී වන්නට පුළුවන්. එම නිසා ඔබට රාත්‍රී කාලයේදී පාන වර්ගයක් ලබා ගැනීමට අවශ්‍ය නම් තේ හෝ කෝපි වැනි පාන වර්ග වෙනුවට ග්‍රීන් ටී , කැමෝමයිල් ටී වැනි ආදේශකයක් භාවිතා කරන්න.
Saru FM Media